Wednesday, August 31, 2016

~~ සැන්දෑ අමුත්තිය ~~


පැය අටක වැඩ ගොන්නකට
නිමා වන්න පෙර තුන් පැයට
වෙහෙසකර නෙත ගත සිතට
පැමිණ ඔබ රසඳුනක් විලසට

ඉනට වන් දිගු වරලසින් සැදි
වුවන පැහැපත් වටකුරුව සැදි
නීල දෙනුවන් රත් දෙතොල් සැදි
දන්ත කලණින් මදහසින් සැදි

ශ්වේත කාල වර්ණයෙන් යුතු
චාම් මනහර ඇඟලුමෙන් යුතු
හැඩ වු දෙපයේ ගමනකින් යුතු
ඇයයි යුවතිය සතුටු සිතින් යුතු

දෙනෙත් නොපියා බලා සිටියෙමි
ගතින් මනසින් දැහැන් ගත වෙමි
වෙහෙසකර චිත්ත පිඩා නුදුටුවෙමි
තුමුද සනසන්නට ඔබ දකින්නෙමි

පුරා දිනයක උදැසන පටන් සිට
රිදුම් පිඩා ලැබුණු ගත සිත වෙතට
නිමේශයකට සැනසුම ලබන්නට
වශී වන්නෙමි හැඩකාර නුඹ රුවට

නිමා කරමින් පැමිණි වැඩ රාජකාරිය
නික්ම යාමට යන ඔබ දුටිමි සොඳුරිය
කැමැත්තෙමි දැකුමට ඒ හැඩකාරිය
මෙ කවි පන්තිය ඔබටමයි යුවතිය

---රකිත---


Monday, August 29, 2016

~~ ගමන ? ~~












ඇවිද ආවෙමි
මෙතුවක් තනිව
නොදැන එයද
පටු මගක් බව
හැරුණු සඳ
පැමිණි මග වෙත
පෙනේ ඈතින්

මග වැරදි ඇති
අවුල් සහගත
අපැහැදිලි ඇති
නොමැත නිසි
මග සලකුණුද
මෙයද ජිවන
ගමන පැමිණුන

ගලා බසිනා ගංගා
තොමෝ මෙන්
පසු කරමින්
යුගයෙන් යුගය
නිමක් නැති
නිල් අහසක් ලෙසින්
කිනම් දිවි ගමනක්ද

නිමක් නොවනා
මගක
යන්නෙමි
දිගු ගමනක
රැගෙන යමි
පෙම්බරිය
පසෙකින්

දිනක
සිහිනයන්
සොයන අතරේ
බාධක කම්කටොළු
මැදින්
සොඳුරු දිනක
සැනසුම ලබන්නට   

ගඟුලක් විලසින්
ගමන් කෙරුමට
සැනසුම් සිතින්
වස්සාන ගිම්හාන
ශීත ඍතු මැදින්
සදාකල් පවසමින්
සවනට ආදරෙන්

---රකිත---


Sunday, August 28, 2016

~~ පළමු සරසවි පෙම් මතක ! ~~















හිරු කිරණ
ගත දැවටි
ඉරු දිනක
සුව ලැබුණු
පිං බරය
සරසවිය
තුරු සෙවණ
සැදුම් ලත්

නිමවන්න
දේශන දිනට
පැමිණෙන්න
බංකුවට
සිසිල් සෙවණක
දැවටි
මුමුණන්න
හර බර කියුම්

සැණින් මතකය
ලදිමි
නුඹද මා
සමුගත් කලද
කිසිවෙකුත්
නැති කලට
හුදකලා වෙමි
බංකුවට

සිහිකරන්
පෙර කියුම්
කිමිදෙන්න
සිත් සයුර
සොම්නසද
දොම්නාසද
නොවැටහෙන
කරුණද

දිනක නුඹ අත
ගෙනද
ඇවිද යන්නට
ලැබුණු
ලද සුවය
එන මතකයට
විඳිමි සිත
දැහැන් ගතව

උගත් ලොව ජය
ලැබුණු
කවිකාර සිත
ඔබට
කිමද මත
යැපෙන්නට
සිදුවුනේ
අවිද්‍යාවෙන් සපිරි

කෙටි පෙමක
පහස වුව
ලැබුණි
සරසවිය තුළ
නුඹ නොමැති
දෙවන වසර
ගෙවෙන
කල මන්දගාමී

එක් සැණින්
ගෙවෙන කල
පරිණතව
යන ගතද සිත
නොසඟවන්නට
නොහැක
පෙර මතක
අවෑමට කාලයේ

පතමි හමුවන්නට
කලක
මතු භවක
සසර මැද
කැලණි සරසවි
පිං බිමේ
සිප් සතර පෙම්
ලබන්නට තුටින්

