සුපිපි කුසුමක රොන් උරනු වස්
මත් බඹරිඳු වන්නට
තලා වෙරළු මල් හෙලා
රත් නෙළුම් පෙති මතට
රඟන්නට නිති රතී ලොව
දැකුම් පා විස්කම් මතින්
මවන්නට නව ලොවක්
සිට දිගු මොහොතකට
දෙතොල මත රැඳි කුළුඳුලේ
හාදුවෙන් ඇරඹි රඟ
ලමැද පුළුලුකුළු වෙත
යනෙනා ගමනක අරුම
වෙලී අත් පා නොවෙනා
දුරට දෙදෙනෙකුද තව
තලා යහන් ගැබ
රැයේ නුරා උණුසුමින් පිරි
කාලයා නොම දැනේ අද
ගෙවෙනා මද අඳුරු කුටි තුළ
වදන් නැති මුදු නැගේ
කෙඳිරිලි හඬින් මුමුණන
පිරි ඉතිරෙන නෙළුම් විල
මුසුව රාගයේ සුවය
වාන් හැර ඇත හැඟුම්
පෙළ මතින් ගැලුමට
රැකි බඹසර අවැසි නැත
කල අකල වන කලට
වෙහෙසකර දිවියකට
අවැසි හැඟුමන් නොලැබ
අදින් පසු අප වෙමුය
අපටම අයිති ලොව
සොයා යමු ආලයේ
සොඳුරු තැන් මෙතැන් සිට
---රකිත---