Friday, April 29, 2016

~~ නෙතු සරින් දුටු ඇය? ~~




ලැබුණු සඳ නෙතු සර යුවතියක අද
හැඟුනි ඇති බව වසත් කල තවද
නොදැන නොසිටියා නොවේද අද
අඳුරු වළා මැද රිදී රේඛා ඇති බවද

සිනා රැඳි මුව දොඩමළු නෙතු සඟල
දුටිමි විටින් විට තුමු මිතුරිය හා අසල
බලන සඳ හැරි හැරී බැලුමෙන් කෝල
තුටින් සිත පිනා ගිය හද සලිත වූ ආල

වාරයක් පාසා නෙතු කොනින් බලන
මැවෙන්නේ සිතෙහි සොඳුරු සිහින
පැතුමන් පිරි සිත යන සඳ චංචල වන
ඉවත හෙළමි කඳුලැලි අද නෙත එන

නොමැත වරම් තුටින් ඉඳුමට ලඟින්
නොමැත වරම් බසක් දෙඩුමට ලඟින්
නොමැත වරම් රුවක් විඳුමට ලඟින්
නොමැත වරම් සිනහාවක් පෑමට ලඟින්

නෙතු සරින් සිනහා මුවින් සිටිනා කල
නොදැනීම ගමනාන්තයට ලංවන කල
තෙපළනු වදනක් සිත ලත වන කල
බලාන සිටියෙමි පසෙකින් සිටිනා කල

දුටිමි නික්ම ගිය බව මිතුරිය ඇයගේ නම්
දනිමි බසින බව ඇය මීලඟ නැවතුමේ නම්
සිතිමි දීමට තැතක් දුරකථන අංකය නම්
සිටිමි ඉවසා දරා නොහැකි සඳ ලංවන්න නම්

දකින්නට වරමක් ලැබුණි ඇය බසින නැවතුමෙන්
සුදු නැති වුවද මුහුණ හැඩය දිගු වරලස සොඳින්
ක්‍රීඩා ඇඳුමින් සැරසි ගත ක්‍රියාශීලිත්වයද කියමින්
මද සිනා පා නික්ම ගිය සඳ හදවතද ගැහෙමින්

දුක් නොවන මුත් සිටිය නොහැකිය තුටින්
දැකුමට කැමැත්තෙමි ඔබ නැවතත් නෙතින්
ඇදුනු සිත නොඑනවා වැනිය මා වෙතින්
දුටුවොත් අමතන්න කවි පදය මුහුණු පොතින්


---රකිත---



Tuesday, April 26, 2016

~~ වැසි පෙම ~~


පිටට පැන
කළු වළාවෙන්
නික්මී
නුබ ගැබින්
විනිවිද නොව
වාතලය
රිද්මයට
නැළවෙමින්
මිහිකත
සිපිනු වෙනුවට
සිපින සඳ
හිසද නළලතද
හිස දෙකොපුල්
වෙතින්
ගලා විත්
තෙත් කරනා
විට දෙතොල්
සඟල
හැඟුනි අද
සුවය කුළුඳුල්
හාදුවක
සිතද ගත සුව
දෙන්න
තෙමෙන සඳ
මල් වැස්සෙ
තෙත් කරන මුළු
ගතම
දිය බින්දු වෑහෙන්න
හමන මුදු සිත සුළං
රැළි දැවටෙන
විට ගත
හැඟෙන්නේ අද
වැළඳ ගන්නා
උණුසුමට
නොව සිසිලට
සොඳුරියේ
දෙදරවන අහස්
කුස හෙණ
හඬින්
විහිදුවන නේක
රටාවන්
අකුණු ආලෝක
විටෙක
මිහිරිය දාහයෙන්
දැවුනු සමහර
ඉතින් නම්
පෙම් බඳිමි
වැසි කුමරියට
සුවය විඳිමින්
ගත සිත පුරා


---රකිත---



Monday, April 25, 2016

~~ සිහින පැතුමක් ? ( ආදර ? ) ~~




නෙතු කොනකින් හොරෙන් බලා - මුව කොනකින් සිනාසෙන්න
අත්වැල් පටලා එක්වී -  තණ බිස්සේ ඇවිද යන්න
ලොවට හොරෙන් තුරුලු වන්න - කොපුල් දෙතොල් සිපගන්නට
සුමුදු හඬින් පෙම් වදනක් - තෙපලනු සවනත මී බිඳු වෑහෙන්නට

හිරු දෙවිඳුන් සමුගෙන යන - හැන්දෑවක සොඳුරු ලෙසට
තනිවෙමු වෙරළක සුන්දර - මුහුදු රැල්ල නැගෙන ලෙසට
මුහුදු සුළං සුව විඳින්න - තුටින් කෙළින පොඩිත්තන් ලෙසට
හිනැහෙමු නැළවෙමු සැනසෙමු - පොඩ්ඩෙක් පොඩ්ඩියක් ලෙසට

