එකලු කර උදෑසන
කාර්යාල පරිශ්‍රය
බිම් මහල වෙත ඇදෙන
තුරුණු ඒ රුව දකින
ලැසි ගමන කඩිසරය
බලන්නට සිත් දෙන්න
කුමරියක නාමය රැගෙන
හිරු නොබැසි රටක ඇති
උදැසන සුභ පැතුම
ස්වරය පිට යන කලට
වෙනස් වන වත කදිම
ඇද වෙනා මුඛ හැඩය
වදන් තෙපලුමට පෙර
පලා යන කලද තුමු
සිනාසෙන ඇය දකිමි
අතින් ගෙන මුව වසා
හේතුවක් නොම නොදැන
වෙනස් වන ස්වභාවය
වුවන වන ලෝහිත වර්ණ
කෝප ගිනි දැවෙන්නා
රුදු වදන් බස කියනා
ඉංගිරිසියෙන් පිඹ මුවෙන්
කම් නැතිය ඒ වදන්
හෙළ දෙමළෙ බසින් නොවන
ඉඳ හිට පනින සීමාවක්
රතු ඉරද කපා
බිණින වදන් ඇසුමට
රුචි වේද අහෝ
කේන්තියත් රැගෙන
නැගිට එන කල
කිසි දින ඔසවන බව
නුදුටිමි සුරත ඇගේ
පවරන වැඩ රාජකාරිය
ඉටු කෙරේ නිසි ලෙසින්
ඉඩක් නොමැත
අතපසු වන්නට කිසිවක්
දකින දැනෙන විට
අසාධාරණ කම තම වෙතට
පසු නොබසිනා
ඇය නම් කදිමය නිතර
දුකක් ලෙඩක් කරදරයක්
ඇති විට අපට
දිව එයි ඇයත් අමතක කර
පෙර කහටත්
සොම්නස දොම්නස
දරමින් එක සේ නිතර
කුමරිය ඇයයි සනසන
අප හදවත් අතර
---රකිත---