Wednesday, June 28, 2017

~~ නොලැබූ ! ~~




මෑත නොව පතිත වන
ඈත ක්‍ෂිතිජයද පාමුල
ප්‍රේම සිතුවම් මැවෙන
සොඳුරු සිතිවිලිද අද්දර

සිතද නොව පමණ ගත
නිතිද පතනාද මිහිරැති
කරනු වස් කැටයමින් නම්
පෙමක මහිමයද විඳිනට

වස්සානයේ නිමාවක සිට
ගිම්හානයේ පාමුලට සිට
වියපත් නොවන තුරුණු සිත
මවයි පෙම් සිහිනයන් තුටු

පමා වැඩි බව පවසනා පිරි සිත
පෙරනිමිති පෙන්නුම් කරන ගත
නික්ම මතකයෙන් කාලයා දුර
තරග බිම මැද වෙමින් තනිකම

නෙතු ගැටෙන මානයක වූ
නුදුරු මුත් දුරස් වන්නාද වූ
හිමි නොවන සඳද දුක්ඛ වූ
මුත් සිටිනු තුමු තුටින් සේ වූ

අවැසි මුත් රැඳුමට සොඳුරු ලොව
කල් නොමැත රඟන්නට ප්‍රේමයද
අවසරයි නික්මෙන්න රඟ මඬල
නිමා වී ඇත නුඹ වසන්තය ලෙසින්

මතු ලොවක හමුවන්න පැතුමෙන්
සසර ගමනක එක් නවාතැන් පළේ
පිං කෙරුමට නොව තෘෂ්ණා භරිත
කෙරුමට සසර කෙටි නුඹත් සමගම

---රකිත---


Tuesday, June 27, 2017

~~ මහිමයක තතු ~~












බිණින්නට වදනක්
නොමැතිව
නිරුත්තර වූ සඳ
ඔබ රුව නෙතු
ගැටි කල


නොහැකි විය
ගොනු කෙරුමට
සිතිවිලි දහර
මදහසින් පිරිපුන්
රුවැති නුඹ


වෙත යොමා නෙතු
සසල වුව සිත
මෙන්ම ගත සිටිමි
නිසලව බියෙන්
ලොවකට


රුදුරු අගනාකම්
පිරි දෙදහස් පන්සිය
වසරක නිති
නිහඬව වන්නට
දැහැන් ගත


රිය කවුළුවෙන් පිට
වැහි බීරුමේ
අඳුරු සොඳුරු කම
විඳුමට සිසිලෙන්
පසක් විය


මද කලකට නොව
හද පතුලකට
පමණ නොව
පරිණත මොළ මනස්
යුගලයන් වෙත


යථාරූපී අනියත
ලොවක මහිමය
අතර සොඳුරු
සිතුවම් මැදින්
කියා පාන රඟ


---රකිත---




Friday, June 23, 2017

~~ රෝගී වූ සඳ ~~










අසාදිත
පෙනහළු යුගල
තෙත් කරන සඳ
නාස් කුහරයන්
ගලා එන
සොටු දියරයෙන්

රිදුම් දෙන හිසින්
බරව ගිය නාසයෙන්
අපහසුය දැන්
ස්වසනයද මෙලෙසට
කිමද පිඩාවන්ද
මෙලෙසට

දැනේ පෙරළිය
උදරය තුළද වන නිති
රිදුම් දෙන විට
සිහි වනද වැසිකිලි
ලිහිල් වන සඳ
උදරයද ගුදයෙන්

එක වරක ලෙසකට
කිමද සපැමිණි නම්
ත්‍රිත්ව රෝගයන්
පෙලන්නට
මුළු ගතම
රෝග පීඩාවෙන්

පෙති කරල් දියර
බෙහෙතින්
සැනසුමට ගත
සුවය ලැබුමට වනු
ඇත කල්
තව මද දුරකට

රෝග පීඩා මැද වුව
අවදිව කවි සිත
පද බඳිමි
යතුරු පුවරුව මතින්
අංකිත ලොවට
සොඳුරු සයිබර් අවකාශයට

---රකිත--


Sunday, June 18, 2017

~~ සපුමලී ~~











පෙර දිනක
දුටු සේම
හමුවූ තුටු
ලෙසින්ම
දෑත් බැඳ
පියමන් කළ
ඒ සොඳුරු හද
සපුමලී


පැතූ පෙමින්
බැඳි හදින්
තැනුමට
සිහින මාළිගය
පුෂ්පයෙන්
සැරසුමට නුඹ
කුමරියක ලෙසින්
සපුමලී


නුහුරු නුපුරුදු
ලොවක
තනි වන්නට
වරම් නැති
නික්ම යනු
වස් තීරණය
කිමද කරුණු නම්
සපුමලී


පෙර තෙපළ
සොඳුරු වදන්
අමතකව ගිය
කලක ලෙස
මුවින් බිණිනා
නේක කියමන්
සිත වෙනතකද අද
සපුමලී


