Sunday, November 26, 2017

~~ පැතුමක් ! ~~












වරින් වර නොව එක්
ක්ෂණයකින්
වෙනස් වන නිරතුරුව
ජීවිතය විඳින්නට වූ
නොව යදින්නට
වන සඳ තුටින් සිටිනු මැන
දිවි ගෙවන සෑම
මොහොතක


මුළු හදින් ප්‍රේමය කළ
පැමිණෙනු ඇත
බාධක කම්කටොලු නිරතුරුව
අත් නොහරිනු මැනවි
ඒ සොඳුරු ජීවිතය
විඳිනු මැන සෑම
මොහොත හැඳින නිති
ආලයේ යථා බව


ඇදෙනු ලෙස රිය
සක රථය
හිඳින්නට නිරතුරුව
සෙවනැල්ලක් ලෙසට
ස්පන්ධනය වන හද
රුධිර මාංශය පිරි
අතර ඇති සියුමැලි
පිරිසිඳු හැඟුමන් අතර


හමුවන්න පැතුම්
පිරි සෑම කල
භවයක නොව
හැම භවයකම එක්ව
වැළඳගන්නට ඕතොමෝ
සෙනෙහසින්
ප්‍රේමයේ සොඳුරු
තැන් සොයන්නට 


දිවි ගමන අවසාන
දින තුරා
එක්ව යන්නට
පැතුමන් සමග
නවාතැන් සොයන්නට
සසර පුරා
එතෙර වන්නට
දිනක මතු ලොව


---රකිත---



Wednesday, November 22, 2017

~~ අවබෝධයක් ? ~~










විකසිත වන
ළා හිරු කිරණින්
කැකුළු මල්
සුගන්ධය හමන
පෙනෙනා කල
නෙතු පිනවමින්
මැවේ සුභ සිහිනයන්
මුදු උදෑසන


නිදි ගැට කඩා
හිරි අරිමින්
පියවෙනා පෙර දින
නිදි වැරූ නෙතු
සැණෙකින් දුරලන්න
කුසීත බව
නේක පැහැ ගත්
සුරඟනන් පෙළ


බඹරුන් ඇදේ මල
සොයමින් හිමි තුමුට
අතරින් පතර ඇදෙනා
දෙබරුද සොඳින
සියල් දසුන් කරවන සිත
මන්මත් නිතර
හැඟුම් දැනෙන
හදවත සිත පුබුදුවන


මුමුණන වදන් සීරුවට
ජංගම දුරකථන මුව
හමුවන සැලසුමෙන්
සැන්දෑ යාම හැම
වැඩ පොළ පැය අට
කාලය කරවන සොඳුරු
රුවැති සේම සිප් සතරින්
සැදි සමනලියන් රෑන


පෙරුමන් පුරන වන්නට
බඹරෙකු සොඳුරු
කිමද කරුණු හකුලන්නට
මල් පෙති සුමුදු
පියඹා ගියාද
මල් යායක මතින් සිට
කිම හිමි මල හමුනොවන
කල නොතේරෙන


බඹරුන් අතර වනන්නට
නොහැකිද සමත් ලෙස
දෙබරුන් වුවද
හිමි කරනා මල් ඇතිව
නොබිණින මුත් වදනින් වතට
හිනැහෙනා පසින් සිට
අහිමි වන කරුණ
නොදනීද මලක් හට


නික්මෙනා සඳ අවරගිරි
නුබෙන් රිවි කුමරු
නිවාලන්නට සිත
වෙහෙසකර දිනක තතු
වදන සවනත වැකි කල
යථාවබෝධය ඇති
සනසවමි සිත
කල්පිත කියුම් මැද


පෙනෙනා ලෙසට
නුඹ වියපත් වී යන්නා
සැඟවිය නොහැක එය
තව දුරකට නිම්මා
සුදු වී ගිලිහෙනා හිස කෙස
වියැකෙනා වත ලවනත
පරිණත පෙනුම
පැමිණේ නුඹ වෙත ලෙසින


අවමන් නොවේ
සතියෙන් පිරි සිතින් යුතු
පමාවූ බව දනිමි
වසන්තය ලැබුමට ලොවට
නික්මී යන්න සැරසෙන
ලොව අහිමි කම
තුන් සිත නොමැත කහටක්
ඔබ සැම වෙතට


අහිමි හැම මලට නොකරමි
අවමන් කුරිරුව සිටද
තුටු වෙමි දෙස බලා මල්
යායම නිතොර
අවසර සබඳ සුපුරුදු
ලොවට පියඹා යන්නට තුමුට
වියපත් බඹරා වෙමි
තුරුණු සිත පිරවූ


---රකිත---



Friday, November 17, 2017

~~ ආදර සිතින් ~~













නුඹේ සුසුමන්
සමග මා සුසුමන්
එක්ව හද
ගැසෙන කල
අයදිමි තුටින්
ප්‍රේමය නුඹ නමින්


නුඹේ නෙත
මා නෙතට ගැටෙනා
සුරත් දැඟිලි
පටලා රිසි සේ
අයදිමි එක්ව යන්නට
නුඹ සමගින්


වෙනස් වන ලොවක
නොවෙනස් පැතිකඩක
විහිදුවා නෙත
සිතද හිස
අයදිමි ගෙත්තමට
පද වැලක් නුඹ නමින්


