අතු පතර විහිදා
වැඩි ලෙසේ
රූස්ස ගසක්
විලසින් සිතා සිට
නමුදු ඵල නැත
කලක් ගෙවිලා
එන තුරා සිටිමි
සොඳුරු වසන්තය
හැඟුමන් දැනුම්
පැමිණි කල හදට
මරා දමමින්
ඒ සියල් සිතුවිලි
සිතා වැජඹුමට
හුදකලා ලෙසින්
කලක් ගත විය
සිත් සේ සිටිමින්
සිතට ගතටත් හොරා
කාලයා පැන ගොසින්
නර කෙසින් පෑදෙනා
දිලිසෙන හිසින්
රැලි නගින ගත වත
දකින නෙතු අපැහැදිලි
කතාවක් කියනා කල
අසා සිටිමින් සොඳින්
පමා වූ කල වරද
නොව අන් අයට
කළ කී දෑ ගෙන
යමි දිවි තුරාවට
විඳවනා දිවියක තතු
ඵලක් නොව කියා
තනිව විඳිනට
පිහිටුවා ඇත සිතක්
ලියා දහස් ගණනින්
අකුරු වදන් කරමින්
විසුරුවා ලමි අවකාශයේ
මුසු කර හැඟුමන්
කියන නොකියන
දෑ බොහෝ ඇතිවද
තේරුමක් ඇති
නොමැති ලෙස හැඩට
එකිනෙකට වෙනස් බව
මිනිස් භව ඒ සුසැදි
කිමද ඒ වෙනස් කම්
නොදිටිනා මනු දනන්
දරා ඒ සියල් දෑ කාලයා
හට මුවා කර සිටද
සැඟවිය නොහැක
හැඟුමන් ලොව පිටට
තැත් කළෙමි ලොව දින්නට
පරාජය ලැබූවෙමි
එනමුදුත් වෙර දරමි
දින්නන්නට නොලැබූ දෑ
හරස් වුව කාලයා
පමාවට නැත කරුණු නම්
ඉලක්කය ජය ගන්න
පැමිණ ඇත වාරයක්
පෙර භාවක කළ කර්ම
පල දෙනා කලට
වැළකිය නොහැක
කළ පවක මහිමයන්
විඳිනට ඇති දිවිය
විඳවනා කළ පෙර පවට
පරාජය නොවන්නමි
කර්මයට නම් මෙවර
---රකිත---