සිත් නොගැලපෙන
බව කියා
වෙන්ව යන බව
පවසන හඬින්
නික්ම ගිය සඳ
වියෝවෙන් නම්
හද හඬයි තවමත්
සපුමලී


දින සති මාස වසර
නොව පමණ
ගෙවෙන තප්පර
විනාඩි පැයම
කාලය අතරමග
සිටිනා කලකදී
දුටිමි රුව නුඹ  අවකාශයේ
සපුමලී


පූර්ව විවහා රූප
සිත්තමක් මත
නෙතු ගැටුනි නුඹ රුව
පෙම්බරයෙකුද හා
පසක් විය යථාර්තය
නිති ලෙසින් හිමි නොවන
මතු කලක හෝ
සපුමලී


නොබෝ කලකින්
මංගල දිනකදී
නික්ම යනු ඇත නුඹ
පෙම්බරා හා දැඟිලිබැඳ
ද්වේශ නොකරනු මුත්
මුළු හදින් සුභ පතමි
නව දිවියකට නුඹ
සපුමලී


අවසරයි තනිවන්න
තුමු ලොවක මේ ලෙසින්
තුටු වන්න සිත් ලෙසින්
හුදකලා රසය විඳ
වරක් දැකුමට නෙතින්
විඳිනට සර නුඹේ හඬින්
සැනසුමට සිතද හද
සපුමලී


---රකිත---



Sunday, June 11, 2017

~~ සරසවි උසස් ඩිප්ලෝමා සිසුවා නොකී කව ~~



අට පැයක වෙහෙසකර
ගොඩ ගැසෙන වැඩ කන්ද
දිනයක් නිමා කරනා සඳ
නැත සුවය සැනසුමට නම්

හිසට ඉහලින් රැඳවු කළ
වදක කුටියක හැඟුම ඇති
විභාගය නම් සිත බරැති
නොමැත නිදහසට කරුණු

වෙහෙස වූ සිතද ගත මුළු
වරම් නොමැත විවෙකයකට
නෙතු දිවෙයි සටහන් මතින්
උදෑසන සවස් කලද නිතර

සොඳුරු මනරම් රාත්‍රියන් අතර
ගෙවෙන කල පරිගණක මත
කේවල කණ්ඩායම් ව්‍යපෘති
නොමැත අවසර නිදි කුමරියට

රාජකාරිය අතර සිහිවෙන
පැවරුමක වගකීම නිරතුරු
කෙසේ නම් කරනු දෙවරට
අධ්‍යාපනයද රැකියාවද එකට

සරසවිය සිහිනයකි ඉටු නොවූ
අහම්බෙන් ලදිමි වරමක් තුටින්
තුරුලට වන්නට සරසවි මවුන්
සතියට එක් දිනක් පමණක්ම

අහිමි ලොවක අයිතියක් ලැබුමට
ලැබුණු වරමක සිහින දකිනටද
සොඳුරු සරසවි දිවිය නොමැතිව
අධ්‍යාපනයට දැහැන් ගත වන්නට

දෙමාපිය සොයුරන් පැතූ ලෙසකට
ලබා ගැනුමට සම සුදුසුකම් පෙළ
උපාධිය නොව උසස් ඩිප්ලෝමාව
වෙර දරමි ජය ගැනුමටද මෙලෙසට

සමච්චල් ලෙසින් හසරැලි
නොනගනු මැනවි මිතුරනී
පමා වැඩි බව දනිමි නිරතුරු
සිත කියයි ඉගෙනුමට නිති

විඳිමි දුක කැප කෙරුම් සමගින්
දුරය ගමන තව බාධක මැදින්
ගෙවෙන වයස හරස් වන ලෙසින්
ද්විත්ව අදියර තවත් ඇත ඉතුරුව

නදී තොමෝ ගලා බසිනා ලෙසින්
ගල් පර වැලි පර බාධක අතරින්
සම සුදුසුකම් ලබන්නට දිනකදී
වෙර දරමි අදිටනින් ජය ගැනුමටද

නිසි කලට නිසි රිසි දෑ නොකළ සඳ
නිසි කලට රිසි පහල නුවූ මොළය
පමා වී ඇත නිසි සිප් සතර ලැබුමට
නොකරනුය සරදම් වැඩිහිටි සිසුවාට