හදවත සිතද සිසාරා
ඇදෙනා ලෙස
බැඳෙන්නට
ආත්මගතව සසරට
අයදිමි හැර දමන්නට
කුරිරු වූ අතීතයෙන්


දැහැන් ගත වන්න
සුමුදු ස්පර්ශයෙන්
වයන්නට නව
සංගීතයෙන්
අයදිමි දුරලන්න
පෙර මතකයන්


රැයක මිහිරැති
ලොවක රසයට
ඉවතලා සේලය
ගතින් සිත එක්වන්න
අයදිමි දිවි ගමනකට
සෙනෙහසින්


---රකිත---




Wednesday, November 15, 2017

~~ සිතක සොව ~~











අහස් වියන්
යට සිට
තනිව සැන්දෑ
යාමයක
නික්මී සැබෑ
ලොවෙන්
දැහැන් ගත වන්න
මනෝ ලෝකයේ


ඉගෙනුමද ලැබ
නිසි ලෙසින්
උසස් රැකියාව
සුදුසු වැටුපක් ඇතිව
ගෞරවය
පිළිගැනුම ලැබෙනා
තුටින් කාලය
නිති ගෙවෙනා


වදන් ඇසෙනා සිත
සනසවන
නොඇසේනා
මානයක
අපහාස උපහාස
සරදම් නේක
තුටින් සිට
දිවි ගෙවන්නට


පෙණ බුබුළු සේ
බිඳ වැටෙන
ඇද වැටී සිහින
ලොවෙන් සැබෑ ලොවට
වදනින් ක්‍රියාවෙන්
නිරතුරු සැම දින
වනන්නට පීඩා
සිතින් නොව හදින්


අවැසි නැත
කවටයෙකු නම්
ලෙසට තෙපලයි නිති
යුවතියන් සොඳුරු
රිදුම් දෙන හදින්
දරමින් සියල් දෑ
තනිවන්න මැවූ
ලෝකයක


බාධක කම්කටොලු
පෙළ නිති
නිමා නැත ඉලක්කය
වෙත යන්නට
කිමද තැවුමට
සිතින් සැම කල්
පෙර කළ
කරුමයක මහිමයද


උරුමයක් වූ
තනිකම නිතර
පසක් කරවයි
ප්‍රතික්ෂේපිත පෙමින්
හිමි වන කලක
අහිමි කම
කුමක් කරම්ද
පිළිගනු මිස තනිකම


සිහිනයන් පැතුමන්
මව පියා දුටු
නොකළ හැකි විය
ඉටු කරනු නිසි කළ
සමාවනු මැන
මද්දුම පුතුට අද
ඔහු ගෙවයි
පෙර කරුමයක පව


---රකිත---



Friday, November 10, 2017

~~ දෙවසරක සරසවි, ඉක්බිති ~~











හමුවෙමුද
වරක් නැවත
පුරුදු සරසවි
බිමේ
කරමු ආවර්ජනා
මිහිරි මතකයන්
ගෙවී ගිය
දෙවසරක සොඳුරු


දෙසුම් හල ඇති
තරුව අද්දර
එහි හිඳිමු අප
එක වරක් තව
පුරුදු හිල්ටන්
ආපන හලේ
විඳිමු තේ රස
මතකයේ


ඇසි පිය
නොහලා සිටින
සවනත
නිති යොමන
මනරම් දෙසුම්
දැනුම පිරි
අසමු බරදී
අසුනට සිත් ලෙස


කේවල කණ්ඩායම්
ව්‍යාපෘතිද පිරි
වැඩ ගොන්නක
සිරව සිට එදා
ජයගත් කලක
වෙහෙසින් දරා
වදනක් කියමු
ඒ ගැන කතා


හිස් මත රැඳි
මහ මෙරක බර ලෙස
බියට පත් සිත
සනසවන්නට
සටහන් පොදි බැඳන්
එක් කරගෙන
වනපොත් කළ සැටි
මතක කදිමය


මහපට ඇඟිලි
දබර ඇඟිලි පටන්
දකුණු අත උරපතු
වේදනා මැද
තුන් පැයක
අභියෝගයක වන
විභාගය වෙත මුහුණ දුන්
විරුවන් වීමු


නේක මාතෘකාවන්
සහිත වූ
පැවරුම් අභියෝග
නොම වන
පැය ගණන් රෑ
නිදිවැරුම් මැද
කැප කරන්
නිම කළෙමු අප සැම


ගෙවී ඇත
කාලයක් දුෂ්කර
එනමුදුද සොඳුරුය
විඳි බාධකද
නිමා වී ඇත
සරසවි ගමන් අද
නිමා නැත
එනමුදු ඉලක්කය තව


හමුවී හිනැහෙන්න
නැවතත්
දෙවසරක සතියට
වරක් ආ සරසවිය
හිමි නොවුණු
නිසි කල වසන්තය
විඳිමු අප සැම
ඉමිහිරි මතකයන්


