Saturday, March 31, 2018

~~ මුග්ධකම ? ~~ ( බක් මස පළමු දින වෙනුවෙනි )











කුමට තව
දිනක්
සැමරුමට
මුග්ධයා
ලෙස හණ
ගැසෙන


සියල් වදන්
මැද ඉවසා
වදාරා
සිටීමද
පෙනෙනා
ලෙස මුග්ධ


ළමා කල
පටන් නොවූ
බව වියත්
පවසා සිටි
හඬ වැකේ
සවනත මුග්ධ


නොතේරුම්
කමට කළ
අවුල් ජාලාව
ඇසුවෙමි
වදන සැම
මුග්ධකම ලෙසට


නිසි වයස් කල
නොකළ
රිසි දෑ රිසි ලෙස
පමා වී කරන
කළ කියයි
සරදමින් මුග්ධ බව


කල් කල්කිරියාව
විනයට
නීතියට සිටින විට
උපහාසය කරයි
නියවමින්
මුග්ධයා නමින්


කතුන් හට නොකළ
වරදක්
මත්ව කාමයට
උස් හඬින්
පවසයි ලෙසට
නපුන්සක බවින්


සුරා සූදු
දහදුරා කමින්
නොවන කළ
කරන අපහාසය
නමින්
මුග්ධකම සදා


සොයාගැනුමට
නොහැකි
වූ කළ
ඉරණම් කාරිය
උරුම වූ දිවි
ගමන් මග


වදන් බිණිනා
හඬ
ඇසෙන්නේ
මුග්ධයා නුඹ
හිමි නොවන
ඈ දිවියේ


ද්වේශ නොකරන
තලන
පෙලනා මා නිති
දකින ඔබ
හැම පවසනා
සම වදන


නුඹම නොදකින
නුඹේ
මෝඩ කම
එල්ලා නාමය
අගට
මුග්ධයා විලස


---රකිත---



Wednesday, March 28, 2018

~~ අපූරුව ! ? ~~














අංකිතව පමණක්
නෙතු ගැටුණු
නුදුටු නුඹ සැබෑ
ලොව තුළ
නොගැලපෙන ග්‍රහ
තාරුකා අතර
වෙන්ව ගිය දින ඇත
මතකයක් ලෙස


පෙර දිනක මිතුරෙකු
හරහා
ගෙනා යෝජනාවක
අනුහසින්
හැඳිනියෙමි නුඹ සයිබර්
අවකාශයෙන්
අංකිත ලෙසින් නමුදු
නොව සැබෑවට


වීමි දොඩමළු මුහුණු
පොත්
පණිවුඩකරු උප
ආදමින්
වදන් ගැලපුමෙන්
අලංකෘත
සිත් ගතිමි නුඹ
සොඳුරියේ


ඇඟිලි ගනිමින් සිට
දකිනා තුරු
නුඹේ රුව හමුවී
දිනක
කීකරුව දෙමාපියන්
හට නිතර
බලා සිටියෙමු අපිත්
තාරුකා දෙස


හරස් වූ කළ ඉරණම අපට
කේන්දර යුගල
සමුගත් අයුරු  අංකිතව
දුරකථන හඬින්
ග්‍රහ තාරුකා රුදුරු විද
මේ ලෙස අපට
වෙන් වූ කල හමුනොවී
එක් වරක් හෝ


දින සති මාස වසරෙන්
ගෙවුනු කාලය
දිනක් මහ මග අසල
උදෑසන කල
සේවයට යන දහස්
ගණනක් අතර
නෙතු ගැටුණු සඳ හුරු
පුරුදු මුහුණත


සිනාවෙන් හැඳිනියෙමි රුව
ඔබේ සොඳුරියේ
අංකිත රුවක මෙන් අදද
රූමත්ය ඔබේ හැඩ
මද හසින් තුටු පඬුරු ලැබූයෙමි
නුඹ වෙතින්
නැගණියේ ඔබ දුටිමි සැබෑවට
අහිමි වූ ප්‍රේමයෙන්


රැගෙන යයි රථ තොමෝ එපිටට
නුඹ මා වෙතින්
දනිමි අහිමි බව නොම හැක
හිමිකෙරුමට නැවත
සිහිනයක්ම වූ ලොව නොවූ
ඔබ මයාවක
අපූරුව හමුවීමක වෙන්වීමක
වියෝවක් හා බැඳි


---රකිත---



Tuesday, March 20, 2018

~~ සරදමින් පසු ! ~~












සරදම්ද උපහාස
අපහාස
ඇනුම් බැනුම් ඇති
නිතර
පාරවයි හදවත
සිතද මා
මුත් නුඹලාට වේ
විනෝදය


තනිකඩව සිටුම කිම
විමසා කරුණු
සෝපහස සිනහවෙන්
කියනා වදන්
සිත් රිදෙන බව නොදකිනා
නොමිනිසුන්
කරයි සරදම් විලස වීරකම්
කරනා මුග්ධ