හිමිදිරියේ නෙතු හරිනා වේලේ - සුභ දිනකට පැතුම් එවන
නෙතු පියෙනා රාත්‍රියේ - සුභ පැතුමන් තුටින් එවන
පුරා දිනක නිරතුරුවම - තුටින් සිටින සොයන බලන
සිහින දකිමි ලැබ ගන්නට - ආලවන්ත හදවත එන

කෝල බැලුම් හෙළන සඳින් - කතාකරන නෙතු අද්දර
ප්‍රේම වදන් කියන සඳින් - මිහිරි හඬින් මුව අද්දර
දෑත් බැඳන් සිටින සඳින් - හිස හොවනා උර තල අද්දර
පෙම් පහසක් විඳින සඳින් - දිනන කලක ලොව අද්දර

උදයක හිරු නැගෙන සඳක - පතමින් පැතු ආදරයක්
සවසක හිරු බැස යන සඳ -  දකිමින් පැතු සිහිනයක්
තරුපති නුබ දිදුලන සඳ -  ඇය ගැන එන සිතිවිල්ලක්
දිනක සිහින කුමරියක් එන සඳ  - බලා සිටිමි ඉවසා මොහොතක්

---රකිත---



Sunday, April 24, 2016

~~ සිහිනය තව දුරයි ~~










අසනු මැන
යොමා සවනත
සොඳින්
මිතුරු මිතුරියේ
යෑමට තව
බොහෝ දුර ඇත
සැබෑ කරගනු
වස් සිහින
අනාගත
පැතුමන් සොඳුරු
එනමුදු
කුමන අරුමද
හරස් වී ඇත
රුපියල් සත
මෙන්ම
පෙනුමද බලයද

කෙසේ නම් තුරන්
කරමුද උපන් පෙනුම
පවතින මුහුණේ
දිගු කලක්
නොගැටුණු සඳ
ඉහළ පහළ සමාජය
එක්ව වැරදි නම්
ඇති මුදු
කළ හැක නිවැරදි
නොලැබ සිටියද
සිප් සතර දිගු කල්
ලබන්නෙමි අද
ගැලපෙන්න සැම විට
කොතෙක් තැත් කළද
අදිටන හැකිද
ඉගිළෙන්න අහස් කුස වෙත

වරද දකිමි නිසි කල
නිසි දෑ නොකළ
පමා වෙලා හෝ
නිසි මග යන්නෙමි
කල් ගත වන මුදු
හදා ගනිමි සිත
එනමුදු නොසිටිමි
නොමැරෙන විලසින්
කාල තුමූ විසඳනු
ඇත සියල්ල
බලා සිටිමි ඉඩදී
පසෙකින් තුටින්
මිතුදම් සැමවිට
රැකගෙන සිටිමින්
දිවි ගමනේ යමි
බාදක පසුකර


---රකිත---


Friday, April 22, 2016

~~ වැටුප් වර්ධකය ~~









බලා සිටියෙමි දින ගණනක්
නොව සති ගණනක්
නොව පුරා සිවු මසක්
ලැබෙන තුරු ගනිමින්
නිමා වන තුරු දෑතේ
දැඟිලි හා එක්ව
ලැබුණු සඳ කවරය
ලිපි ශ්වේත වර්ණයෙන්
දිදුලන නමද අංකයද
සඳහන්ව පැහැදිලිව ඇති

සුභ පැතුම් පෙරදැරිව
මවමින් මිහිරි සිහිනයන්
කවරය කඩා දිග හළෙමි
මනාව නැවූ කඩදාසි ලිපිය
අංක අකුරු මැද
චංචලව ගිය සිත නොවේ
එක්තැන් සතිය පිහිටා
කුමන අරුමයක්ද මෙය
එක් වරම තේරුම් ගත
නොහැකිවන සඳ

උසස් වීමක් නොමැත
එයම සිහිනයක් විය
වැටුප නම් වැඩිව ඇත
එනමුදු සුපුරුදු ලෙසින්
නොව එක්ව රජයේ
නීති රීති රෙගුලාසි සමග
බැලූ සඳ නෙත් යොමා
වටපිට දුටිමි ඇතැමුන්ට
ලැබී ඇති බැව් උසස් වීමක්
තුටු සිනහා මැද සොඳුරු

පඩිය නම් වැඩිව ඇත
වඩා පෙර වසර වල
හිඟ මුදල් ලැබී ඇත
මාස කිහිපයක එකතුව
අහෝ සැම මාසයකම
ලැබේ නම් මෙවන් වැටුපක්
කුමට නම් හෙළමුද
දුක් සෝ සුසුම් කඳුළැලි
මිහිරි සිහිනයන් පැතුම්
සැබෑවක් වෙන කලක

