Wednesday, June 29, 2016

~~ වැටුප ~~










කිමද නුඹ කරනු
සරදම් මෙලෙස
හැම අතට
පත් කල
මාසයේ අගට
ඉතුරුවක් නොමැති
වියදම පමණද
නෝට්ටු කාසි
විද්‍යුත් පතකින්
නික්මී වේගයෙන්
මැවෙනා සිහින
බිඳෙන සැටි
කුරිරු ලෙසකින්
භෞතිකව
අධ්‍යාත්මිකව
රෝමාන්තිකව
සියල් මැද
හැර යන්නා වූ
සිහින කුමරිය සොඳුරු
කුමන අරුමද
නුඹ මෙතරම්ම
බලවත්ව
පාලනයට නතු
කරන අප
ජීවිතය මුළු
ගැටෙමින් කාලය
ගෙවෙනා
වේගයෙන් නිති
ආදරය ප්‍රේමය
බලය ඔද තෙද
සියල්ලම
එක්වන්නා වූ
නුඹ වටා
නිතර
කෙසේ නම්
තනිව දිවි
ගෙවනු
සොච්චමක් වන
නුඹ සමග
සිහින දකිනු කිම
කිසිදා ඉටු
නොවන සඳ
දිවි පැතුම් පෙම් පැතුම්
නුඹ වෙතින්
මසකට වරක්
දිනට විසිපස්
අත මිට මොළවන
වැටුප


---රකිත---


Tuesday, June 28, 2016

~~ තනිකමද ? ~~










ගලා එන්නට සිතිවිලි
නිමක් නොවනා
දුවන පනින සිත
එක්තැන් කරනා
සෞන්දර්යයේ
අත්විඳිනා සොඳුරු
රිද්මයෙන්
අපූරුද මෙතරම්
ගත සිත වෙළෙන
තනිකමද

අසුන්ගෙන බංකුවක
දැව පාෂාණ ලෝහ
කය බර දෙමින් හෝ
නීල තෘණ බිමක
වැලි තලාවක
ගංගා ඇළ ඉවුරක
මුහුදු වෙරළක සිසිල්
දැහැන් ගත වන්නට
සුවය ලැබුමට
තනිකමද

සැන්දෑ යාමයක
රිවි මඬල බැසයන
අවරගිර දිදුළන
අහස් කුස
නැග එන සඳ මඬල
වියැකෙන සියොත් නද
හඬ ඇසෙන නිශාචර
සිසිල් මද නලින්
විඳිනෙමි සුවය
තනිකමද

අඳුරු කර නුබ ගැබින්
කළු වළා එක්වෙන
විදුලි එලි විහිදුවා
නංවමින් හෙණ හඬින්
මුවා කර හිරු
අඳුරු වැහි බීරුමින්
වැසි බින්දු
ගත සිපින එන
ලබන්නෙමි සුවය
තනිකමද

උස් අසුනට බර දෙමින්
අසුන් ගෙන
අසල කවුළුවක
ධූලි කාබන් පිරි
නලක පහස ලැබ
නෙතු පියන්
නිදි සුවය විඳිමින්
ගැස්සෙන පැද්දෙන
රිද්මයට රථයේ විඳින
තනිකමද

විදුලි සංඥා මැදින්
පුරවමින් මනු
සිත් සතන්
තාක්ෂණ ලොවක මැවි
සයිබර් අවකාශයේ
සියක් නොව
දස දහස් ගණනක්
මැදක හිඳ
මිතුරු සුව ඇතිව
තනිකමද

මවා ගත් කල්පිතය
මැද දකින්නෙමි
යථාර්තය
සැම කල්හි
ගෙවෙනා කාලය
දිවි මග යනෙන
නොහැකි ලෙස
ගැලවීමට
වෙළෙන කළ
තනිකමද


---රකිත---


Thursday, June 23, 2016

~~ ආදරණීය මිනිස් කුමරු වෙත ~~



අවරගිර නුබ රිවි මඬල බැසයන  
අඳුරු සෙවණැලි අතර සැඟවෙන
මිනිස් ලොවම දින අඳුරු වන  
මළවුන් ලොවම එලියම වැටෙන

