Tuesday, April 24, 2018

~~ සමුගත් ඉක්බිති ~~



නළල් තලය මත තැබු ඒ හාදුව..
යළි හමු නොවනා දුක්බර හේතුව...
ජීවිතයක නිම නොවනා ප්‍රේමය
අසා සිටින්නම් ගයන්න ගීතය ....

එක් විමක් ඇත්නම් මේ ලොව තුල
වෙන්වීමත් ඒ සමඟම එන කල
කුමක් කරන්නද ඔබ මා මේ තුල
අහිමි වුවත් ප්‍රේමය හද ගැබ තුල....

කොහේ ගියත් මොන දෙයක් සිතූවද
වෙන් වූවත් අපි අපේම නොවේද
මතක ගොඩක් මැද අප තනි වේවිද
සොඳුරු මතක මැද තුරුලුව සිටිමුද....

මගේ සුවඳ ගෙන නුඹ ඈතට යන...
හමු වූ වෙන ආලය වෙත පෙම් බැඳ
මගේ මතකයෙන් ඔබ්බට යන්නට
හැකිවෙද ඔබ මට කියන්න රන්කඳ.....

නුඹ හද ගැහෙනා රාවය දන්නෙමි...
ප්‍රේමයේ ගී හඬ ඔබෙන් උගත්තෙමි
මා වෙනුවෙන් කළ වියමන් දුටුවෙමි.
සදා නුඹ හද වෙලාගන්නෙමි..

නුඹ හඬනා කල සඟවා කඳුලල්
නගන්න හැකිවෙද මට අද හසරැල්
නුඹේ සුසුම් මම ගන්නෙම් පවනැල්
සදා රැදෙන්නම් සිත ලග හැමකල්...

දනිමි ඔබේ සුන්දර සිත ගැන මම
මගේ හද තුල පවතී ඒ හිමිකම
ආදරයට හිමි ලස්සන වත්කම
සෙනෙහස් දහරින් ගොනුකල ගෙත්තම....

ඔබ හා ඇය සිටියත් ඒ මතුකල්
මා රැඳි ඉන්නම් සැමදා තුන්කල්
දෙමගක ගියමුත් බැඳෙමින් වෙනකල්
හදවත් බැම්මන් යා වෙමු හැමකල්...

---උත්පලා රසාංගිකා---



Monday, April 23, 2018

~~ නික්ම වුව ? ~~



අවසන් හාදුව තබා නළල් තල
දුක් මුසු රසයක් විඳි ඒ පහසින
යලි හමු නොවනා බව මතු දින
දැන අසනෙමි හෙට දිනක තතු

හැඳිනිමි නව ලොව ඔබ තුරුලට වී
හැඟුමක නුහුරට උගතිමි නුඹගෙන්
ගැලපුම නැති කම පැමිණිය විගසින
හැර යන හැඩ දකිනා නෙතු කළ පව 

කොතැනක යාවිද කුමක් සිතාවිද
ගැටලුව වද දෙන හිස අද්දර සිට
වෙන් වී සමුගෙන ගිය මුත් ඇයද
නුඹ වේ මා සිත් ගත් ඒ ප්‍රේමය

මතු දිනයක හමු වුව වෙන ආලය
සදා රැඳෙනු ඇත ඔබගේ මතකය
රැඳෙනට අවසර පතනෙමි මදකට
රැගෙන යන්න නුඹ සුවඳ හද පුරා

ගී හඬ විසිරෙනු සුසුමන් ලෙස අද
නව ගී ගැයෙනා තුරු ඒ විලසින
වියමන් කරනට කවි පද නුඹ හට
දෑත වාරු නැත යතුරු පුවරුවට

සිරවී සිටි කල් ගතවන නැවතත්
පා කර හැරි මුත් මතකය වද දුන්
පාරනු ඇත හදවත සිත ඒ වදනින්
සඟවා කඳුලැලි හඬවන තනිකම

හදවත තුළ ඔබ හට හිමි ඉඩකඩ
පැවතෙනු ඇත දිවි අග වන තුරු
ඔබ හද තුළ නැති වුව ඒ හිමිකම
වෛරය නොම සුපහන් ඇති සිත

