Friday, June 29, 2018

~~ වියෝවක ! ~~










නුඹ දෙස බලමි
අවසන් වරට
මුණනොගැසේනා
කල නැවත
නොපැමිණෙමි මතු
දිනක හෝ
සොයා අහිමි වූ
ආලයක තතු


හැර නොහැකි
මතක පෙළ
ඔබ හා එක්ව
ගොඩ නැගූ
හිස් අහස්
ක්ෂිතිජ ඉම සිට
සඟවනා
කඳුළැලි නිබඳ


දුකද සැප අසළ
වෙනස නැති
හිඳිමු කී
වදන් මිහිරිව
අවැසි නැත
තෙපෙලුමට තව
සමුගන්න දෙනු
මැන අවසරය 


විසල් ලොව තුළ
ඇතිය ඉඩ කඩ
සොයා යන්නට
නව මං පෙත්
හදවතේ නුඹ නම්
නොමැත අද
තනිවෙමි නැවත
මා මගේ ලොව


ඉඳ හිටක මැවේ
නුඹ රුව
සිහිනයෙන් නොව
සැබෑ ලොව
මියුරු සෙනෙහෙබර
වදන් පෙළ
කොඳුරනු දැනේ
සවනතට මා


එක මග ගමනක
හමුවන කල
දෙමංසලක
නැවතී මදකට
හිනැහී යමු
අපි ලෙස නාදුනන
හැර දමා පෙර
මං සලකුණු


සියල් අනියත වූ
ලොවක ඇති
නියත වනු කිම
පෙම පමණ
සසර කෙළවර
තුරාවට
වෙන්ව යමු අප
මේ ලෙසින් හැම


---රකිත---


 

Monday, June 25, 2018

~~ මිහිරක් ලැබ ! ~~
















ඉඳිමුද ටිකක් තව
දෙදෙනාම
තනිවී මේ සොඳුරු
මොහොතක
සුමුදු මුදු පහස සුවය
දෙන ගතට
සනසයි සිතද
සොඳුරියේ මෙමට


පමා වනු බැහැ නොව
අයියණ්ඩිය
පැවසුවේ නැහැ
නොව අම්මාට
අප්පුච්චා නම් දන්නේ
නැතුවා තවම
ඉව වැටේවිද අයියාට
වැඩ කරනා නගරයේ


දෙනෙත කරවනා
හැඟුමන් පෙළ තුරුණු
ගැටෙනා කොපුල්
තොල් පෙති අතර
කරවා තුරුලු පිරිපුන්
ලය සිත් ලෙසින
නොදැනේ දෙපා
වෙළෙනා එක්වී සවිය


කතා බහට මාගේ සිත
බැඳුනා නුඹ වෙතම
රුව දැක ගන්න තතු
දැනගන්නට සිතූ ලෙසිනා
ආදර බර ප්‍රේමනීය වැඩකට
අකමැතිවා නොව
සිතට බයයි අයියේ දුර දිග
යාවිදෝ සිමා නැතුවා


නුහුරු සුවය කරවයි
හැඟුමන් අවදිව සිත් සේ
රාග නුරා කාම රතී
සිතුවිලි සටනින් වැද සිටිනා
හදවත නොව හිසද
යොදා කරනා මෙහෙයද
බිය නොවනුය නැගණිය
රකිනෙමි ඔබ මා නිතර


පොරොන්දුවක සවිමත් බව
නුඹෙන් දුටිමි අයියේ
බියක් සැකක් නොමැත
නමුදු සිතේ තිගැස්මක්ද ඇතේ
ආලය රාගය එක කාසියේ
දෙපස වේ බව දනිනා
රකිනුය මා නුඹ තුරුලේ දිවි
ඇති තුරු මේ ලෙසිනේ


රොන් නොලබන මලකින්
පල නැතුවා දනිමි
මල නොතලා රොන් ගන්නට
වෙර නොදරා
දැන හැඳින නිසි ලෙසින
දුර ගමනක යන්නා
එක්වෙමු අප මව්පිය
සිහිනය සැබෑ කරමිනා


හාදු වැස්සක මිහිර ලබමු
මුසු කොට ආදරය
ලතාවන් සේ වෙලී
යන්නට නුදුටු ලොවකට
රැකගෙන කුමරි බඹසර
පමණ නොව කුමර බඹසර
මිහිර විඳගමු ප්‍රේමයේ
වසන්තය ලැබුවා පමණි


---රකිත---


 

Tuesday, June 19, 2018

~~ මතක සයුරු මත ~~










දෙබෑ කර ජල 
තලය 
සාගර තොමෝ 
මත ඇදෙන
නෞකාවක 
ලෙසින්
නික්ම යන
වසන්තය
දෙස බලා
පහන් වූ සිතින්
සමුදෙමි
අද දින
මුහුදු රළ සේ
නැගෙන
රිද්මයට සයුරු
තල මතින
ආලයේ ගීතය
ගයන්නට
අහස් කුස සරනා
ලෙසින්
සියොතුන්
හා එක්ව
නිදහසේ සිතුවිලි
අරන්
බැස යන හිරු වෙත
පවසමි නුඹ නම
වළා පෙළද රැගෙන
හසුනක් ඔබ හට
නිල්ලක් නොදකින
දියවැල් අතරින්
සාගර ස්වර මත
පවසන කල හද රැඳි දෑ
සිහිනෙන් හෝ නුඹ
දැකුමට වරමක්
පතනෙමි නිහඬව
හදවත පතුලෙන්
වැල්ලක වෙරළත
රචිතව අකුරින්
මැකෙනා විට රළ
රැළි එය සිපිනා
ඉපැරණි මතකය සිත
වද කෙරුමට
කල් පැමිණිය ඇත
සමුගෙන යන්නට
කරදිය නල පිසදා
හරිනා ලෙස
රුදුරු සටහන් මුසු
වන මහ සයුරට
---රකිත---




