Sunday, June 21, 2015

අසනීප නිවාඩුව ( ඇත / නැත )

නාස් පුඩු
දෙවනත්ව
උගුරු දඬු
සිසාරා
පිටව යන කිවිසුම්ද
නොනවතින
කැස්සද

සෙම් සොටු
දියර
වැගිරෙන නාස්
පුට
උඩට අදිමින්
පෙති කරල් බෙහෙත්
දියරෙන්
සඟවා ගත්
උණෙන්

ජැන්ඩි පහට
අඳිමින්
සූදානමිනි
වාර්තා කෙරුමට
හෙට
දිනයේ
සේවයට

---රකිත---

Monday, June 15, 2015

දෙදෙනෙක් දෙලොවක්

දෙමුහුන් රථයෙන්
බැස
ලැසි ගමනින්
ඇතුළුව දොරින්
ක්ෂණික අහාර කඩෙන්
මිලට ගෙන
සැප අසුනේ
හිඳුවා
මසද මාලුවද පාන් පිටි
ගුලි සලාද කොළ
මතින්
බුදින කල
ඇය
යදින ඔහු
බුදියි
රොටි කැබලි
ඉඳුල් බත
තේ හලේ
පිට
බංකුවේ
නොනිමි සිහින
මවමින්

---රකිත---    

Thursday, June 11, 2015

එලාම් එක ?

නෙතු පියෙන ගත
නිවෙන
නිදි බරව යන
සැණින
සිහිනයෙන් වැලඳ
ඔබ
කොපුල් තල මුවට
ලංවූ  සඳ
වැදෙයි නැවත
සීනුව
කාල හෝරාවේ
පහේ කණිසමට
උදේ
මිහිරි හඬින්
නව දිනයක
අරුණළු
මතින්

---රකිත---

Tuesday, June 9, 2015

එක් පෙම් කවක්


නෙත ගැටුනු රුව
සොඳුරු
සවනත වැකුනු හඬ
මිහිරි
දුටු දිනේ සිත
ඇදුනු
ඔබයි කුමරිය
සිහිනයෙන්
දුටු

රිවි මඬල අවරගිර
සැඟව යන කළ
සවස
මුණගැසී අතිනත්
පටලා
ඇවිද ගිය මග
මුමුණමින් සවන් පත්
මත
සිතේ රැඳි
ආලය  

සිහින මැඳුරු එක
පිට එක
ගොඩනැගුවේ පරෙස්සමෙන්
රිදී කාසි මොණර කොළද
බිඳ දැම්මේ සිහින
මැඳුරු
සැප හඳුනන දුක
නොදකින
ඇගේ ලෝකේ
මාළිගාවේ
නොරැඳෙමි නොයනෙමි
මින් මතු

---රකිත---    

Monday, June 8, 2015

නික්ම ගිය ඔහුද ? ඇයද ?


දැනෙනවා තනිකම ඔබ නැති


දිවියක කරුමය


රිදුම් දෙයි සවන්පත කන් යොමුව මත රැඳුණු
රිදුම් දෙයි තොල් සඟල සම වදන් තෙපලු සඳ
රිදුම් දෙයි පිට කොන්ද කුදු ගැසී සිටිය සඳ
රිදුම් දෙයි නෙතු සඟල නිදි වැරූ පෙර දිනට


වැඩ ගොන්න නිමා කර හැර ගියද පහේ කණිසමට
සිහිනයක් දකින්නෙමි තදබදය තුළ සිටම
ඇස නොදැකි ගත නොවැටි හිරු කිරණ නොදකිනම
නිශාචරයෙකි තුමුද දිවා රෑ සැරිසරන


අකලට පැසෙන නරකෙස පවසයි ගෙවෙනා වසත් කාලය
පිටුපා යන ඇගේ රුව හඟවයි බොඳව යන පෙම් සිහිනය
නෙතු කෙවෙණි තුළ රැඳුණු කඳුල පවසයි සිතේ දුක
හෙළන දුක් සෝ සුසුම හඟවයි තනිකමේ කරුමය