නැගෙන්නට අඳුරු ගෘහයෙන්
පාව එන්නට වාතලය අතරින්
මිනිස් ලොව ගොදුරු අඳුරෙන්  
සොයන්නට රෑ වීදි මැද්දෙන්

පාලු වීදියක දුටිමි ඔහු ඇවිද එන  
දැනුණි ඔහු නිසසරෙකු නොවන
බිමට බර නෙත හස රැලි නොඑන  
සුවඳින් මිනිස් කුමරෙකුද වන

නෙතේ කඳුලද හද ගැසෙන රාවයද  
ලයෙන් නැගෙනා සුසුමන්ද
රුහිරු ගමනද පා තැබුම් තලයද  
කියයි ඔහු වෙළෙනා තනිකමද

පිවිසෙන්න ඉදිරියෙන් ඔහුට
වෙළන තනිකම මකාලන්නට
ඔහු ගොදුරු නොකරන්ට  
ගොදුරු වන්නමි ඔහුගේ ආලයට

පියමනිමි තනිවූ මිනිස් කුමරු වෙත  
අත් බැඳ ඔහු වැළඳ මා වෙත
නොසඟවා පවසන්නෙමි ඔහු වෙත  
කවුරුන්ද මා පැමිණි ඔහු වෙත

සියවසක මනු රුහිරු මත යැපුණු  
සියවසක හද තනිකමින් පෙළුණු
සියවසක දුටු සිහිනයක් පිරුණු  
ඔබ දුටු සඳ ගත සිතද තුටින් පිරුණු

අත ගනිමි අද නුඹේ මනු කුමරුනි  
සමුදෙමුය විඳි තනිකමට කුමරුනි
පෙම් කරමි නුඹ මිනිස් කමට කුමරුනි  
වැළඳ එනු මැන මා වෙත කුමරුනි

දිව යන රුහිරු ගෙල බල නහර තුළ  
තියුණු දන්තයෙන් පිරිමදිමි ගෙල තුළ
රක්ත වර්ණිත රුහිරු මා මුව තුළ  
මගේ රුහිරෙන් කරමි භෞතීස්මය තුළ

නුඹම වේ මගේ ලොව මනු කුමරුනි
දිනිමි හද නුඹේ පෙම ලැබුමට කුමරුනි
සදාකල් ජීවනය නුඹට දෙමි කුමරුනි
නුඹයි මා පෙම් බැඳී මුදු මිනිස් කුමරුනි


---රකිත---


Tuesday, June 21, 2016

~~ අන්ධකාරයේ කුමරියට ~~













නොලැබ සිටි සඳ
එලියක්
පැතූ ලෙසින්
ආලෝකයෙන්
සිතිමි
යොමුවන්න
මේ ලෙස
අඳුරු පෙදෙසට
ලැබුමටද
එලියක්
පෙර නොලැබූ
ආලෝකයෙන්

අඳුරු පෙදෙසේ
දුරලන්නට
අඳුරු බව
දකින්නෙමි රුව
ඔබ සොඳුරු
අන්ධකාරයේ
කුමරිය
රුවට හඬට
ගමනට
වසඟ වන්නට
අවැසි නැත
නික්ම යන්නට

එනු මැනවි
මා වෙතට
වැළඳ ගන්නට
තුටින් ඔබ
සතපනු මැන ඔබ
රක්ත දෙතොල්
ගෙල මතින්
ශ්වේත වර්ණිත
තියුණු දන්ත
යුගලයෙන්
සිදුරු කළ මැනවි
බල නහරයන්

වනු මැනවි
සන්තෘප්ත තුටු
ලෙසින්
පානයෙන් මා
නහරගත රුධිරය
කරමින්
පරිවර්තනය
ඔබේ වර්ගයට
වෙන්ව යෑමට
නොවන
එක්ව සිටුමට
සදාකල්

සමුදෙන්න මිනිස්
ලොව වෙත
නොමිනිසුන් පිරි
පා තබන්නට
නොමිනිසුන් ඇති
එනමුදු
ඇති මිනිස් කම්
පිරි අඳුරු ලොව වෙතට
දෙනු මැන ඉඩක්
ඔබේ රුධිරයෙන්
කර භෞතීස්මය
මා තුටින


