නිදි නොමැති
රාත්‍රිය
දිගු කලකි සුන්දරය
මිනිස් හඬ
නොනැගෙන්න
නිශාචර හඬ
ඇසෙන
නිසසලව ඇත
කුටිය
තනිව සිටිනා
රැයේ
උණුසුමක්
දැනේ සොඳුරු
ගතට මෙන්
සිතට
පෙර කලක
මතකයන්
සිතට ඒ යලි
යලිත්
විටෙක
සුන්දර මතක
තව විටෙක
අසුන්දරය
සියල්ලට
හොරා දැනෙනා
තනිකමද
පාලුවද
දැනේ හදවතට
සොඳ
තනි යහන
දකින කල
පිරිවරා තරු
රැන
දිලෙයි සඳ
නුබ ගැබේ
සඳ සිසිල
ලත් පොළව
මවයි සුන්දර
දසුන්
නිසංසල රාත්‍රියේ
නිසසරුන්
සැරිසරයි
කවුළුවෙන්
ලොව දකිමි
අඳුර මැද
සොඳුරු ලෙස
විඩාපත් ගත
සිත
සනසවාලන්න
සැම දින
නිදි දෙව්
දුව වැළඳ
දකින්නට
සුන්දර සිහින
විසිහතර
පැයක
පරිභ්‍රමණයක්
නිමාවට
පැමිණ ඇත
රාත්‍රිය
මුලු ලොවක්
සනසන්න
සැරිසරයි
සිත රැයේ
එක්තැන්
නොවන කළ
ගෙත්තම්
කරමි කවි පදද
දුවන සිත
අද්දරට
කිමද අද
නොදැනෙන්න
නිදි සුවය
මේ ලෙසට
තනි වන්න
ඉඩදෙන්න
නෙතු පියා
සිහිනයට
තනි යහනක
තනි වන්නෙමි
අද රැය
පොත පත
සයිබර්
අවකාශය ඇත
තනි රැකුමට
දැනුම
විනෝදය ඇත
මදි නොකියන
තුරු
ගෙවමි රැයක්
නිදි නැති
පැතුම්
ගොඩක් මත
බලා සිටිමි
මම
සඳ බැස යන තුරු
බලා සිටිමි
මම
අරුණ වැටෙන
තුරු
බලා සිටිමි
මම
කුමාරියක්
ගෙනෙන තුරු
බලා සිටිමි
මම
තනිකම නැති
වන තුරු
---රකිත---