---රකිත---



Monday, June 5, 2017

~~ ඒක පෙම් මග ~~



ගැඹුරුතම සොඳුරු කම
දුරක සිට දකින සඳ
සුහද වූ මදහසින්
පමණ සීමා සලකුණුව

සිතින් තෙපලන මුදු
මුවින් නොබිණින
එකත් පසෙකව
බලා සිටිනට

අහිමි වේදැයි
බියෙන් සිතිවිලි
සුහද කම් මිතු දම්ද
ගොඩනැගි

මුවා කොට උඩු සිතින්
යටි සිතක
සොඳුරු සිතුම් මල්
පැතුමන් නිති

වසන්තය මැදින් එන
සොඳුරු මල් වැසි අතර
සිහිනයක් දකින්නෙමි
ගෙත්තමට ප්‍රේම දම්

සොඳුරු යුවතිය
යෙහෙලියක ලෙස
සොයුරියක සේ
විටෙක සිටිනා

නොහැකි වන සඳ
පසුබසින සිත
අහිමි නොකරනු වස්
හිතවත් කමද

සොඳුරු බව දැනේ
අහිමි පෙමකට නොව
හිමි නොවනා බව
හැඟෙන ආලයට

වසන්තය විඳින්නට
අහිමි නොවනට ඇයද
ප්‍රේමයේ සොඳුරු කම
හිමි නොවන අහිමිකම

හැඟුම් පැතුමන් සඟවා
මුළු ලොවකට හොරා
සිතෙන් සැනසෙමි
ඒක පාර්ශික ප්‍රේමයෙන් තුටු

---රකිත---


Friday, June 2, 2017

~~ සොයුරිය මගේ නොවූ ~~



සඳුදා ඉඳලා අපහු චූටි නංගිගේ කට හඬ ඇහෙන එකක් නැහැ. Good Morning අයියලා අක්කලා කියන්න කවුරුත් නැති වෙයි. පුංචි කමට කියන කතා කියලා පොඩ්ඩක් අවුස්සා ගන්න කවුරුත් නැතිවෙයි. සිකුරාදාට විතරක් නානවා කියලා කට අවුස්සන්න අපහු චූටි නංගියෙක් කෝ? ලොකු අයියාට පාළුයි නංගෝ ! රණ්ඩු කරගන්න, විහිළු කරගන්න, යාළුකමට පොඩ්ඩක් තරහා ගස්සන්න පුංචි නංගියා අපහු එන්නේ නැහැ. පුංචි නංගියා ජිවිතේ ලොකු ගමනක් යන්න ලොකු තීරණයක් අරගෙන. හදවතින්ම සුභ පතනවා නංගියෝ ! සහෝදරියක් නැති මට ඔබ සැමදා සහෝදරියක් වූවාට බොහොම පිං !


මිහිරි තියුණු උස්
හඬින් මුව පිරි
මැද සිනාවෙන්
දසන් පෙනෙනා

යකඩ අසු පැටවෙකු
හසුරවනද මහ මග
නුඹයි නැගණිය
තුටින් සිත් පිනවන

නීල කේශයද හිස
නීල වතද මන බැඳි
නීල පැහැ වුවද මුදු
ශ්වේත හිතැත්තිය

උදෑසන සුභ පැතුම
සැම කරයි සිත් තුටු
නුඹේ රස කතාවන්
මනරම්ය සිත්කළු

විටෙක කියවන
තරහ මැද වුව
සිනාසෙන නුඹ
සැබෑ ලෙසටම

තැවුල් වන සිත
සනසවන සැම
කියයි රස කතා
දෙපිට කැපෙනට

නොමැති සඳ මට
නැගණියක නම්
නුඹම විය නිති
පුංචි නැගණියද

අවවාද අනුශාසනාවන්
නොඅඩුවම සවන් පිරුමට
දකින ලෝකය සැබෑ ලෙස
සොඳුරු යුවතියද නුඹ විය

පිං මද වියද රැඳුමට
සොඳුරු යෙහෙළිය
කිමද කරුණු අද
සමුගැනුමට මේ ලෙස

තද කරමි නෙතු
කෙවෙණි අද දින
සැඟවුමට කඳුළැල්ද
ලොවකට සිනාසෙන

වරම් නොමැති කල
රඳවා ගැනුමට නුඹද
කෙසේ නම් සමු දෙම්ද
පුංචි නැගණියට මම

හදවතින් සුභ පතමි
මගේ පුංචි නංගියට
සදාකල් රැඳෙනු හද
නුඹේ මතකයන් රැස

---රකිත---




Thursday, June 1, 2017

~~ යටපත් ~~












සිත් තුළක රැඳි
මිහිරියාවක්
තෙපලන්න ලොවට
ගෙත්තමින්
කවි පද


කිමද
නොදැනේ
අහෝ මෙතරම්
නිහඬ වී ඇති
කලා සිත


පීඩනය මැද
පටවා ඇති ඉදිරි
විභාගය මත
දිව යයි
ඇඟිලි තුඩු


යතුරු පුවරුව
මතින් අද
කවියට නොව
ව්‍යපෘති
පැවරුම් වෙත


තුමු පැතුම් පමණ
නොවනා
දෙමාපිය
සොහොයුරන්
සිත් පැතුම්


ඉටු කරනු වස්
වෙහෙසෙමින් නිරතුරු
ජය කණුව වෙත
යන්නට දිරිය
දෙනු මැනවි සිත් ලෙසින්


විඳින්නට දුක
වසර දෙක
තුනකටම
ඉතිරී වී ඇත
මෙලෙස


අධ්‍යාපනයේ සිහින
ඉටු කරනු වස්
තැත් කරමි
ජය ලබන්නට
සම සුදුසුකම ගන්න


---රකිත---