හිරිමල් තරුණ විය පියාණන්
සිටි යුතු කලක
අහිමි විය ඔහු අකලට රෝගීව
සිට කලක්
ඔවදන් අවවාද දැනුම් පිරි
ලොවක් ගැන
පවසන්න කෙනෙකු නොසිටිය
ඒ කාලයක


නුදුටු ලොවකට පා තබන්නට
වරම් නොලැබි කල
කෙසේ නම් දකින්නට විඳුමට
සැබෑ ලොවක්
කල් ගතව ගිය කලෙක පා තැබූ
සමාජය වෙතට
දුටිමි මිනිසුන් වෙසින් සිටි ඒ
අතර නොමිනිසුන්


නුහුරු හැඟුමන් අතර සිත
ඇදෙන මුලාවට
ආලයක පහස නම් ලැබුණු
එක් වරක් නොවන බව
නොනැමේය සිත මෙමා
තලන්නට මල් කැකුළු
කෙලෙස නම් කෙළෙසම්ද
පීදෙනා ඒ කැකුළු


කුමර බඹසර රැක වූ
වරදද
කරන අපහස මෙලෙස
කිම අද
සුරා සූදුව දුමින් තොර
වන මතින්
මන්ද ගැරහුම් ගෙවන දිවියට
යහපත් ලෙසින්


පෙර භවක කළ කර්මයන්
දෙන විපාක
වැළකිය නොහැක මේ භවක
පල දෙන
කරනා අපහාස උපහාසයන්
ගැරහුම්ද
පැමිණේවි දිනක තොප වෙතම
ආපසු හැරී


මිනිසුන් විවිධය විශමය බව
නොම දැන
මවා අඩු පාඩු සිනහා වන
තොප හැම
කරනෙමි අනුකම්පා දරා
ඉවසිලිවන්තව
දිනක තොප හට වෙනු ඇත
පසු තැවුමට


---රකිත---



Monday, March 12, 2018

~~ ඇය දුටු සඳ සිතුවිලි ~~











පියාසලනා කිරිල්ලියන්
අතර
දුටු සියුමැලි සියොත්
යුවතිය
කවුරුන්ද නුඹ සොඳුරු
දියණිය
වසඟ කළ සිත තුරුණු
හැඟුමන්


තලෙළු පැහැයෙන් දිගු
වරලසින්
කාල වර්ණිත දෙනෙත
මනරම්
දිගැති අතපය සිහින්
ඉඟ සුඟ
සොඳුරු වුවනින් මුතුවන්
දසන් පෙළ


ගතට කදිමට හැඩට
කෙටි ගවුම
කරන අවදිව තුරුණු
කම දනන්
ලැසි ගමන හැඩකාර
සොඳුරිය
කැඳවනා වසන්තය
ලෝකයට


නළලත ගැවසී දහදිය
බිංදු පෙළ
සඟවා දිනක වෙහෙසකර
වැඩ මුරය
මිහිරි හඬින් කියවනා
වදනින් පිරි
සන්නාලියකි නුඹ සිටිනා
කලාපයේ


විසූක දස්සන වැසි
වස්සන විලසට
නේක මෝස්‌තර පිරිපුන්
කෙල්ලන්
මවා ලොවක් කියනා
උසස් සමාජයක්
අහිමි බවට පවසයි නුඹ
පන්තිය වෙත 


හිමිවන්නට නියමිත වූ නුඹට
අහිමි සිප් සතරින්
එතෙරව ගොස් නැවත පැමිණ
ශ්‍රම බලයද සූරා කන
එයින් නොනැවතෙන
ගතිද අමන
කියුමට සූරා කනු වස් නුඹ
රීරි මාංශයද


අවමන් ගැරහුම් සරදම්
උපහාස මැදින්
හිනැහෙන නුඹ වූවන දුටිමි
සැහැල්ලුවෙන් අව්‍යාජව
හිමි කෙරුමට ඔබ වැන්නෙකු
දිවි ගමනට සහකාරිය
කැඳවනු ඇත සිරිකත අද
වාසනාව පිරි ලොවකට


අමන දනන් තෙපලන
නොරුසප් වදනින්
කරනා මෙහෙය කරනා
අවමන් විලසින්
නොකරමි නැගණියේ සරදම්
නුඹ මෙහෙවරට
රකිනා පවුල් බර නොව
මුළු රටක බරක්


---රකිත---


Wednesday, March 7, 2018

~~ පසු කලක ! ~~










වසා දමමින් හද ගැබේ
දොරටුව
සමු දෙමි මතකයන්
වෙතට
කල් ගෙවී ඇවෑමෙන්
ඉක්බිති
හසරැල් පෑමට වරම්
ලැබී ඇතිද


තරගයක දිවෙන කල්
බහුල යුගය
නව දිවියකට මග
විවර කර ඇත
නිදි නැති රැයක
යටි සිත කියන
දැකුමට අවැසි
එක වරක් ඔබ


නුඹ පහස ලද
උණුසුම නිබඳ
නෙතු වසා
සිහි වෙනා කල
වැළඳ ගමි
නිදි කුමරියද
දැකුමට මිහිරි
සිහිනයක්


