Saturday, June 2, 2018

~~ පමා වූ පෙම්වතිය ~~



වස්සානයේ සොඳුරු බව විඳින
සිසිලස මතින් මද නල හමන
නිහඬ රැයක තනිකම මැකෙන
වසන්තය වීද නුඹ මා සනසන

ලොව ආලෝකයෙන් දිලෙන
බලනු මැන අප ගොඩනගන
ස්පර්ශ කෙරුමට හද මතින
පැතුමක් සිහිනයක් නොවන

වරක් අවසරද හැරී බලනට
වුවන මද හස පිරි ආලයට
නුඹේ හැඟුම් අවබෝධයට
හිමි කර ගනිමි මා වෙතට

සිත් රිදුම් දෙන වුව කලක
දැනේ නුඹ පුරාවට සිතක
සනසවන සිත පෙළ මතක
ඔබ සිටිනු ඇත වී කලාවක

හරස් වී ගෙවුනු කාලය රුදුරු
අවැසි නැත අප සිතුවිලි කුරිරු
ජය ගැනුමට එක්ව ලොව සොඳුරු
හඬ නගා ගයමු ජිවන ගීය මියුරු

පවසමින් එක් වදනිකින් ඔබට
සිතක රැඳි හැඟුමකින් ඔබට
සිත පුරා මුව පුරා පුරවා ඔබට
සෑමදා ආදරෙයි මම සුදූ ඔබට

---රකිත---



No comments:

Post a Comment