පුතෙක් ඇති ගෙයක්
වේය රජෙක් ඇති තැනක්
දුවෙක් ඇති ගෙයක්
වේය රැජිනක් ඇති තැනක්
දඟකාර තෙදවන්ත
පිං ඇති පුතුමය වටින
හැඩකාර කටකාර
දියණියද ඇති වටින
දියණියක වන්නට වුවද
පුතනුවෙකු වන්නට වුවද
පිං ඇතිය අම්මෙකුට
දෙදෙනෙකුම ලබන්නට
හෙට ලොවට කරවන්න
දායාද ලෙස පිනැති
ලබන්නට පුතෙකු මෙන්ම
දියණියක ලබන්නට
පුතෙක් නැති ගෙයක්
නොවේ ඒ රජ මාළිගාවක්
දියණියක් නැති ගෙයක්
නොවේ ඒ වන නිවහනක්
දූ පුතුන් නොමැති තැන
නොවේ ඒ සොඳුරු තැනක්
රකිනු මැන දෙතු සඟල සේ
දියණියත් පුතනුවන් එක ලෙස
කල අකල ගත
වෙලා
ලවනතත් වියැකිලා
රූ අජුව බව කියා
ලොවක් හිනැහී මෙදා
සියොතුන් කැදලි හැර දමා
ඉගිලිලා දුරට වී
තනිවෙලා අහස යට
කඳුළැලිත් සඟවලා
එදා දුටු රුව සිතේ
තවත් ඇත සැඟවිලා
ආලයේ මිහිර ඇති
අහිමි වෙද අපට අද
රූ රටා පෙති ගොමර
පිරිපුන්ව සිත බැඳුනු
රාග විරාගී වෙලා
අනියතක සිත් ඇතිව
කැප වෙලා සොඳුරු යුග
ලොවක් තැනුමට අපට
වියැකිලා තුරුණු කම
ඒ යටට ගොනු වෙලා
මතකයන් ගොන්නකට
හිර වෙලා සොඳුරු කම
නිදහසේ හුස්මක් ගන්න
වරම් අපටත් හිමිය
සිප ගන්න වත නුඹේ
දෙතොල් පෙති මත තබා
රැළි වැටුනු ගත වුවද
සහනයකි වී සදා
වැළඳ ගමි නුඹ වරක්
හමුවෙලා සමුගන්න
මිහිර යලි විඳගන්න
ආලයේ සොඳුරු කම
කරට ගෙන සුචරිතය
මොර දෙනා බලවතුන්
උන් දනින කම් කුමට
මා නුඹේ නුඹ මගේ
හෙටට හිරු පායයිද
අප ලොවට හිනැහිලා
වසන්තය විඳිමු අපි
ගිම්හානයේ අගට වී
---රකිත---
පෙම් කරන්නට
බැරි වුනාට
හිමි කරගන්නට වරම් නැති වුනාට
හමුවෙමුද දවසක්
පහස ලැබුමට
ආදරයේ සුවයද මදක් විඳින්නට
රුදුරු වුව ඇති
බාධක මැඬලන්නට
තහනම් ගහේ ඵලත් ඇත රසයට
මුවා වී ලෝකයට
නොපෙනෙන්නට
විඳිමු ඒ රසයත්
සැඟවී හොරාවට
නොලැබෙනා රසයක්
සොයා යන්නට
වරද නම් එහි ඇතිද
දොසක් නගන්නට
යවුල් වූ ප්‍රක්ෂේපිත
ප්‍රතික්ෂේප වන්නට
යනු නම් කෙලෙස
වැරදි නොව හරි මගට
හුරු නුහුරු නොමැති
බව මටත් නුඹටත්
ලැබූ වරමක සොඳුරු
මහිමයක් විඳින්නට
ඉවසුමක් නැත අවැසි
සිත් බරක් දරන්නට
පමා වනු ඇයි අපත්
ජීවිතය විඳින්නට
තුරු ලතා වෙලී සුව
ඒ රසය ලබන්නට
මකරන්ද ගලා කඳු
මුදුන් රස ගඟුලකින්
මිහිරි නද මුමුණන්න
හඬ නගා සැනසෙන්න
ඵල නෙළමු තුරු මතින්
අහඹුවක් වූ මොහොත
කරවනා හදවත මවිත
පායනා සඳක් ලෙස
අඳුරු වූ ලොවක් වෙත
හිටිහැටියේ පැමිණි කල
මගේ ලොව දිදුලවන්නට
කිම්ද ඒ සොඳුරු ඇය
අන් සතුව ගිය හැඩට
සොඳුරු වූ ලොව පතා
රැගෙන ගිය සිහිනයක
රුදුරු වූ යථා බව
විඳ දරා දිවි මගක දුක
දොම්නස් හැඟුම් බෙදා ගත්
සිත් ලෙසින් සිට බැඳී
මිතුරු දම් පෙරළි කළ
ආලයේ මහිමයට
නුහුරු නුපුරුදු වස්සනයක
මිහිර ගත සිත යෙදෙන
කෙලෙසකට සිතන්නද
අන් සතු වස්තුවක් ගැනුමට
තෙරපෙනා හැඟුමන් හදක
නොතෙපල සිතුවිල්ලකින්
සඟවමිය ඉමිහිරි පැතුම්
හිමි නොවන නුඹ වෙතින්
හිරු බසින යාමයද
උදා වන කලට දිවි
පියඹන්න වරම් නැත
මල් සොයා උයන් වෙත
නෙළනු නම් කෙලෙසකද
හිමි නොවන බව දැනත්
පෙම් බඳිනු කිමද අද
අන් සතුව ගිය කුසුමකට
පෙර භවක කළ කරුම
පල දෙනා විලසකට
තවත් කර්මයන් නම්
එක් කරනු කෙලෙසකද
ගතින් නොව සිතින් වුව
පව කෙරෙන බව දනින
අවසරයි නික්මෙන්න
බැඳි සිහින ලෝකයෙන්
---රකිත---
අබියසක සිට දිවි මගේ
හැරවුමක හැඩ දකින
කාලයා පැන ගොසින්
නොදැනීම අප වෙතින්
නව යොවුන් සිත් අතර
මිහිර විඳගෙන ඉන්න
පමාවක සේයාව දැනේ
සිත් වෙතින් සැම හට
පිපී ආ මල් කැකුළු
විහිදුවා සුගන්ධය
වර්ණ වූ ලෝකයක
ඒ සොඳුරු කම ලබා
පියඹනා බඹර කැළ
සියොතුන්ද හා එක්ව
වරම් නැත රඟන්නට
ඒ ලොවේ තවත් නම්
යුතු වනා ක්‍රියාවන්
නොකළ කල නිවැරදිව
පසුතැවුම් පමණකිය
ඉතිරි වන සුසුම් ලෙස
දොසක් නැත ලෝකයේ
වරද නුඹ අත කියා
වහරනා සමාජය
කරන ඔච්චම් ලෙසින
තරගයට වදින්නට
සවිය නැත ගතට නම්
සිතත් නොයෙදේ එලෙස
ජය සතුට ලබන්නට
ජය ටැඹත් බොහෝ ඇත
ලබන්නට තවත් කල්
වාරු නැති සේ දැනේ
ඒ සතුට ලබන්නට
හුරු වෙලා සිතක් ඇති
තනි කමට මේ ලෙසින්
කුමට නම් දිවෙනු තව
නොදිනනා තරගයක
එකත් පසෙකින් සිටිමි
පිං දහම් කරන්නට
මතු භවක ලබන්නට
නොලැබු ඒ ජීවිතය
---රකිත---