Thursday, December 29, 2016

~~ කලකිරීම ~~












තවත් නම් බෑ දුවන්න නුඹ පසුපස
හරිම විඩාවයි නෙතටද සිතටද
ලැබෙන්නේ වේදනාව හැර වෙන
කුමක්ද
කොතරම් දිව්වත් පසුපසම නුඹ
ඒ අතීතයට
මා පෙම් බැන්දද
අද 
අමතක වුවද නුඹට
ඉතින් නවතිමි නොගොස්
තව දුර
සියලු හිමි වීමක් තුළම
අහිමි වීමක් ඇති බව
පසක් කර...

( පාරමී )


~~ කාල අවකාශ සිතිවිලි දහර ~~














සැබවින්ම සිතේ විටෙක
වෙනසක් කෙරුමට
දිවියේ ගත කළ කාලය
ආපසු හැරී අතීතය
වෙතට ගොස්
නොහැකි මුත් තැනුමට
යන්ත්‍රයක් ගමන්
කෙරුමට අතීතයට
තනනු මැන
යන්ත්‍රයක් 

කෙරුමට
සන්නිවේදනය
අන්තර් වර්තී සේම
අන්තර් පුද්ගල ලෙසින්
සිතිවිලි දහරින්
කාලය අවකාශය හරහා
විනිවිද ගොසින්
කරනෙමි සන්නිවේදනය
අතීතයේ විසූ
ඔහුටම

දුර්වල පාසැල් දැනුම
නොමැති සමාජයීය දැනුමෙන්
නියම මග ගමන් කෙරුමට
සන්නද්ධ කරනු වස්
සිතිවිලි තරංගයෙන්
විෂයය දැනුම පාසැල්
තෝරා ගැනුමට සුදුසු ලෙස
උසස් අධ්‍යාපන ඉලක්කයන්
අතර ලැබුමට ජිවිත 
ගමනට දැනුම

නිසි මගේ ඔහු යවන්නට
ලබා දෙන්නට නිසි දැනුම නිති
පුරුදු පුහුණු කෙරුමට
දිවි ගෙවුමට සියල්
සමාජ ස්ථරයන්හි
වියතෙකු නිසි වෘත්තිකයෙකු
ලෙසින් පිළිගැනුමට
වෙනස් කෙරුමට ලබන
අපහස උපහාසයන්
ලෙසට ගෞරවය වන්නට

කරවන්නට අසමතුලිතය
යථාර්ථය සියල් පවතින විශ්වය
සාපේක්ෂතාවය සැබෑ කෙරුමට
තැනුමට නව ලොවක්
යථාර්තවාදී විශ්වයක්
සන්නිවේදනයෙන් අතීතයට
සිතිවිලි අතරින් ඔහුගේ
මනසට වන්නට ගෝචර
කිසිවෙකුත් නොව
ඔහු වෙමි මමද

---රකිත---




Sunday, December 25, 2016

~~ බලාපොරොත්තුව... ~~


හඬන සිතකට සිනා දෙන්නට
ගලන කඳුලැලි පිස දමන්නට
නළල සිඹ හාදුවක් දෙන්නට
නුඹට හැකිවේද ලඟින් ඉන්නට

මංමුලා වූ යුවතියක්
සොයනවා යන්නට ඉසව්වක්
නොදැන වුත් හරි මගක්
අයදිනවා නවතින්නට හිතක්

හැලුනු මලක පෙති යලි අමුණයිද කවුරුත්
බිඳුණු බඳුනක කැබලි යලි අලවයිද කවුරුත්
නිවුනු පහනකට යලි තෙල් දමයිද කවුරුත්
වැරදුනු ජීවිතයකට යලි අත දෙයිද කවුරුත්


( පාරමී )


~~ පැතුම ~~
















කාටවත් අයිති නැති නුඹ
කාගෙවත් වෙන්න බැරි මට
හිතුවෙවත් නැති මේ තරම් දුර
එක්ක අවේ ඇයි තනියම
පැතූ මග සොඳුරුය
ආ මග රළුය
යන මග දුකය
ඉදිරිය බිහිසුණුය
රකින්නට, තැවෙන්නට
බැඳීම් කිසිවක් නැත මෙලොව
පෙම් බඳිමි කසාවතට
දුක් කතරින්
වන්නට එතෙර

( පාරමී )


Thursday, December 22, 2016

~~ සැබෑ ආදරය ~~













හිරු අවරගිර
නික්ම යන
සඳ නැගෙනහිර
දෙසට
නුබ ගැබේ
එකම තැන
නොවෙනස්ව
සදාකල්
රැඳී ඇති
තරුවද සිකුරු
පායනා තුරාවට

කිනම් හැඩයෙන්
කිනම් වෙසකින්
කිනම් අයුරින්
කිනම් වදනින්
කිනම් ලෙසකින්
පැමිණියද ඔබ
සැබෑ ලෙසකින්
කුමක් නම් කරම්ද
අහිමි නම්
කරුමයකටද
නොමැති වාසනවද

අරුම ලෙසකට
පැමිණි විලසක
නොගැලවෙන්නට
නොහැකි ආරෙට
කිනම් හැඩයෙන්
කිනම් වෙසකින්
කිනම් අයුරින්
කිනම් වදනින්
කිනම් ලෙසකින්
පැමිණියද ඔබ
වෙතට හදවත

