යුධ වැදිමි මා යුධ කළෙමි
පසු බැසිමි අවැසි කල්හිම
වැය වුනෙමි අතැති දෑ නම්
කල් ගතව සිට වැටහුනෙමි
දැරූ අවි අත නොමැති කල්
සියල් දෑ ගති සතුරු බලමුළු
භූමියේ වාසියට උන් සතුව
රැඳෙනු නම් කෙලෙස මා
වාරු නැති සවි නොමැති කල
ගත සිත නොවේ වලංගු වන
ඇද වැටෙන පවුරු වළලු පෙළ
දැක බලා පලා යන මග සොයා
පහර පිට පහර අහස් එළි මෙන්
මුවා වන්නට නැත වරම් භූමියේ
පසු බසිමි රැක ගැනුමට ජීවිතය
නොවේ නම් සිටිනට තවත් මෙහි
නොමැත ලැබ ගත් දෙයක් මෙහි
නොමැත හමුවුනු කෙනෙක් මෙහි
නොමැත හිමිවන දිනුමක්ද මෙහි
නොමැත යන්නට ගමනක්ද මෙහි
අඳුරු නුබ ගැබ වසා කලු වළා අතර
මුවා වී සෙවණැලි තුළින් සඟවා දමා
නොපෙනී අන් දන නෙතට වියුක්තව
පා තබමින් පසුපසට යන්නා ලෙසට
උරුම නැති බිමක පහසක් විඳිනු කිම
නොහැකි සඳ යුධ වැදුමකට නිසි ලෙස
තැත් කළ වුවද අහිමි වූ වාසනාවක් වුව
පැරද පලා යමි සිය පණ නල රැගෙන
විසිරි සේනා සොයනු කිම උරුමයක් නැති
රුදුරු අවි නම් කුමකටද සටනට නොමැති
නුඹට වරමක් ලැබෙනා ලොවක් නම් නැති
රැඳෙනු නම් කිමද තව යනු මැන ඉඩක් නැති
අන් සෙනවියන් දිනනු දැක තුටුව ඇති
පහන් සිත් සදා හද තුළට ගිල්වා ඇතිව
ඉවත් වී නුහුරු බිම් කඩට සමුදී මෙලෙස
සුන්බුන් වූ ඉතිරිය රැගෙන කාලයා සමග
බැට කා පලා විත් රඟන වරමක් නොමැත
රහසේ රකිමි සිට පරාජය ලැබූ මොහොතත්
සුර ලොව මවා බිම වූ කල අපායක් ලෙස
සිට තනිව වසනෙමි ලොව ගැරහුම් මැදිව
---රකිත---