Thursday, April 27, 2017

~~ 今日の日はさようなら ~~ / ~~ සමුගනිමු අද දිනයේ ~~












いつまでも絶えることなく
友達でいよう
明日のひを夢見て
希望の道を


空を飛ぶ鳥のように
自由に生きる
今日の日はさようなら

また会う日まで

信じあう喜びを
大切にしよう
今日の日はさようなら
また会う日まで

また会う日まで。



වෙමු අප  මිතුරු මිතුරියන්
නිමා නොවනා සදාකල්

සිහින දකිමු හෙට දිනයේ
බලාපොරොත්තුවේ මග

නුබ ගැබේ පියා සලනා සියොතුන් ලෙසින්
නිදහසේ දිවි ගෙවන්නෙමු අප
සමුගනිමු අද දිනයේ මෙලෙස
නැවත හමුවන දින තුරු

ගොඩනැගූ විශ්වාසය තුටින්
නිධන් කරනෙමු මෙලෙස
සමුගනිමු අද දිනයේ මෙලෙස
නැවත හමුවන දින තුරු




Wednesday, April 26, 2017

~~ ආලයේ පැතුමක් ! ~~












පැමිණෙන්න සොඳුරියේ
එක්වන්නට
සදා නොවෙනස්
ප්‍රේමයේ පිවිතුරු ලෙසින්


රන් හුයෙන් බැඳෙමින්
සිහින දකිමින් සොඳුරු
අනාගත පැතුමකින්
සිත් සතන් වන තුටින්


අහස් කුස සිසාරා
පියාසලන සියොතුන්
ලෙසින් නිති අපත්
විඳිනට නිදහස් ප්‍රේමයේ


සොඳුරු තැන්
සොයමින් රිසි ලෙසින්
අවසරයි තනිවන්න
මිහිරියාවක සිත් ලෙසේ


පිවිතුරු පෙමක
විශ්වාසයක වටිනාකමක්
රකිමු මින් මතු
සැමදා නිතින් අප


සිරව සිටි අඳුරු රුදු
තනිකමේ ලොවට
සමුදෙන්න අවසරයි
ඉගිලෙන්න නිදහසින්


වස්සනයක මිහිරි ගීතය
සවනත යොමන්නට
එක්ව ගැයුමට ජිවන
ගීතයද රඟන්නට පහස


තැනුමට වස් සොඳුරු කැදැල්ල
අවසරයි පියාසැලුමට ලොවට
සැබෑවන්නට පතනා පැතුම්
අවසරයි එක්වන්න ප්‍රේමයෙන්


---රකිත---




Monday, April 24, 2017

~~ අගට මුත් ~~












මියැදෙනා වස්සනයක
අග පූදිනා ගිම්හානයක
පහසක් විඳින්නට ගත
සැරසි මුත් නොමැත
සිත සැරසි ඇති
නොසඟවා තුරුණු
බව නිති පද බැඳුමෙන්
සුසැදෙනා

නේක විසිතුරු දෑ
නෙතු ගැටෙන සවනත
වැකෙන කළ
පූදිනා මල් සිහිනයන්
කළද මන්මත්
තුරුණු සිත් හද
සන් කරයි යථා බව
නොවන්නට සුදුසු

අහිමි තුරුණු කළ
සිහින දැකුමට
නෙතු ගැටෙන මුදු
සුරඟනන් මැද
සලිත වන හද
පිරිමදියි යටි සිත
මතකයට වස්
වස්සානයේ අග

නිසසරුන් නුබ ගැබේ
රඟන රැඟුමන් අතර
මිහිකතේ වර්ණිතව
නේක එළි දිළෙන කල
මධු විතක සංගීතයක
අතර පහසට සලෙලු
වරම් නැත ලබන්නට
ගිම්හානයේ මලට

මිහිරි හැඟුමන් අතර
බොළඳ වන තුරුණු සිත
හඬයි කැඩපත දකින
ගතින් වෙන වියපත්
තුරුණු ජීවය අතර
නොමැත අමර වරමද
කරන නෙතු කෙවෙණි තෙත
වස්සානයේ අවසානයද

