Wednesday, March 29, 2017

~~ නික්ම ~~









අහිමිය
හිමිකර ගැනුමට
නොහැකි
ලෙස
නැවතත්
ගෙවී ඇති
නියාවෙන්
කාලය
මුළු ලොවකටත්
හොරා
කිමද වූ
වරද මෙලෙසට
නික්මී
යන්නට 
දඬුවම වැඩි
නොවේද සොඳුරිය
රුදුරු ලෙස
තනිකර
වසන්තයටත් 
හොරෙන්
පැමිණෙනා සොඳුරු
ගිම්හානයට
අත වනන දින
සිතේ 
සිටියා නම්
ඔබත්
අසලින්ම මා
දැඟිලි පටලා 
සුපුරුදු
ලෙසකින් සොඳුරු

---රකිත--- 


Sunday, March 26, 2017

~~ කිමද නුඹ පමාවන්නට ~~





















පිපාසිත දෙතොලගට
දිය බිඳක් වී 
නිවාලන්නට පවස
නිරුදක කතර 

අතර මැද වන්නට 
කෙම් බිමක්
සනසාලන්නට දිවිය
කිමද නුඹ පමාවන්නට

මිහිරි වස්සනයක
දැකුමටද නිමාවක්
අතවනයි කාලයද
සොඳුරු ගිම්හානයට

සිටිනෙමි බලා මෙලෙසින්
ලබන්නට නුඹ පහස
සුමිහිරි ආලයක රසය
කිමද නුඹ පමාවන්නට

විකසිත වන පුෂ්පයන්
හමායන මද නලින්
මල් වැසි ඇද හැලෙන
සොඳුරු වස්සානයක

හිනැහෙන්න එක්වී
මුමුණන්න පෙම් වදන්
විඳුමට රස මුසු තැන්
කිමද නුඹ පමාවන්නට

නෙතින් නෙත ගැටි
මුවින් මුව තබා
පටලා දැඟිලි එකට
තුරුලුවී සෙනෙහසින්

විඳින්නට ප්‍රේමයේ
සොඳුරු තැන් 
එක්ව සිට
කිමද නුඹ පමාවන්නට

විසල් ලොව සිටි
දහස් දන අතර මැද
ක්ෂුද්‍ර ප්‍රාණීන් වන
නොපෙනෙනා අප

කරන්නෙමි සොඳුරු
ඇරයුමක් නව දිවියකට
බලා සිටිනෙමි තුමු
කිමද නුඹ පමාවන්නට

---රකිත---


Wednesday, March 22, 2017

~~ කන්තෝරුවේ පුංචි යුවතිය ~~














උදෑසන සුපිපෙනා
පුෂ්පයක් 
සේ දිලෙන
එලිය 
ගෙනෙනා 
පුන්සඳක් 
සේ සිසිල

කුඩා යකඩ 
අසු පිට නැගී
ඉගිලෙනා 
ඒ සවිය
හැඩ කරයි 
මහ මගද
උදෑසන සේමද 
සවස

සිනහවෙන් 
පිරුණු වත
මිහිරි හඬ 
දෙන මුවින්
දකින සඳ 
ඔබේ රුවින්
සනසවයි 
සිත් සියල්

නීල වර්ණිත 
වරලසින්
නීල වර්ණිත 
නෙතින්
නීල වර්ණිත 
වුවනෙන්
හදින් එනමුදුද 
රන්වන්

මිහිරි හඬින් 
පවසන වදනින්
කරවයි තුටු සියල් 
සිත් සතන්
කරන රාජකාරියද 
නිසි ලෙසින්
නුඹය සිත් ගත් 
පුංචි යුවතිය

විටෙක පවසන 
හරබර වදනින්
විටෙක පවසන 
බොළඳ වදනින්
විටෙක සුරතල් 
දියණියක විලසින්
සිහිවේය කුඩා දැරියකද 
ලෙසකින්

තරහින් ඔරවන ඒ සමග 
සිනාසෙන
හැඬුමට ලංවන එනමුදු 
නිති කියවන
කුඩා සොයුරියක ලෙස 
අප සැමදෙන
නුඹයි නැගණියේ 
වැඩපොළ සරසන

