ලොවක් නිදනා මොහොත
හිමිදිරියටත් පෙර ඇතිව
විවර කර නෙතු පියන් ඇය
ඇරඹි ඇති නිවසක යුධය
නිවා ගිනි ඒ සියල් ඇවිලූ
සනසමින් නිරතුරුව අප
සිනහා වදනින් බිණුම් මැද
කිරට හඬනා දියණියක්
සනසවා ළමැදේ හොවා
හානි හනික සැරසෙනා
දිවි සටන ජයගැනුමටා
නුඹට මට අට පැයකි
ගෙවන්නට ඇති වැඩට
ඇයට වැඩ මුර දෙකකි
කරන්නට තුටින් සිට
වෙහෙසකර දින අගට
නිවස පැමිණෙන මොහොත
නුඹ වුවන දුටු සඳක
නිවේ දුක් සෝ සුසුම් පොද
හැකි ලෙසක සහය වෙමි
නොවේ නුඹ මෙහෙකාරි
අපිට අපි නොවෙද අද
සිටින්නේ දිවි තුරාවට
මරු කතර නිරුදකව
ගමන් කළ කාලයක
කෙම්බිමක සෙනෙහසක්
පිදූ නුඹ නාමයට
හිසින් නොව හදවතින්
විශ්වාසයේ මහිමයෙන්
වී ඇතිය කදිම ලෙස
ඉදින් නුඹ හමුවූ ලෙසේ
පමා වී පැමිණි කල
වසන්තය ඵල බරය
කිමද අප තැවෙනු අද
බියට පත් අවට ලොව
හරවමින් රුහිරයත් ක්ෂිරයට
උසුලමින් පදවියක් ලොව දිනූ
නොවේ වෙනසක් සෙනෙහසේ
නුඹ ලැබූ මා පිං කළ ලෙසේ
පෙර අහිමි වූ සියල්
ලබමු අප එක්ව අද
අන් දනන් කියනා වදන්
අවැසි නැත නුඹටත් මටත්
සසර මග හමුවන්න
නිවන් දකිනා තුරුම
පතන්නෙමි නුඹ නිබඳ
පාදපරිචාරිකා වන්න
---රකිත---