පා තබා පිය මනින
සුමට පා කමල් යුග
නොනැගෙනා හඬ
දැනේ උණුසුම පිටට
මුවින් නොබිණි
වදනක් පවසනා නෙතු
ලජු බරව බිම් බලා
පැමිණෙනා ඇයද
දිගු කරන සුරත මත
දිගු ඇඟිලි වට කරන
බුලත පිරි රනින් දිදුල
හෙප්පුවක් ඇතිව අත
බලා හිස ඔසවා සෙමින්
මුවග රැඳි සිනාවක් පිරි
සුරඟනක් දුටිමි මා
නුඹ දුටු මුල් දින පටන්
සිත් පහන් වන දකින
රුවක් ඔබ තුළ රැඳුනු
එදා රැඳි මතක පෙළ
අදත් ඇත තනිව සිටි
හුදකලා වූ මොහොත
දෙමාපිය සෙවණ යට
පළමු ලෙස තෙපෙළ
ඒ වදන අද සිත රැඳුනු
පෝරු මත නැගි දිනක
මැවූ රුවැති මනාලිය
නුඹ වෙතින් දකිනු වස්
මවමි කවි සිතුවිලිද
හුදකලා ගමනක පැමිණි
නිමාවක් දකින්නට
ඉතින් මට අවසරද අද
පවසන්න කුමාරියේ
මව් කුසින් ආ නමුදු
හිමිවනා මිහිකතට
වස්සානයේ සුවඳ
රැගෙන දිවියට එන්න
සසර මග ගමනකට
මුල පුරන ආලයට
අවසරයි සොඳුරියේ
ජිවිතේ ගමනකට
---රකිත---