නුඹේ නම් නුඹටමද
හමුවේවි සෑම දින
හිමි වේවි සදාකල්
සසර ඇති තුරාවට
පින පවට සමබරව
කිනම් හැඩයෙන්
කිනම් වෙසකින්
කිනම් අයුරින්
කිනම් වදනින්
කිනම් ලෙසකින්
පැමිණියද ඔබ


---රකිත---


~~ මත් වතුර ~~












යනවද අදත් බොන්නට වගේ ඊයේ
එපා කියන්නත් බෑ
බොන්න එපා ඔය හැටි
හොඳ නැහැනේ මහත්තයෝ ඇඟට

හිටියා නම් ලඟින් දෙන්නේ නෑ යන්න
තද කරගෙනම ඉන්නවා පපුවට
මගේ සුසුමට නුඹේ උණුසුමත් මුසුවූ කල
මත් වෙයි මත් වතුරටත් වැඩියෙන් ඔන්න

නිර්මාංශ ප්‍රතිපත්ති යහපත් ගුණ ගරුක
නොකියන ගොඩක් දේ තිබුණත් හිත තුළ
මත් වතුරට ලොල් වූ කල සැබවින්ම
සත්තකින්ම නුඹ කියන්නෙම ඇත්ත...

( පාරමී )

Add caption

Tuesday, December 20, 2016

~~ ජංගම දුරකතනයට ~~



නේක වර්ගයෙන් සුසැදෙන
නේක වර්ණයෙන් නිමවන
නේක තාක්ෂණයද මුසුවන
නේක මිනිස් අත හොබවන

ලොකු පොඩි තිර පැතලි මතින්
නිති රඟ දෙන අතැඟිලි අතරින්
සවනත මත විඳිනා මුදු පහසින්
සිහින් හඬින් මුමුණන වදනින්

නේක නාද නිරතුරුව දෙමින්
රූප ශබ්ද සජීවී ලෙසද වෙමින්
සියල් වාහකයන් එක් කරමින්
ලොවක් සොඳුරු ලෙස මවමින්

සැම අත නිරතුරුවම රැඳෙනා
සැප දුක නිති ලැබ දෙන්නා
ලොව අත් තල මතටම එන්නා
ජංගම දුරකථනය ලෙස කියනා


---රකිත---


~~ යට ගිය දවස ~~














ආසයි හොරෙන් ඉගිල්ලිලා ගිහින් නුඹ බලා
හිතේ සතුටින් ඉන්නවද බලන්න
අපි දෙන්නා ගිහින් ඇන්ද වෙරළේ රූ රටා
තියෙනවද කියලා බලන්න

කාලයත් ඉගිල ගොස් ඇත්තේ අපිට
ඔච්චම් කරන්න
මතකයත් ඉගිල ගොස් ඇත්තේ අපිට අපි
අමතක කරන්න

එදා නුඹ දුන්නු හාදුවේ පහස ඇති
ඉඳහිට අදටත් අතීතයට දුවන්න
කඳුළු කැට දිලිසෙන මගේ නෙත් අගට
සිනා රැල්ලක් මවන්න


( පාරමී )


Monday, December 19, 2016

~~ සිහින දකින නිදි කවි ~~




රැය දිගුය සැම කලක
නිතින තනිකඩ සිතට
නිදි නොමැති රාත්‍රිය
ගෙත්තම් කරයි කවි

සඳ කුමරිය නොමැති
තාරුකා පිරි නුබ ගැබ
නිශාචරයන් හඬින් පිරි
අඳුරු මුසු මිහිතල මත

තුන් පමණ යහන් ගැබ
සොයන සඳ පරම සැප
හැඟුමන් තනි සිත තුළ
පොර බදන හීන් සැරට

නිදි නොමැති නෙතින්
සුභ සිහිනයන් මවමින්
මනෝ ලොවක් තුළින්
සොඳුරු බවක් දකිමින්

නිල් නෙතු දිගු වරලසින්
තොල් නාදළු මුදු වතින්
මිහිරි සිනා ශ්වේත දසන්
පිරිපුන් ඒ සොඳුරු ගතින්

මිහිදුම් සේලය ගත දවටා
නෙතින් කාන්තිය විහිදා
සිහින ලොවක පාවී එන
යහන තලා සැප විඳිනා

උගතෙකු වියතෙකු වන
සරසවි වරමක් ලැබුමද
දැනුම් සයුරු කිමිදුමටම
සිතක් සිහින දකිනා සඳ

දින සතකට එක් දිනකට
පහස ලබන සරසවියක
ලැබගනු සම සුදුසුකමක
උපාධියක ගෞරවයද

දිවි ගමනක හැරවුම් තල
සිප් සතරද ආදර සුවයද
හරස් වන්න කාලය මත
ඉකිබිඳිනා තුමු සිතද හදද

අඳුරු කුටිය තුළ සිටිනා
සැඟවෙන නිදි කුමරිකද
පහස පතන නිදිබර ගත
සිහින මැදින් යයි තුරුළට

නව දිනකට නව පැතුමෙන්
අවදි වන්න නිති සුවයෙන්
නිහඬව නින්දට පිවිසෙන
සිහින ලොවක සතුට මැදින්

පතන පැතුම් නිති පූදින්නට
දකින සිහින සැබෑ වන්නට
ප්‍රර්ථනා කරනු මැනවි තුමුද
ඉලක්කයන් ජය ගැනුමට


---රකිත---