චණ්ඩ හිරු මිලින වී
රාත්‍රිය උදාවන
සොමි කිරණ විහිදුවන
චන්ද්‍රයා නැගෙන සඳ
අහිමි වූ ලොවක
මහිමයම අත් විඳින
තුරුණු හද ඉකිබිඳියි
වියපත්වූ වසන්තයකට

---රකිත---


Thursday, April 20, 2017

~~ හිස් ? නැත ? ~~




















නැවතී ඇති කල
සිතිවිලිද
කෙසේ නම්
ගොතනුද
කවි නිසඳැස් හා
සංකල්පනා
නිසලය අද හදද
මහ මෙරක් සේ

අඳුරු රැයද
සඳ නොමැති අද
කෑලි කැපිය
හැකි සේම
අඳුරු වී ඇත
සිතිවිලි දැහැන
සොඳුරු
අදහස් නොවන

පියා නෙතු සිත
අවදි කළ මුදු
කිමද අරුමය
ගලා නොහැලෙන
ගෙවෙන ගිලිහෙන
තප්පරයකුදු හැම
දැනේ මහ
කාලයක් ලෙසකට

නිදි කුමරියද නොඑනා
රාත්‍රිය දිගු ලෙසින්
හැඟෙනා කලට
කිම කලාබර
සිතක අරුමය
මා අවදි සඳ
සැතපේද නුඹ
හද පතුලකට

පරිණතව යන ගතක
සැඟවූ තුමු
තුරුණු සිතටද
නුඹත් පරිණත වීද
පාෂාණීභූත
කරනුවස් සොඳුරු
සිතිවිලි දැහැන
මෙලෙසට

නිමක් නොපෙනෙන
සසර මගකට
සැනසුමද නිවනම
පමණි දැනුමට
දැනෙන සිතුවිලි
අනියතක නිරතුරු
අවසරයි අද
සමුගැනුමකට

---රකිත---


Tuesday, April 18, 2017

~~ නොනිමි සිහින ~~










නිති නිතර මවනා
සිටින තුරු
දහවලද රැය නොවනා
වෙනසකට
තනා ගැනුමට
අහිමි වූ ලොව
තැත් කරනු වස් නිති
දකිනා සිහිනයන්


නොලැබ ගිය සඳ
නිසි කලක
නොමැති සඳ
නුවණද එකල නම්
කරමි තැත
ලබුමටද අහිමි
උපාධි සම සුදුසුකම්
සිහිනයද


නොදැක සිටි කල
සැබෑ ලොව මහත් කල්
කෙසේ නම් ලබනුද
සොඳුරු මුදු පෙමක්
අත්විඳිනු වස්
වස්සානයේ මිහිරාව
සොයන්නෙමි
පෙම් සිහිනයක්


කිරෙන් කා අත් සෝදනු
වස් තෙලින්
පතමි නිරතුරු ධන
සම්පතින් හැම
සිව් සක රියද
මැදුරක සිරි අසිරි
සොයනු වෙහෙසෙන
කාසියක සිහිනය


දෙනු මැනවි සැනසීම
දකිනු වස් නිති
සිහිනයන් මිහිරැති
නොලැබෙනා වුව
දිවියම ගෙවෙනු ඇත
පෙරදැරිව නිති
සිහින ඉටුවන
බලාපොරොත්තුව නමැති


---රකිත---



Thursday, April 13, 2017

~~ පෙම්බර රකුසණෙනී ~~










නිමිත්ත -: Beauty and the Beast සිනමා සිත්තම නැරඹුවෙමි.

දියණිය පැතූ සුදු
රෝස කුසුමක්
නෙලාගත් වරදකට
සිරකරත් පියාණන්
ගැලවුමට ඔහු
වන්නෙමි සිරකාරියක
නුඹ මැදුරේ 
සිතුවෙමි සදාකල්


ජීවයෙන් පිරි
වදන් මුමුණන
පිඟන් කොප්පද
නේක ගෘහ භාණ්ඩද
අතර ගෙවෙනා
කාලය සොඳුරු මුත්
තෙමේ නෙතු කෙවෙණි
සිහිවී පියාණන්


ගිලිහෙනා එකිනෙකින්
දුටු සඳක රතු රෝස
මල නුඹ රකින
රුදුරු ලෙස පැවසූ
වදන් සිත් රිදන
රුදුරු නොවනා බව
දනිමි රැක ගත් කල
වෘක නිය දතින් මා