කන්කලු 
දැකුම්කලු නුඹ 
හැඩකාර 
නැගණියේ
පිනැතිය 
නුඹ ලබන ඔහු
සැම කලට 
දිවියේ

සුභපැතුම් නිති 
පතමු
ජයගන්න 
දිවිගමන
වාසනාවන් 
නුඹද
රුවැති පුංචි 
යුවතියේ 

---රකිත---


Sunday, March 19, 2017

~~ සිතක් ? ~~














කිමද දැනෙනු 
තනිකම
නොමැත අද 
කිසිවෙකුත්

පවසන්න වදනක්
සැනසෙන්න
සිත මදක්
කෘරතර ලෝකයේ

යුගලයන් තැන තැනද
නෙතු ගැටෙනා
කලක
පාරවයි හදවතම

තනිකමින් පීඩිතව
පල දෙනා
ලෙසකට පෙර කළ කම්
දැනේ නම් හොඳ හැටි

ගෙවෙනා කාලය
පවසයි සැමකල
නිමාව ඇති බව
වසත් කල ගෙවී යන

හිස කෙස සුදු වන
වත ලාවන්‍ය මිලින වන
පැමිණේ ඒ ලෙස
ගිම්හානය අද

ගමන තව දුරය
ජයගැනුමට ඇත
ඉලක්කයන් තවමත්
ප්‍රමාද වූ සඳ

වරදම තුමු අත
සැබෑ කරන්නෙමි
සිහිනයන්
මවුනි නුඹ දුටු

කරන්නෙමි ඇරයුමක්
වන්නට අත්වැලක්
ජයගැනුමට ඉලක්කයන්
ජීවිතයද ආදරයද

හැකිවේද පැමිණෙන්න
සැඟව සිටිනා ලොවෙන්
සැබෑවට ලබන්නට
සොඳුරු මුදු ප්‍රේමයක් 

---රකිත---


Wednesday, March 15, 2017

~~ සවසක දුටු ~~












සිනාසෙන නෙතු 
යුග දුටිමි
සවස් යාමයක
දුම්රිය පොළක
අඳුරු 
නුබගැබද
පුරවාලන
වැසි බීරුමෙන්

සිසිල් මද නල 
වෙලෙන සඳ ගත
දෝවනය වේ
සොඳුරු වැසි බිඳු
ගත පුරාවට
අවැසි නැත කුඩයක
පහසකට
මේ සොඳුරු සැන්දෑව

මිහිකත සිපින 
දිය බින්දු
සිසිලසින් සුවය දෙන
විඳින සඳ 
කුල්මත්ව
දුටිමි මදහසක
බැලුමක් තුටින්
සොඳුරු ලෙස

කතා කරනා ඒ
දෑස
මදහසින් පිරි
වුවන
නුඹ කවුද සොඳුරියේ
වස්සානයේ
සිසිලසට ගෙනෙන්නට 
උණුසුමක්

කළ පවක පෙර
කරුමයට
දෙඩුමට වදනක්
නොමැත වරමක්
නෙතු කොනක සිට
බලා කිමද
හිනැහෙන්නටද
කරුණක්

හූ තබන යකඩ යකු
පැමිණේය
වැසි අතර මැද
සමුගනිමි සිනාවෙන්
හස්ත සංඥාවකින්
සිත ඇඳේ රුව
නුඹේමද
හදවතට තිගැස්මට

හැකිවේද පැමිණෙන්න
දුටුව සඳ කවිපදය
සිත කියයි දකින්නට
හද ගැස්ම රාවයට
නැවත හමුවී යන්න
සමුගැනුමකට
නොව සොඳුරිය
නව වූ ගමනකට

---රකිත---


Monday, March 13, 2017

~~ සොඳුරු ඇරයුමයි ~~


නොපතනා මහා ධනයක්
නොදකිනා මහා පෙනුමක්
සිතැත්තියකට කරන්නෙමි
සොඳුරු ඇරයුමක් නිරතුරු

අවැසි නැත මහා ධනයක්
අවැසි නැත මහා පෙනුමක්
අවැසි ඇත පිරි ආලයෙන්
මුදු හදවතක් නම් නිරතුරු

සිසිලසට මුදු උණුසුමක් ලෙස
විඩාවට මුදු විවේකය ලෙස
රුදුරු වන සිත පහන් වන ලෙස
අවැසි නම් ආලයද නිරතුරු 

