Sunday, December 18, 2022

~~ මොහොතක ඉනික්බිති ~~


ශුද්ධ වූ ජලය ලැබූ ලෙස වුව
ගී ගයනා සියොතුන් ලෙස වුව
ඉඩෝරයට වර්ෂාවක් ලෙස වුව
ඒ ලැබි සියල්ල අවසාන වී ඇත

දිගු රැයක් නිමවා අඳුරු වූ දින 
උදා හිරු නැගී දුන් ආලෝකයෙන්
දෙනෙත් විවර කර බලනු මැන
සියල්ල නිවැරදි වනු ඇත දිනක

සුසුමක හෝ එක් හුස්මක රැඳි
නොදැනුනු හැඟුමක සටහන් මත
රැළි පිට රැළි නැගි වුව එය හැර යන
නිමාව ඇත දැන් නිදහස් වන්නට  

ඉහළ අහස් කුස පහළ පොළෝ තල
පාෂාණිභූතව ඇති ලොව තුළ
දෙදරවා සුනුවිසුණු වී ඇති සිහිනයන්
මැද තනිව සිටිනා ලෙසින් හැඟෙනු වස්

ඇස් මානයේ පෙනි සවනතට වැකි
පරාසයෙන් ඔබ්බට විතැන් වී ගිය
බලවේගයක රැඳි ආත්මයක තතු
පවසනු ඇත අනන්ත වූ ප්‍රේමයක්

--- රකිත ---