සුභ පැතිමි හදවතින්ම
උසස්වීම් ලැබූවන්ට
එනමුදුද දැන ගතිමි
නොලැබුණු බව
ඇතැමුන්ට රාජ අණින්
දුන් දීමනාවද මෙසේ
කුමන ගැටයක්ද ගසා ඇත්තේ
වෙට්ටු දමන්නට වටෙන්
පුද්ගලික අංශය මෙසේ
රජ අණට සම අයිතියට

දනිමි දකිනා සිහිනයන්
පතනා සුභ පැතුම්
තවත් දුර බව ලැබෙන
වැටුපෙන් කළ නොහැකි සඳ
එනමුදුද නොසිතමි අහිතක්
රැකෙන්නට යන්තමින්
හැකිවන බැවින් අද
ඉතින් මිතුරු මිතුරියනී
පතන්නම් ඔබ සියල්ලන්ගේ
සිහින පැතුමන් ඉටුව යන්නට


---රකිත---


Thursday, April 21, 2016

~~ සැබෑ යථාර්තය ( නොසඟවා ) ~~











නොදැනෙනවා
නොවේ තනිකම
ඉවසා නිහඬව
සිටියාට
නොදැනෙනවා
නොවේ මෝඩකම
නිසි කල නිසි දෑ
නොකළාට

නොදැනෙනවා
නොවේ අඩුපාඩු කම
වයස්ගත සිප් සතර
ලැබෙනා විට
නොදැනෙනවා නොවේ
ප්‍රමාදවූ දිවියම
අවුල් ජාලාවක් ලෙස
දැනෙන විට

එකට සිටි මිතුරු මිතුරියන්
අද නැත සොයන්නට
දිවි මගේ ඉහලටම
නැගෙන්නට වරම් ලැබ
ඇත පිං කළ ඒ සියල්
විදුලි වේගෙන්
ගෙවෙන කාලය අතර
සිරව සිටිමි අද මා

කිමද හේතුව
නොතේරෙනවා නොවේ
සිරව සිට බිත්ති
සතරට නිවසේ පමණට
වඩා දෙමාපිය
තුරුලේ ආරක්ෂාව පතමින්
පිටස්තර ලෝකයෙන්
වෙන්ව සිටි කලක අරුමය

රැකියාව සිප් සතර වැඩිදුර
ලැබගන්නට අවැසි බැව්
දැනෙන විට දැනේ
හරස් වන වයස් බව
සමවයස් අයවලුන් අද
ජයගෙන ඇත දිවි ගමන
පසු කොට ඉදිරියටගොස්
ඉතිරිව ඇත මා පමණක්

කුමක් කරම්ද අද
ලබනු මිස නොලැබගත්
සිප් සතර ප්‍රමාදව හෝ
ජයගනු පිණිස දිවියද
රැකියාවද සොඳින්
ලබන්නට රැකගන්නට
පවතින නිතර සමාජ
තත්වය සහ කාර්යය

මවද දෙසොහොයුරන් සිටියද
දැනේ තනිකමක් අමුතු
නෙතු ගැටෙනා සඳ
අදරවන්තයෙකු ආදරවන්තියක
හදවත කොඳුරයි මොළයට
වෙනසක් කෙරුමට
දුරලන්නට තනිකම දිවියේ
ඇති අඩුවකට හැම

ධනය බලය නිල තලද නිරතුරු
අවැසි වන සඳ වැජබෙන්න
ලෙස පිළිගැනුමට සමාජය
කෙලෙසකද ඉටුව යන්නේ
පැතුමන් සිතේ ඇති
විඳ දරාගනිමින් සියල්ලම
ඉලක්කයන් වෙතට යන්නමි
කල්ගතව හෝ ලැබුමට ජය


---රකිත---


Tuesday, April 19, 2016

~~ වැසි සුවය ~~










පහස මිහිරිද
කෙතරම්
ගත සිපින කළ
නුබ ගැබින් පිනූ
බින්දු වැසි
අවැසි නැත
කුඩය නම් අද
පෙම් බඳිමි
වැසි වසින
සඳ තුටින්
රිදීවන් අහස
යට හිඳ
බලමි කළු
වළා රැලි පෙළ
බීරුමද වැසි
ඇති සොඳුරු
ලෙස අද
නේක වර්ණ
දෙමින් දිදුලන
කම්පා කරවන
හෙණ හඬින්
මිහිකත
අසා සිටිනෙමි
සවනත යොමා
සුමිහිරි වූ
නාදයෙන් පිරි
තුරුලතා
අඹරමින් ඇදී
එන මද නලක්
ගත දැවටි
සිසිලස් සුවය
දෙන අද
ගතද සිත
උමතු නැති මුදු
රසවිඳිමි
වැසි දිනක
අසිරිය මුවා
නොවී අද
අහස  යට සිට
පෙළුණු දාහය
නිවාලා සනසන්න
මිහිකත දැවුනු
නියඟය
නිමා කෙරුමට
දිව නෙත
යොමා එවනු
මැන තව
තවත් වැසි
සැනසුමක් දෙන්න
මුළු රටට අද


---රකිත---