පොත පතින් වන
දැනුමැති
වන කලක සමග නුඹ
දුටිමි සැඟව ඇති
මනුසත් ගුණය පිරි
හදවතක් ඇති
රකුසු වෙසකින්
වැසි ඇති නිති


සොඳුරු නර්තනයක
පහස විඳිනට
ලැබූ සඳ තුරුලුවද
ඔබ වෙතද
මිහිරෙන්
හඬ ඇසුනි හද ගැසෙන
ප්‍රේමයෙන් පිරි
මනුසත් ගුණයකින් මුදු


මායා කැඩපතින් දුටු
පියාණන් විඳි
අනතුරද නිදහස්
කළ සඳ දඬුවමින්
නුඹ මෙමා
නිදහස් නැත හදවතින්
නික්ම ගියෙමි සඟවා
කඳුළු රැළි


වියරුවෙන් සිහි මඳව
හැසිරෙනා නොමිනිසුන්
නුඹ සීත මාළිගය
වටලන කලකදී
උපායෙන් නිදහස්ව
පැමිණියේ නුඹ වෙතම
නොතේරේ තවමත්ම
සොඳුරු රකුසණෙනී


නොලැබුණු ප්‍රේමයට
වියරුවෙන් කෝපයෙන්
රුදුරු වෙඩි බල
නුඹ හද විනිවිදව ගිය කළ
කඳුළු කැටි මැද
නුඹ දෙතොල්
සිප ගතිමි
ආදරෙන් නිති


නිමාවී ශාපයද
බවට පත්වූද
කුමරෙකු ලෙසින්
නුඹද වෙස් ගත් රකුසා
හදක් ඇති පිවිතුරු
දිවිතුරා පෙම් බඳිමි
නුඹට මම
පෙම්බර රකුසාණෙනී
සොඳුරු කුමරුව


---රකිත---



~~ නව අවුරුදු උදාව ~~


මීන රාශියෙන් මේන රාශියට
වඩින සඳ හිරු දෙවිඳු
ඵල බරව තුරු ලතා සිනා පා
මද නලින් හමන
මිහිරි සිහිනයන් දකිමු
වස්සනයක අභියස සිටන්
නෙලා ගත් අස්වනුය
ලබා ඇති ලාභයද පිරී ඇත
සිත ගොවි මහතුන්ගේ
දීමනා ලැබ ප්‍රසාදය
සරුව ඇත අත්මිටද
ඉතිරී ඇත සොම්නසද
ඇඳුම් පැළඳුම් රෙදි පිළිද
තෑගි භාණ්ඩ සිත් ලෙසින්
මිලට ගෙන තුටින් සියල්
දින කිහිපයක දිග නිවාඩුව
ගමනට ගත කෙරුමට දැකුමට
අඹු දරුවන් නෑසියන්
සිංහලද දමිළද භේද නැත
කැවුම් අතිරස කොකිස් ආස්මී
ලෙසම සෑදෙන උළුඳු වඩේ
පැණි වළලු ලඩ්ඩු නේක රස
වෙන්වී ගිය දෙපිලක් යලි එක්වන්න
සැරසේ රිසි ලෙසින් තුටු
වේලාව නැකතින්
කරනා වැඩ නිසි ලෙසින්
පන්සල්ද කෝවිල්ද යන්නට
සැරසෙනා නොනගතය කල
හාත් පස ගිගුම් දෙන
ගිනි කෙළි හඬද පැතිරෙනා
උදා වේ නව වසර ගිනි කෙළි
නාදයෙන් සපිරෙනා
රස බලන අවුරුදු කෑම
භේදයන් ලෙස නොයා
දෙමාපිය වැඩිහිටි ගුරුන් නමදිනා
උදාවන්නා සොඳුරු කාලය
බුලත් හුරුළු දී අමතක
කර පැරණි කතා
නිවසින් නිවසට යනෙනා
කෑම පිඟන් සතුටද මුසු
සාමය සතුටද සපිරෙන
ජන ක්‍රීඩා අවුරුදු උත්සව කරනා
උතුරින් දකුණට යලි දකුණින්
උතුරටද පිදෙන
සාමය සතුටද පිරෙනා
අවුරුදු නෑගම් යන්නා
පැරණි භේද දුරලා යන
සොඳුරු කලක උදාවකට
පැතූ පැතුම් ඉටුවන්නට
සිත් හද පුරවන්න තුටින්
භේද නොමැති සාමය පිරි
දීප්තිමත් රටක පැතුම්
ඉටුවී යන්නට පතනෙමි
සුභ නව වසරක් වේවා !
---රකිත---