Sunday, June 17, 2018

~~ Traveler ( Life ) ~~







Time passed away
when I walked
through the desert
of loneliness
I noticed the oasis and
I stopped there
On a trip for fresh
water of love
Among the trees
of cool
On the dunes
of wind
I saw your shadow
through light
Soothing walk
on sand
The moon had raised and
the sun went down
she shone
and shined like a star
Outside of cold,
it's unheard of
With your ever
comforting hands
Hug you with Love
and care
with the glory
of youth
In a world that
created dreams
Springing up
forever
No chance to stay
in oasis more
I must begin the
journey this way
I could remember
this by memory
The valleys are lonely
and lonely
--- Rakitha ---


Monday, June 11, 2018

~~ ( අ ) හිමි ~~












වේදනා බර
නුඹේ
නෙතු මතින
විඳ දරා ඉවසා
වදාරා
වෙහෙසෙනා


වටිනා කමක්
නුඹට
හිමි විය යුතු
හැඟෙනු කදිමය
ගැසෙනා
රාවය හදේ


නුඹ මා
වෙනුවෙන්
නොව මැවුනේ
ඉවත හෙළනු
කෙලෙසක
රුදුරු ලෙස


අවැසි නැත
රැඳවුමට
නුඹ හා මෙමා
දෙනු මැන
අවසර
වෙන්වන්නට


මැකී යන අඳුරින්
අහස් කුස
ආලෝකයට
හමන මද නලද
නොදැනෙනා
ගතට


නිශාචර හඬ
සවන වැකි
ගිලිහෙනා කුරුලු නද
හැර යන්නට
හුරු උණුසුම
වරක් ආදරය පිරි


පිදුමට හැකි නම්
හිමි යුතු
සෙනේවන්තකම
වදනින් බිණුමට
කරුමින්
කෙරුමට පෙරට


එඩි බල සවි බල
හා ධන තෙද
බල රැකි නම්
සිටිනෙමි නුඹ
හා සසර පුරා
පැතුමක් විලස


ඔහු මා
නොවෙමිය
අන් කෙනෙකුන් ඇති
හිමි විය යුතු නුඹ
මට නොව ඒ
පින නැති


කිසිවක් නැති මුත්
පවසමි
සිතු ලෙස
නුඹ වෙනුවෙන්
සිටිනෙමි
මිතුරෙකු විලසින


---රකිත---


Monday, June 4, 2018

~~ සිහිනයේ නිදහස් කව ~~











නෙතු පියා
නිදි සුව විඳින
රඟන රැළි
අතරින් කිමිදී
දිදුළනා තාරුකා
වියන යට


හමන සිසිල්ස්
නලින්
කොඳුරනා
වදනක්
අහිංසකාවිය
නුඹට


එනු මැනවි
මා සමග
හිරු සඳු රනින්
දිළෙනා ලොවකට
පදිමු
ජීවන ඔරුව


සයුරු අහසද
හමුවන තැනක
වළා පෙළ
සිනාසෙන
සාගරේ
ගීතය ගයමු 


පෙර දිනක
දුටු සිහිනයක
සොඳුරු ගී හඬ
සවනත වැකෙන
ආලයේ නර්තනයක
රිද්මයට


මළිගාවන්
පරාදීසයේ ඇති
තුරුලතා තොටිලි
මත සිට
නොහඬනු මැනවි
ඔබ වෙනුවෙන් සිටිනෙමි


---රකිත---


Saturday, June 2, 2018

~~ පමා වූ පෙම්වතිය ~~



වස්සානයේ සොඳුරු බව විඳින
සිසිලස මතින් මද නල හමන
නිහඬ රැයක තනිකම මැකෙන
වසන්තය වීද නුඹ මා සනසන

ලොව ආලෝකයෙන් දිලෙන
බලනු මැන අප ගොඩනගන
ස්පර්ශ කෙරුමට හද මතින
පැතුමක් සිහිනයක් නොවන

වරක් අවසරද හැරී බලනට
වුවන මද හස පිරි ආලයට
නුඹේ හැඟුම් අවබෝධයට
හිමි කර ගනිමි මා වෙතට

සිත් රිදුම් දෙන වුව කලක
දැනේ නුඹ පුරාවට සිතක
සනසවන සිත පෙළ මතක
ඔබ සිටිනු ඇත වී කලාවක

හරස් වී ගෙවුනු කාලය රුදුරු
අවැසි නැත අප සිතුවිලි කුරිරු
ජය ගැනුමට එක්ව ලොව සොඳුරු
හඬ නගා ගයමු ජිවන ගීය මියුරු

පවසමින් එක් වදනිකින් ඔබට
සිතක රැඳි හැඟුමකින් ඔබට
සිත පුරා මුව පුරා පුරවා ඔබට
සෑමදා ආදරෙයි මම සුදූ ඔබට

---රකිත---