ජය ටැඹ නම්
ඈතය තවමත්
කටු කොහොල්
කලල් බාධකද එමටය
අදිටනින් වෙර වඩා
මතු දින
සැනසෙමු අප සැම
සම සුදුසුකම් ලැබගෙන


---රකිත---







Monday, November 6, 2017

~~ සුව පහස වැසි ~~


කාල වර්ණිත වළා පෙළ
වසාලන මුළු නුබ ගැබද
හමන්නා සීත මද නලින්
කරවනා සිසිලසින් ලොව

රිදීවන් ආලෝකයෙන් පිරි
සොඳුරු වූ වැසි බීරුමෙන්
හඬ නගන අහස් කුසින්
නෙතු සනසන අකුණු එලි

බිඳින් බිඳ ඇද වැටෙන සඳ
එකතුව ගලා යන ජල කඳ
සර සර හඬින් සවන් වැකි
සනසයි සිත් සතන් ලෙසේ

දිය බිංදු මිහිකත සිපින්නා
රිද්මයට හැඩ ගසන නලින්
මුසුව ගෙරවුම් විදුලි කෙටුම්
පෙනෙනා වස්සනයක සිතුම්

ධන බල කුල තනතුරු නොව
සැමට එක සේ සුවය බෙදනා
නේක අයුරින් පහස විඳුමටම
සියල් දනෝ සිටිති තුටින් නිති

උණුසුමට ගුලි ගැසී සිට අසුන
නරඹමි වැසි කුමරියක රැඟුම්
දියණියකි ඈ සොබාදම් මවුන්
බිහිකළා වූ ලොවක් සැනසුමට

---රකිත---



 

Wednesday, November 1, 2017

~~ පුතු වෙතින් මවට ~~














නිමිත්ත 
මිතුරෙකුගේ මංගල දිනයකදී ලැබුණු ස්තූති පත දෙස බලා සුසුමන් හෙලන මව දුටිමි. 

සොඳුරු මංගල
දිනයක ලැබූ
ස්තූති පත දෙස
බලා සිට
ඔබේ නෙතු
කෙවෙනි මත
රැඳුනු කඳුළැලි
දුටිමි මවුනි


සම වයස් දූ පුතුන්
පමණ නොව
වයසින් බාල
මතු පරපුරද
නව ලොවට පා තබන
මංගල දිනක
දකින ඇය තනිවූ
තම පුතුද


තැත් කළද සැඟවුමට
නෙතේ කඳුළැලි
පිස දමා දෑතින්
මවා ගත් සිනාවෙන්
සැඟවුමට නොහැකි
සිතේ ඇති බර
මවුනි මා දනිමි නුඹේ
ඇති වේදනා බරක


රැගෙන ආ කරුමයද
භවයෙන් භවේ
දෙවියන්ගේ
කැමැත්තක් වේද
වෙනු මැනවි කමා
මද්දුම පුතුට
ඔහු නුඹේ සිහිනයන්
ඉටු නොකළ කල


දූ පුතුන් දකිනා
සුරතල් සිනා පානා
මොලකැටි අත් පා
ස්පර්ශයෙන්
සෙසු මවුපියන් දකිනා
මුණුබුරු මිණිබිරියන්
නොදැනෙනවා නොවේ
නුඹේ සිතුවිලි මවුනි


පියාණන් ලොව හැර
ගිය දා පටන්
මුදල ගැටලුවක සේ
නොපෙන්වා
තුරුණු පුතුන්
රැක බලා ගත් අයුර
නොම වේ අමතක
මවුනි නිරතුරු


සහකාරියක
නොමැති කිම
පමා වනු නම්
ඇයි මෙලෙසකට
අසල්වැසි නෑයන්
වදන් වැකෙන කල
මවුනි නොම
දුක්වන්න මතු


පැමිණෙනා මංගල
යෝජනාවන්
හමුවනා පෙම්බර
ලඳුන් මුදු
අකමැති ප්‍රතික්ෂේපිත
වන කලක
නුඹ සඟවනා දුක
දුටිමි මා නෙත


පුතුන් රජුන් කෙරුමට
ගත් වෙහෙස
පෙන්වමි ප්‍රතිඵල
අධ්‍යාපානයෙන් පමා වී
එනමුදු පමා වැඩි ඇත
ඉටුකරන්නට
පුතුගේ මංගල සිහිනය
මවුනි නුඹ පතන


අපහාස උපහාසය
සරදමින් පිරුණු
කුරිරු ලොව
නොමිනිස්කමින්  යුතු
ධනය බලය නිති
ආලයම වූ කල
කුමක් නම් කරම්ද
දිනුමට ඒ ලොවද


පිං මදිය ලැබුමට
ප්‍රේමයක් යුවතියක
හිමි නොවන ආලයක
නොයන්නෙමි පසුපසින්
පුදන්නට ආදරය
දිවි ඇති තුරාවකට
අවසරද මවුනි රැඳෙන්නට
නුඹ වෙතම


---රකිත---