Tuesday, April 4, 2017

~~ ආයුබෝවන් සොඳුරු මිතුර ~~











දස වසකටත් වැඩි කලක්
අමිල මෙහෙයක
නිරත වූ නුඹ
කිමද මෙලෙසින්
නික්ම යන්නට
වෙන්ව අද දින
මිතුරු මිතුරියන්ගෙන්
කන්තෝරුවේ

සිහින ලොව නොව
දුටු නිති පියවි
ලොව සැම
බෙදා දෙයි ඔවදන්
අදහස් උදහස්
නිසි කලට නිසි
රාජකාරියද නිවැරදි
ඉටු කළේ සතොසිනා

වුවන පිරි මදහසින්
තෙපලනා නිති
වදන් කවටින්
මුහුණටම දෙසමින්
ගයයි ජීවන ගීතයද
සැබෑ ලොවකට
අරුමයක්
නොවනාද ලෙසකට

විටෙක මිතුරෙකි 
විටෙක සොයුරෙකි
එනමුදුද සෑම ලෙසකම
දරන වගකීම් 
රාජකාරිය නිවැරදිව
සේවක මහතෙකි
වැදගත් සේම 
සොඳුරුතම

කෝප ගැන්වූ විටක
එලෙසින්ද
නොසඟවා පවසන්නේය
සියල් කිවයුතු
නොතනමින් සිහින
මාලිගාවන්
ගොඩනගයි ඔහු ලොව
මහ පොළව පය තබා

ගෙවී ඇත කාලයද
නොදැනී
තබන්නට නව පියවරක්
දිවි ගමන් මග
යුතුකමින් වගකීමෙන්ම
බැඳී ඇති තුමු ලොව
දනිමු ගත් තීරණය
නිවැරදි කලට

දිවි ගමනෙ ඔබ 
එක් ජවනිකාවක
අවසානයද
සටහන් වේය මෙලෙසින්
තව දුරය ගමන් මග
ජයගන්න ඉලක්කය
වෘතියමය භවින්
අභියෝගයෙන්

කඳුළු බිඳු සිරකරන්
සිනා මවනා මුවින්
සමුදුනිමු අප සියල්
හඬන හද තද කරන්
සුභ පතනෙමු 
හද පතුලෙන්ම හැම
ඉටුවන්නට නිති
නුඹ පැතුම්

ඔබ මතකයන් රැඳෙනු ඇත
අප සිත හදද සෑම කල
මිතුරු දම් රැකගනිමු
දිවි තුරා සිටින කල
නැවත හමුවෙමු දිනක
මතකයන් මැද සිනාසෙන්නට
ඉතින් ඔබ නික්ම යන
සුභ පැතුම් සොඳුරු මිතුරාන

---රකිත---



Monday, April 3, 2017

~~ රැයක මිහිර ~~



හිරු කුමරු අවරගිර - අපූරුව නික්ම යන
සඳ කුමරි අවරගිර - නැගී එන ලතාවද
නිසංසල සිත් අතර - වියද චංචල හදින්
සියොලඟම පුබුදුවන - ඉමිහිරි හැඟුමෙන්

කැදලි වෙත පියාසලන - සියොත් රෑන් මැද
වැකේ සවනත සොඳින් - නිශාචර හඬ නිතින්
හඬ නගන මහ සයුර - කිරි සයුර සේ දිලෙන
මෝදු වන තාරකාවන් - සඳ කුමරි පිරිවරා

පිපී ඇති තාරකා මල් - නුබ ගැබේ දිලෙන්නා
කැටි වළා පෙළ ගැසී - මද නලින් විසිරෙනා
සඳ කිරණ ඇද වැටෙන - මිහිකතද සිපිනා
සියල් පරිසර තොමෝ - නැහැවෙනා සිසිලසින්