පවක් කළ ඇති නම් බේරුමක් නැත මෙමට
වරදක් කළ ඇති නම් සමාවක් නැත මෙමට
දොසක් ඇති නම් නිදොස් බව නැත මෙමට
ගැටළුවක් ඇති නම් විසඳුමක් නැත මෙමට


කෙම් බිමක් දකින්නෙමි රුදුරු මාරු කතර තුළ
රිදී රේඛාවන් දකින්නෙමි රැඳෙන කළු වළා තුළ
මිරිඟුවක් වූ දිවිය ගෙවන්නෙමි සෝ සුසුම් තුළ
කරුමයක් වුවද මෙය ගමනකි සසර මග තුළ



---රකිත---      

සින්තටික් ආලය

තිගැස්සී ඇද වැටුණි
සිහින ලොවෙන් සැබෑ ලොවට
යථාර්තයෙන් දමා ගැසූ
කල්හි ඇය
වෙඩි උණ්ඩ වන් වදනින්

කිමෙක්ද නුඹ මට පෙම් කරන්නට
හිස්කෙසද පැසී ඇත තැන තැන
අකලටද ? වයසටද ? ( දෙකටම විය හැක )
හැඩයක් නොමැත මුහුණේ නැත කඩවසම්
මුදලක් නොමැත පොහොසත් නැත

රැකියාවක් ඇති නමුදු
ලොකු පඩියක්ද නැති තනතුරක්ද
රථයක් නොමැති ලැප්ටොප් ටච් ෆෝන්
දැකලවත් නැති
බලයක නාමයක් වත්
නොමැති
විහිළුවේ උපත වන
කෙසේ නම් තොප
මට පෙම් කරන්නද?

නැත ලොකු තනතුරුද
ලොකු වැටුප්ද
නැත රථ ලැප්ටොප්
ටච් ෆෝන්ද
නැත පොහොසත්

නැත ලොකු බලයක්ද
නැත කඩවසම්
ඇති සුදුකෙස්
නැත මුහුණේ හැඩයද
එහෙත් ඇත ආලයෙන් පිරි
නොඉදුල් හදවතක් පුදන්නට
ඔබ වෙත

හදවත කන්නද හලෝ
දුක් විඳිනු බැහැ මෙමට
මා හැර ඇය ඇවිද යන
හැඩ බලා සිටිමි පසු පසින්
ප්‍රේමයේ උපහාසයද විඳිමි
සැමදා විඳින අපහාසයන් සමග

---රකිත---

අහිමි ( ද ) ප්‍රේමය


සිහින කතරේ වැලි තලා මත
පතාවෙමි කෙම් බිමක් සොයමින්
අහෝ මිරිඟුව කුරිරු විය මට
දුක කඳුල පමණද උරුම මට

පෙරූ පිරුමන් පැතූ පැතුමන්
මොහොතකින් යයි සුණු විසුණු වී
හදේ ගැඹුරින් නැගෙන සුසුමන්
දවයි මාසිත වියෝ ගින්නෙන්

නොලැබුනද ඒ සොඳුරු ප්‍රේමය
කතර තුළ මා අතරමං නැත
ගතට වෙර ගෙන සිතට දිරි ගෙන
කරමි තරණය කෙම්බිම දකින තුරු


---රකිත---  

??හාද් ??දක් ??


නුබ ගැබින්
පිනූ
දිය බිඳක්
මහා පොළව මත
සිපිනු පෙර
මහා වෘක්ෂයක
අතු ඉති කොළ දළු
මැදින්
බේරී වැටී
මා කොපුල් තලයේ
රැඳුණු සඳ
සිහි වුනෙමි
පෙර
දිනක
ඔබ නාදළු
මතින් ලැබූ
උණුහුම්
පහස  

---රකිත---