ඔබ ඔහු හා සේ මා ඇය හා මතු කල්
ගොඩනගමු ලොව පැතූ ලෙසින් අප
එක මග නොව අප දෙමගක යන අද
හමුවමු දිනකදි ජයගෙන අප පැතුමන්

---රකිත---



Thursday, April 19, 2018

~~ අවසන් වර ~~














නිදි නැති රැය පහන් වූ කල
සොඳුරු උදෑසන
දිනයක් වන
වෙනසක් නොවන


මිතුරු දම් රේඛා සීමා තරණයට
නැත වරම
පැවසුමට බියෙන් සඟවමි
හැඟුමන්


දෙසවනේ පතුලින් නිම්නාද
දෙන ඔබේ හඬ
මිහිර දී
හද තුළට නිති


යදිමි සිතින් මුවින් කිව
නොහැකි සඳ
සිතුවිලි ඉපදී නුඹ
වෙනුවෙන්


ඇය යනෙන ඔහු සමග
දකින මා දෑස් යුග
ඇසිපියෙන් වසමි
පමාවක මහිම


අවැසිය ලඟා වන්නට
නුඹ අසලට තුටින්
එනමුදු පවසමි නොමැති
අයිතිය බවද


කාන්තිය විහිදුවන නෙතු
සඟලට ගැටෙන
නවතාලන කල
හුස්ම පොද මදකටද


දැවෙනා හදක හැඟුමන්
සිර කරනු වස්
කාලය ආපසු හැරෙන්නට
හැකිද යළි සැනසුමට


පහස ලැබුමට නුඹේ
සුරතින් හොවා
ලමැද
තුරුලට වන්ව


එනමුදු ඔබේ නෙතු
නොගැටෙනු වස්
සැඟවෙමි බියෙන්
ලොවකට


දෙමංසලක හමුව වෙන්වී
යන්නට මත්තෙන්
එක් වරක්
හිනැහෙන්න මිතුරියේ


අහිමි මා නුඹ ලොවට
මෙතැන් සිට
හිමිය මිහිරි
මතකයක සටහන්


---රකිත---




Monday, April 16, 2018

~~ සොඳුරු පිංබර නුඹට ~~















ගමනක තනිකම දරණා වෙර තැත
දුටුවද කුමරිය විඳිනා දුක් කඳ
ඇසුරු සැනින් නොව වදනින් සිත්කළු
හමුවූ නුඹ නම් කදිමයි සොඳුරිය

ලැබුමට නැණ බල ඇය නම් රුසියකි
සිප් සතරින් ඇය නම් මට ඉහළයි
රූ සිරියෙන් දෙනුවන් මත් නොව වූවද
පියකරු ඇය නම් හදවත ලස්සන

දැඟිලි දෑතින් එකිනෙක බැඳෙනා කල
නැඹුරුව සිපිනෙමි තොල් නොව නළල
නුරාව නොව සිත පහන් හැඟුම් දෙන
පිංබර ප්‍රේමය නුඹෙන් දකිමි මම

නුදුටු ලොවක හැඩ නුඹෙන් හැඳින්නෙමි
සෙනෙහස මහිමය වූ ඔබ තුරුලට
සිහින මාළිගා නොව දකින සැබෑ ලොව
ගොඩ නැගුමට එක් වී තනි නුවරක

පමා වූ වසන්තයක ඵල නෙළුමට සිතින්
දෑත් ගැනුමට නුඹේ මංගල සිහිනය
හරස් වුව ග්‍රහ තරු කොටු නැකත් රේඛා
සිනාසෙන ඈ සඟවමින් දොම්නස

හිමි අහිමි කම දැරිව නික්ම යන නුඹ දකින
හඬා වැටෙනා හද කරමි තද කඳුළු කැට
පෙමක් නොවන මිතුදමක් පමණක්
වරම් නොමැතිය සැනසුම ලබන්නට

වැසි වැටෙන රැයක සිට විදුලි අකුණු මැද
තනිව සිසිලක උණුසුමක් නුහුරට
වරම් නැත විඳුමට ඒ සොඳුරු පහසින්
තනි යහන කළඹවයි තුරුණු පරිණත සිතක්

මග තොටක හෝ වෙනතකද දුටු කල
සිනාසෙමු දොඩමළුව සිත්ලෙස
සඟවා සිර කොට තබා සියල් හැඟුමන්
බලා සිටිමු අප බියෙන් ලොවකට