---රකිත---




Friday, June 17, 2016

~~ සොඳුරු වෑම්පයර් කුමරියට ~~



දිගු නෙතින් සුදුමැලි වතින්
දිගු කෙසින් රතු දෙතොලින්
ශ්වේත වර්ණිත උල් දන්තයෙන්
සුන්දර වතින් ගුප්ත පෙනුමින්

දිගු සේද ඇඳුමින් සැරසි ගතින්
උස් අඩි පාවහන් දැමූ දෙපයින්
අඳුරු රැයක මැකුම තනිකමින්
නැගී එනු මැන මළ සොහොනින්

සිතක් නළවන ගමන හැඩකාර
මහලු තුරුණු සිත නිබඳ වශීකර
සැඟව සිට එන ඝන අඳුර මුවාකර
ගැටෙන්නට නෙතු එන්න සිරිකර

උණුසුමක් නොව දැනේ සිසිලසට
නතර වේ හද ඔබේ මුදු සුව හඬට
වශී කර ගත සිත නෙතේ බැල්මට
සැදී පැහැදෙමි ලබනු ඔබේ පහසට

පිරිමදිනු මුළු ගතම දිගු අතැඟිලි තුඩින්
සිප ගන්න සියොලඟම රක්ත දෙතොලින්
සිසිලසින් සනසන්න ගත සිතද මොහොතින්
සිප වැළඳ ගනු මැනවි මා ඔබේමයි තුටින්

සියවසකටත් වැඩිව දිවි ගෙවූ කාලයෙන්
දනිමි රස බැලූ බව දහස් මානව රුධිරයෙන්
කැප කරමි ආත්මය ඔබ වෙතට මෙලෙසින්
සිප සිදුරු කර නහර සැනසෙන්න රුහිරෙන්

ලබන්නට ජීවනය සදාකල් ඇත කැමැත්තෙන්
ඔබයි සොඳුරිය අත රැඳී ඇති ගැලවුම මරණයෙන්
කරගන්න මා ඔබේ දිවිගෙවුමට සදාකල් සොඳින්
මිනිස් භව අත්හරිමි වෙන්නට ඔබේමද තුටින්

---රකිත---


Wednesday, June 15, 2016

~~ වදින්නට ! ~~











පෙනෙන්නෙහිද
ඔබ සැමට
කටගැස්මක් සේ
තලු මරමින්
හපකර දමන්නට
සියල්ලන්
ඉදිරියේ
උසුළු විසුළු
පෑමට නිතර
සෝපහස
සිනහවෙන්
විලිස්සමින් දත්
කරමින් නිතර
අපහස උපහාස
නිමක්
නොමැතිව

ඇඳුම් පැළඳුම්
කතාබහද සිනහවද
ගමන බිමන
අත් පා චලනයන්
හැසිරීමද
කිමද තෙපි හට
සරදමට කරුණද
සිතමි උන් අද
තුමු නිවැරදිම බව
නොදැක
පරාලය උන් ඇසේ
රැඳි ඇති
සොයයි පොල්
කෙන්ද
අනෙකාගේ
නෙතේ රැඳි

නිවැරදිව උසස්
ලෙසින්
සිතා සිටින
තොපේ රඟ
නෙතු ගැටෙනා
කලට
තද කර සිටිමි
සිනහව
නැගෙන හද
පතුලින්ම
මවා ගත් ලොවක
දිවි ගෙවෙන
රැල මුග්ධ
සිතන්නේ ලැබුණු
ලෙස දිනුම
තොපලා වෙතට

නොසඟවා හැකියාව
වෙර දරමි
සිටිනට සත්‍යය
ලෙසින්
සරදම් උපහාස
අපහාස හිරිහැර
මුවින් නොබැණ
නොමැති තැන
ඔලොක්කුව
දමන
දනිමි මම
තොපි සියල්ලන්
ගැන සොඳින්
සිටියාට
ඉවසා වදාරා
හිස නමා


---රකිත---