නොපෙනී නුඹට
පිටු පසින් සිට
පිය මනිමි ඔබ
සවන් නොගැටෙමින්
පෙර පැතුමන්
ගොඩ නැගුමට ලොව
නොදනිමි සිතක
ලාමක බවක්


තැත් කළද හැඳුනුමට
පෙම නුඹෙන්
සිදු නොවනා බව දනිමි
සිත් ලෙසින්
අවධන් යොමා නුඹ
වෙතට මෙලෙසින්
පිදුවෙමි හැකි විලස
පෙම් දම් පෙර දින

එක්ව ගත කළ සොඳුරු
කාලය
කළ නොහැක
බැහැරව මතකයෙන්
නොවනු මැන
දොම්නස් ලෙසට
පෙර බැඳි ආලයට
කිසි දිනක


උගත දෑ බොහෝය ඇත
ඉගෙනුමට බොහෝ
නොනවතින යාන්ත්‍රික
ලොවක අප දෙදෙනා
වන්නෙමු තවත්
ජීවී යුගලයක් ලෙසින
මිනිසත් බව පිරි
මදකින් හෝ ලොවට


---රකිත---



~~ නුඹට නොකී තතු ? ~~


සඟවා ලොවට සිතකින් පමණක් පුරන
නුදුරින් සිටින එනමුදු සිතකින් දුරස් වන
වදනින් කරනු වස් දෙඩවුමද නොකරන
නෙතින් බලමි වෙත ඔබ නුදුටු දෙනුවන

නීල වරල කදිමය ගැලපුම නිල් නුවන් යුග
සඳ වැනි වුවන මනරම් රත් දෙතොල් යුග
දිගැටි නාස් පුඩු හා සුමුදු දෙකොපුල් යුග
කදිමයි නුඹ දකින පිං ඇති මා නෙතු යුග

ජයවද්දන පුර අඟනුන් සිහි කළ පුර වැනුම
සංදෙස වූ සැළලිහිණිය සිහි වේ ඔබ වැනුම
මැනවින් සුසැදි වූ ගත නුඹ හැඩ කළ වැනුම
පැහැර ගැනෙන නෙත් සිත් සැම කල් වැනුම

මුතුවන් දසන් සපිරි මද හස හඬ මනරම්ය
තෙපලන වදන් කන්කළු ලෙස වූ මනහරය
ඉඟි බිඟි පාන නුවනද අත් පා කළ පිරිපුන්ය
වෙහෙස කාන්සිය නිවනා රූ බර අඟනක්ය

රුව මෙන් සපිරි සිප් සතරින් උගත් කමට
මිණි පහණකි ඇය නම් රටට මුළු ලොවට
තුරුණු ජවය පිරිපුන් උසස් සියුමැලි ඇයට
ප්‍රස්තුත වේද අපට කවි ගී පද ගෙත්තමට

දුටු දින පටන් සිත් බැඳුනා මා නුඹ වෙතට
එනමුදු නොපවසමි බිඳෙනා සඳ මිතු දමට
අහිමි වුවද වරමන් ඔබගේ පෙම ලබන්නට
පතනෙමි සුභ පැතුම් නොකරමි ද්වේෂයට

---රකිත---


Saturday, March 3, 2018

~~ විරහිත සිත ~~












ඇස් වහද කට වහද
වදින්නට
ඉඩ නොමැත
කවි නිසඳැස්
පදද කරන
ගෙත්තම්
නොමැත රස හැඩ
සිතන තරමට


උල්පතක් බඳු ගලා
හැලෙනා
සිතිවිලි දහර
හැඟුමන් හදේ
නොමැත
මෙලෙසකට අද
පාෂාණීභූත
රුවක විලසින


ගෙත්තමට කවක්
නිසඳැසක්
සොයන්නට ප්‍රස්තුතයක්
සිතින්
ඇති නම් මිතුරු මිතුරිය
ඔබ වෙත
පවසනු මැනවි කර
අනුකම්පාවෙන්


නිදි නැති රැයක
අවදිව සිට
වෙහෙසකර නෙතු
බලා තිර මත
යතුරු පුවරුව මත
ඇඟිලි තුඩු
නිහඬ වන්නට අරුම
කිම අද


පිනවනා සිත මන්මත්
කරවමින්
නෙත නොදුටු සොඳුරු තැන්
බොහොම ඇත
මවාගන්නට සිත
තුළක මිහිරක්
නොහැකි විය මුසු
කරවන්නටද හැඟුමන්


තරගය වැද දිවෙන
ලොව තුළ
ජයගනු වස් දිවි
ගමන් මග
ඉගෙනුමට ඇති දෑ
බොහෝ ඇත
වෘත්තියද ඉහළට
ගමන් මග


කලා බර සිත නිහඬ
නොවනට
කරනු අවැසිය සතත
අබැසිය
නව රසින් පිරි නිර්මාණ
විඳිනට
භේද නොමැතිය කලා
ලොව හට


සිහින දකිමින් මවා
නව ලොව
ගලනු මැන සිතිවිලි
හැඟුම් පිරි
ගෙත්තමට කවි පදද
සිත් ලෙස
මිහිර විඳිනට සුමුදු
කලා බර සිත


---රකිත---