---රකිත---


Sunday, April 8, 2018

~~ මිතුරියට ~~











මදහසින් සුපුරුදු
හඬින්
කරන ආචාරය සුභ
උදෑසනකට
නොමැත කිම අද
මිතුරියේ ඔබ
තවම තරහද පෙර
පැවසු වදනට


තෙපලනා උන්
නොහොඹිනා කියමන්
ඉවසුවෙමි
සත් වසක් නිහඬව
රතු ඉරද ඉක්මවිය
එදින මා හට
පිපිරුණු කල වේදනා
සත් වසක


වැඩිමහලු වූ ඔහුට
බිණු වදන්
නොගැලපෙන බව
පසක් කළ ඔබට
කෝප වේදනා පිරුණු
සිතැතිව සිට
මුදා හැරියෙමි දොසක්
විලසින


නිහඬ වූ ඔබ ඒ වදන්
අසමින්
නොදුටුවෙමි සිනහා
ඒ දින සිට
නිවුනු සිත අද තැවේ
දොම්නස
නොසිතා මුදාහළ
වදන් මත සිට


උදෑසන එන නිහඬ
පිරි වත
දුටිමි ඒ පටන් දින
කිහිපයක
සිතේ කහටක් ඇතිද
තවමත්
මිතුරියේ පෙර කියූ
වදනට


සමාවනු මැන කියමි
හද පතුලින්
පිළිගනිමි වූ වැරදි
මා වෙත
නොබිණිමිය මින් පසුව
ඔබ හට
සිනහා වනු මැන හෙටින්
පසුවද


සවන් පත් යුග
බලා සිටිනා
ඔබේ වදනින් සතුටු
වන්නට
සිනා වපුරමු අමතක
කර දමා පෙර දෑ
තුටු ලෙසින් සුපුරුදු
හඬින් මිතුරිය


---රකිත---



Tuesday, April 3, 2018

~~ නිමා වූ සීමා ~~












එක් වසක්
දෙවසක් නොව
වැඩි පස් වසකටත්
ඉවසා වදාරා
සිටියෙමි
කෙරුම් කියුම්
ඇනුම් බැනුම්
උපහාස අපහාසයන්


ලද හැකි ලෙසින්
මිනිසෙකුට
කළ හැකි උපරිම
අපහාසය
වින්දිනෙමි නිරතුරු
සිටිමින්
සෝපහස මුහුණු
අතරට


දිනපතා නිතිපතා නොමැති
නිසි හේතුවෙන්
අසා කරනා උපහාස
අපහාසයන්
සිනාසෙන උන් හඬ නගා
විටෙක නිහඬව
දරා සිටියෙමි
සිතා ගෞරවය තත්වය


සීමාව ඇත ඉවසුමට සැම
කෙනෙකුගේ
රතු ඉර වැදුණි අද සත්
වසකටද පසු
නොමනා කීමකට මා
බිණියෙමි වදනක්
වැඩිමහලු මිතුරු වෙත
පලයන් ලෙසට


සංස්කෘතිය සදාචාරය
සමාජ තත්වයන්
ආචරධර්ම ගෞරවය හැසිරීම
යන කරුණු
වැගිරෙන අයුරු දුටුවෙමි
පැවසූ එක් වදනට
සියල් සේවක පිරිසෙන්
එක්ව එරෙහිව


අසැබි වදනින් දිනපතා
නිතිපතා
කරන කළ අපහාස
උපහාස
තිබුණාද තොපේ ඔය
මහලොකු ගුණ දම්
සත් වසක් තිස්සේ
පොදි ගසා


ලෝහිත සීමාව පැනිමි සත්
වසකටද පසුද
අවදි කළෙමි වදන් කිසිදිනක
නොතෙපල
සදාචාරය ඉගැන්වුමට
තෙපි කවුරුන්ද
මින් මතු නොමැත තොප හා
සරදම් කම්


අත් හළෙමි අනුකම්පාව
ඉවතලමි ඉවසීමද
නවතමි පසු බැසීමද
මෙතැන් පටන්
වෙමි ආරක්ෂා පහර දෙමි
මියෙන්නටම
ගෙනෙමි විනාශය සතුරු වූ
සියල්ලන් වෙත


---රකිත---