---රකිත---


Thursday, August 25, 2016

~~ මා 30+ යථාර්තය ? ~~











මග සලකුණු පෙනේ
නිමවන
වසත්කල
අතරට පෙනේ
සලකුණු
උදාවන
ගිම්හානයක
චිත්ත ධාරාවන්ද
නැත අකුණු
කොටනා සේ
නිවෙන්නේ සිත ගත
කිමද නොදනිමි

මොබින් මොබ
පෙනෙන
නරකෙස
ශ්වේත
කෙමෙන් කෙම
වියැකෙන
වත තෙද
ලාවන්‍ය
දිනෙන් දින
දැනෙන
වෙහෙසකර
හැඟුම

චංචල කාල තීරුව
නැත එසේ
දැනේ නිසසලව
යන්නා රඟද
නෙතු සරද පෙර
සවනතද පෙර
මිහිර නොදැනෙන
සේයාවක් ඇතේ
පිනවන්න දිව
රස නහර
පෙර ලෙසක
නොහැක කිම අද

සිප් සතර ලැබගන්න
කැමැත්තද පෙර
උත්සාහයද
නොදැනීම දැනේ
ගිලිහී යන ලෙසක
පිපී හිනැහෙන
තුරුණු මල් කැකුළු
ලබන්නට නම්
වරම් නැති වග
දැනේ වදනින් ඇසෙන
තෙපලන මුවින්
නිරතුරු

ගෙවන්නෙමි තුරුණු විය
අග භාගයද
මෙතැන් සිට
දොම්නසින්
බලමි ආපසු
ගෙවූ දිවිය
මගහැරුණු
දෑ සොයා
සිත හදා
සුවපතින්
අවසරයි එක්වන්න
ගිම්හානය
වෙතට

---රකිත---


Wednesday, August 24, 2016

~~ පූර්ණ අසම්බන්ධිත ? ~~











සැන්දෑ යාමයක
උණුසුම්
දවන සඳ ගත
ගත කදිම
හිස නළලත
ගෙලද
කිසිලි වල සිට
බඩ පපුව පිට
තෙමාගෙන
විටෙක සුපිපෙන
ගලා හැලෙනා
දහඩිය බිඳු මුගුරු
මුසුව ගොස්
ලාභ විලවුන් සුවඳ
ඩියෝඩරන්ට්
සමගින් විහිදුවයි
පුසුඹක්
නාස් පුඩු සිසාරා
ගන්ධයද සුගන්ධයද
නොත්රෙන කල
හකුළුවයි නාස් මුදු
ඇතැමුන්ද පිටුපා යමින්
නුදුරු අසුනක
සිටින සුරතල්
දියණියක හා පුතුද
දුටිමි පාමින්
දසන් දක්වා මදහස
සිප වැළඳගනු
සේවාව නිමවා
පැමිණෙන
වෙහෙසවූ දහඩිය වැකි
මව්පියන් සොඳ
ආදරෙන්

---රකිත---




Monday, August 22, 2016

~~ සිටියා නම් ඔබත් අද සුදූ ~~

















වෙහෙසකර දිනයක
අවසානයක
මගට බට සඳ
දකින්නට ලැබේ නම්
සොඳුරු රුවක්
නෙතු පිනවන
වෙහෙස නිවුමට
එසේ නොමැති සඳ
හැඟෙයි හදටම
සිටියා නම්
ඔබත් අද සුදූ

පුරා පැය අටක
ලැබූ මනස් පීඩාව
ඇනුම් බැණුම් ගෙරවුම්
මැද තැලුණු සිත
සනසවන්නට සිනා
හසරැලි තුළින්
තුටින් සිත
එසේ නොමැති සඳ
හැඟෙයි හදටම
සිටියා නම්
ඔබත් අද සුදූ

කවුළු අද්දර
එකම අසුනක තනිව
වායු සමන බසයේ
අත්වැල් පටලා
උණුසුමින්
සවනට මුමුණන
පෙම් වදනින්
එසේ නොමැති සඳ
හැඟෙයි හදටම
සිටියා නම්
ඔබත් අද සුදූ

නොනැවතී යනෙන
කෙටි පණිවුඩද
දුරකථන ඇමතුම්
සමාජ ජාලා නිතර
අලුත් වී යන්න
ආදර බර වදන් රූප
කියමන් අතර
එසේ නොමැති සඳ
හැඟෙයි හදටම
සිටියා නම්
ඔබත් අද සුදූ

දින පහක ඇවෑමෙන්
ලැබෙනා ඒක
නිවාඩුවකින්
තනිව යන්නට
අපේම ලොවක එක්
මොහොතකට
හොරා කිහිපයක්
එසේ නොමැති සඳ
හැඟෙයි හදටම
සිටියා නම්
ඔබත් අද සුදූ

නිදි නොමැති දිගු
රැයක මුදු
නිදි බරව විඳිනට
සුව නින්දක පහස
දකින්නට මිහිරි
සිහිනයන් සුභ
යුග දිවියක සොඳුරු
එසේ නොමැති සඳ
හැඟෙයි හදටම
සිටියා නම්
ඔබත් අද සුදූ

---රකිත---