නහවමින් තුරු ලතා - ශ්වේත වර්ණිත ලෙසින්
තණ බිස්ස දිලෙන්නේ - බුමුතුරුණු ලෙස මුතුව
සේපාලිකා පුෂ්පයන් - සුවඳ අතරින් හමන නල
තෙපලනා සිත තුමුද - නිසසරෙකු වන්නටද නිති

දිය මතින් ඉපිල එන - රන් මසුන් අතර මැද
නෙළුම් කැකුළක් පතන - රැයේ මිහිර මත
මල් රේණු මකරන්ද - සුවය විඳුමට රතිය
සීත මද නල හමයි - පුබුදුවා හැඟුමන් නේක

සඳ සිසිල ඇති රැයක - සිහින කුමරියද ඇති
මුදු පාද සතපමින් - තණ බිස්ස සනසමින්
රුවැති මුව මද හසින් - කෙහෙ රැල්ල විහිදුවා
ලමැද උකුල් වටොර - දුහුල් සළුවෙන් වසා  

එකට හිඳ පටලවා දෑඟිලි - තුරුලුවන්නට නිතින්
මුවින් මුව සුසුම් පොද - උණුසුමින් දෙතොල් මත
ලතාවන් සේ වෙලෙන - මහා රුක් රජුන් ගත මත
සැතපෙන්න රැයක මුදු - සිසිල් උණුසුම මතින්   

හබල් හඬ නැගේ දිය - තලා මැද ඔරු පදින
රැහැයි හඬ අතර මැද - නැගේ ඉමිහිරි හඬද
ගත තේමා වැගිර එන - සිසිල් දහඩිය සුවඳ
මුහු කරන යොවුන් බව - දෙව්ලොවේ සුවයකට

ද්විත්වයක් නොවනා - වන මුදු ඒක ලෙස කල
මිහිරක් විඳිනා සුවයන් - අතර ඉමිහිරිම සුවයද
වසන්තය උදාවන කලක - සඳ පහන් රැයකදී
අවසරයි විඳින්නට තුමු - සොඳුරු රාත්‍රී මිහිරාව

වෙහෙසකර ගත සිතද - සතපවන්නට සුවෙන්
මවන්නට සිහිනයන් - සොඳුරු ලෙස අවදියෙන්
විඳින්නට දිවි ගමන - නොවනු වස් විඳවමින්
දිගු කරනු රාත්‍රිය නිතින් - සැනසෙන්න සිත් සතන් 

---රකිත---


Sunday, April 2, 2017

~~ දුරයි තව ~~














නිතොර පසුපස
එනු සේද 
රියසක
පැමිණි කරුමය
පෙර කළ

පවක රුදු බවද
පල දෙමින්
මෙලෙසටද නිති
විඳුමට නොවේ 
විඳවන්නට දිවි ගමන

නිසි කළ නිසි දෑ
නිසි ලෙසකට
නොකළ වරදට
විඳිනෙමි දුක අද
සිරවී සිතුවිලි

සොඳුරු ලෙසින්
නොව මුත්
අඳුරු ලොවක තුමු
අහිමි ආලෝකයට
හඬමින්

නිමා විද විදුමට
මල් හී තුඩු
හියොයුරේ මල් සර
අනංගය
ගිම්හානයේ එළිපත්තේ

සිටම වින්දිනෙමි
නිමාවන සුමිහිරි
වස්සානයද
දුරින් විට නරඹමින්
සිහින කුමරියන් 

නොමැති විය සඳ 
නිසි කලට නුවණද
අහිමි විට සිප්සතර
නිසි ලෙසට ගැනුමට
සිරව සිටිනෙමි 

දේශන සටහන් ව්‍යපෘති
පැවරුම් අභ්‍යාස මැද
ලබන්නට දැනුම අහිමි වූ
වෙහෙස වෙමි අද
සෙස්සන් සුවය විඳිනා කලට

ඉටු කරන්නට
මව්පියන් දුටු සිහිනයද
අවසරයි මෙලෙසට 
දැහැන්ගත වන්නට
තව දුරයි සිහිනයට

ආදරණිය අම්මේ
පියාණන් නොමැති වුව
ඉටුකරමි සිහිනය 
පමාවී හෝ 
නුඹේ මද්දුම පුතු 

---රකිත---