දියත දිය රැළි
සිපින මද නළ
කොඳුරවයි
සවනතට රහසක්
පෙර දිනක විඳි
පෙමක සුවඳක්
දැනේ සුළඟක
වෙලා සිසිලෙන්
චණ්ඩ රිවි මඬලක
උණුසුමෙන්
දාහයෙන්
ගත සිතද දවමින්
සොඳුරු වදනින්
මිහිරි පහසින්
එදා සැනසූ
ලොවට රහසින්
සැලෙන තුරු වැල්
සිසිල් සුළඟින්
පවසනා රඟ
පෙර දිනක වදනින්
තබා දෑත් මත
සිප නළල් තලයෙන්
එක්ව සිටුමට
පුරා සසරින්
අවෑමට ගත වූ
කාල තීරුවෙන්
වෙනස් වන ලොව
නොවෙනස් සිතින්
පුරුදු සෙවනක
සුවය ලබමින්
අවදි කරනෙමි
පෙර මතකයන් සිත
මිදී මදකට ලොව
පිරි සරදමින්
තනිව සිටුමට
මද කලක් සැනසුමින්
සිපින නුබ ගැබ
ගොඩනැගිලි අතරින්
නිල්ල පෙනෙනා වූ
කෙම් බිමකින්
දුරු රටක සකුරා
පිපෙන හැටි
හිරු කිරණ ලොව
සිපින මුල් බිම
ඇතිද මතකය
කොනක සිත තුළ
සිහිවනන්න
අද දිනක රිසි ලෙස
වදන් මුමුණා මිහිරි
කෙඳිරිලි හඬින්
පැවසූ දෑ
නිරන්තර ලොව
සිහින මාළිගා
තැනූ දෙදෙනෙකු
මුසුව ගොස් ඇත
හිස් අහස අද්දරට
යුවල් පවුල් මිතුරු
පිරිවර අතර
තනිව සිට
හිරු රැසින් නැහැවෙන
විඳිමි අද දින මුසුව
දුක මද තුටින
රසයක විරහවේ
වෛරයෙන් තොර
---රකිත---