සීතල දුරුත්තට මැදිව
කිළිපොලා යන ගතට
සොයනු වස් උණුසුමක්
නුහුරු පහසක් මතින්
රැව් දෙනා විලාපය
තනි යහන මත සිටින
සිහිනයෙන් හෝ දකිමි
සොඳුරියේ නුඹේ රුව
තනිකමට නුහුරු සිත
ලොල් වෙලා කම් සැපට
සොයා යන නව රසක්
ජිවිතය ඇති තුරාවට
විඳිනු වස් මිහිරියාවක්
තාවකාලික සැපතකට
සිතක් දිව යනු කදිම
ලොවක් මවලා නෙතට
මුවා වී සුපසන් සිතට
හැඟුම් බර යාමයක
නැගී එන රකුස් ගති
තණ්හා රතියට වැදී
ඔබා දිය යට දමා
වළකන්න තැත් කෙරුම
ඵලක් නැත එහි තවත්
හැඟුම් පිරි ගිය ගතට
සලෙළු වරමක් සොයා
නියම් අනියම් ලෙසින්
සංසිඳුවනු වස් පිපාසය
ගත දවාලන ගින්න
රුහිර මස් අස්ථි පඤ්ඤර
හදවතින් සැදි සිරුරු ඇති
සතපවන්නට සොයමි ඒ
සොඳුරු නිමේෂය දිනක
රැළි පිටට රැළි නැගී
වෙරළ වැටි බිඳ දමා යන
ගලා යන තලා විත්
දොගොඩ මෙගොඩ යා කරන
සුසුම් කෙඳිරිලි හඬින්
කෑගසන සුර මත වදින
නිමේෂය විඳිමි අද
සිහිනයෙන් හෝ සොයා
---රකිත---
නිල් වන් වන රොදින් එකළු කළ හිස් මතින්ගිලිහි ඉදිරි වැටේ රොදින් රොද සුදු වෙමින්
වත මතින් පෞර්ෂය ගෙන දුන්නු රැවුල් හැඩපලින් පල තිත් සේම ශ්වේත වර්ණිතව ගොස්
තුරුණු කම් පහස ලද වුවන වත නේක හැඩමිලින වී යන විලස රැගෙන පෙර මහිමයද
උදර ලය හැඩට වූ තෙදවත්ව පෙනුම වූනෙරා කල ගෙඩි සේම නෙතට නුහුරටම ඇති
සොඳුරු කල ගෙවා ඇති නොවේ ඇති වසන්තයගිලිහිලා වැටී ඇති ලෙසින් කාලයා කළ අවෑමට
උරුම නැති ලෝකයක සොයා යන උරුම කම්සිනා සරදම් ඇසේ උපහාසය හා මුසුව
ජය ලැබූ සියල්ලන් තුටු වෙමින් සිටින කලසිහිනයක් වූ අතීතය විඳවනා කල් දකින
සොම්නසක් හිමි නොවූ දොම්නසක තතු ඇතිවපසුවූ කාලයක සිටලොව දකිනු කිමද අද
කළ නොකළ දෑ සිතා වන්නට වූ මුසුප්පුවඅනියත වූ දිවියකට කුමන නම් අරුමයද
සදා නොවනා ලොවක සදාකාලිකව ඇතිමෙනෙහි වූ අනියතක පහන් වූ සිත් ඇතිව
---රකිත---
හිරු මඬල නුබ ගැබින්
බලා යන ගමනකට
අවරගිර ක්ෂිතිජ ඉම
රක්ත වර්ණිත වෙමින්
වියැකෙනා සිහින පෙළ
සඟවන්න තැත් කරන
කදිමයකි දිවියට නුඹත්
කාලයා ගෙවී ගිය
දැන නොදැන කළ කී දෑ
පසුපසින් ආ අපූරුව
කම් ඵලයන් කියා ඒ දවස
මුවා කළ සැටි දකින
පමා වැඩි බව දැනෙන
විටක තතු වැටහී යන්න
දොම්නසින් සෝ සුසුම්
පමණකිය තනිවට සිටින
මවා සොඳුරු බව
රුදුරු අතීතය වෙතට
පවසා වදන් ගොතා
කියනා මුසාවන් වෙත
යොමා එපවත් අසා
හිනැහෙනා සරදමට
වදාරා ඉවසුම හැර
කුමක් නම් කරමුද
සොඳුරු යෞවනය ලැබ
සිර කරන් සිව් බිතු තුළට
විඳවනා වත්මනක
අපැහැදිලි අනාගතයක් වෙතට
කළ දෙයක් නම් නොමැත
කරන්නට බොහෝ ඇති
දුටු නොදුටු ලෝකයක
නෙත් නොමැති අඳුරු කම
සොඳුරු පැතුමන් පිරුණු
වසන්තය පැමිණි සඳ
ඉවතලා සියල් සැප
වැළඳ ගෙන දොම්නසට
අහිමි වූ ඒ සැපත
මහිමයේ තතු දකින
මුග්ධ කම් එකල ඇති
හිස් කබල් තුළට වී
හිනි පෙළින් ඇද වැටී
සුනුවිසුණු වූ ලොවක
සිහිනයන් දකින්නට
වරම් නම් නොමැති කල
හිරු කිරණ සේම ඇති
අවර ගිර ගිලී යන
ක්ෂිතිජ ඉම අද්දරක
සිත්තම් කරමි නුඹේ රුව
---රකිත---
උරුම කළ කරුමයකවිඳින්නට කළ පවකතරම දැන හෝ නොදැනවිඳිමි දුක් වේදනා සිරව ඇති සියල් ගතනාසය මතින් ජල කඳ ඇතිවමියෙන නොමියෙන ලෙසටදිවිය නම් කුමට මට නිමක් නැති වැඩ ගොන්නඑක පෙළට එකිනෙකටපෙළ ගැසී පැමිණෙනාසිත් පිත් නොමැති ලෙසින් තෙත් හදක් නොමැතිවියළි සිත් ඇති මනු සතුන්තලා මරා උරති රුහිරයන්උදුරන්න පන නලද වනසා පාගා දමා අන් දනන්කුමට නම් ජය ලබානොතේරුම් කමදආත්මාර්ථකාමයක් පැවසවනා වැඩි ලකුණු උන් හටත්පොඩි ලකුණු පොඩි අපිටකෙදිනකද සිහිනයන්දකින්නේ අප සැමත් කර පටිය වේයදැනෙනා යදමක් විලසගෙල බැඳි නම් පතත්වහල් යුග සිහි කරන ගත නොවේ තලනාසිතක හදවතක දුකනොදැනේවි නුඹලාටකරනා පව් කඳක තතු රිදුම් දෙන සිතවෙහෙසකර ගතහිසේ කැක්කුම් ඇතිසවස් කාලෙට පහේ කණිසමනොවේ නිමවනා වැඩඅඳුර පමණකි ගතවෙළෙන පිටතට ඵලක් නැත වෛරයෙන්කරන මිනිසුන් දවනවිසඳුමක් නම් නොමැතිකරුමයක විඳින්නට නිමා කළ සේවයෙන්පිටව යනු පමණ ඇතවිසඳුමත් එයම පමණකිසිතට සහන දෙන