වසන්නතය සොයා යන නිතින්
අනන්තය වෙත ඇදෙන නිතින්
නේක රස සොයන්නට නිතින්
යුගල දිවි ගමනකට නිරතුරු

නුබ ගැබද සාගර තරංගය අතර
මිහිකතද වාතලයද සිසාරා අතර
සැඟව සිටිනෙද නොදන්නා අතර
එනු මැනවි මා වෙතට නිරතුරු 

ඉරද සඳද තරුද පවතින තුරාවට
මිහිකතද නුබ ගැබද ඇති තුරාවට
පතන්නෙමි නුඹ දිවි ඇති තුරාවට
සිහින කුමරියේ එනු මැන නිරතුරු

---රකිත---

Wednesday, March 8, 2017

~~ සිතට දැනෙන කවි සීපද III ~~


පවසන නිතින වදනින් උපහාස ඇතී
පාරන හදවතද සිතකට දරනු ඇතී
නිහඬව සිටින තුරු මහතෙකු කරන ඇතී
කුමන අරුම තුමු නිති කටගැස්මටම ඇතී 

පෙනෙන සැම වැඩක දකිනා ඇදක් ඇතී
මුවින් බිණියි නිතරම කීම අහේතුවක් ඇතී
වදන් අවදි නොකරමි එහි වරදක්ද ඇතී
කිමද භවතුනී මෙලසට සරදමක් ඇතී

තබන පයට නිති හිනැහෙන සරදමටඇතී
අඳින පළඳිනද ඇඟලුමට සෝපහස ඇතී
පෙනුමට හැසිරුමට නිති විවේචනද ඇතී
කිමද වරද භවතුනි නිති ඔබ නෙතටඇතී 

නොනැවතෙනා නිති ඇසෙනා විසුළු ඇතී
හිනැහෙන්නා අපහාසයට නොවිරාම ඇතී
තනිව නොවේ නම් එක්වී සියලු දෙනාඇතී
සොම්නස රොක් වී එන උන් වෙතට ඇතී

තැලෙන යකඩයද උඩ පනිමින් තලනු ඇතී
හඬ නගනා හඬ ඇසෙනා ලෙස පවසනුද ඇතී
අකුණු හඬට හුරු සවනත නිසි පහස ඇතී
සුනඛ නොවන මුත් තුමු ඉවසා සිටිනු ඇතී 

එක් වන උන් එක රොදකට නිතර ඇතී
වෙන්වන තුමු නිති තනිවම සිටිනුඇතී
වෙනු ඇත කොන් කරවන තුමු රටා ඇතී
සිටිනු මැනවි හිඳ නිති උපේක්ෂාව ඇතී

පැසෙනා නර කෙස වියැකෙන ලවනතද ඇතී
තුරුණු කමද ඉගිලී යන එන ගිම්හනයද ඇතී
වසත් කලට පානා හිමිකම නොලැබෙනා ඇතී
අයිති නොමැත තුමු කුලකය තොප වෙතට ඇතී

සිහින දකිමි පෙමකට හිමි නොවනු ඇතී
උගනෙමි ගැනුමට ජය සිප් සතර ඇතී
කාලය පැන යන සැටි නිති බලා ඇතී
පමා වුනෙමි දකිනට සැබෑ ලොවක් ඇතී 

සොම්නස දොම්නස දෝලනය වනුද ඇතී
කටුක බවද සැප නිති සමබර වනුද ඇතී
යථා කාලයට දකිනා කල්පිතය ඇතී
පිළිගන්නෙමි සැබෑ ලොවක සතිය ඇතී 

පැමිණේ වෙන්වී යන්නට නම් කාලයද ඇතී
තුටු වනු ඇත උන් තුමු නික්මෙන කලක ඇතී
දිවි ගමනක අවසානය ලෙසකට පැමිණ ඇතී
අවසර දුන මැනවි දිවියෙන් සමුගැනුමටද ඇතී 

---රකිත---  





Tuesday, March 7, 2017

~~ සොයන්නෙමි සැනසුමක් ~~













හිමිදිරියේ හරිනා 
නෙතු පියන්
වසා නැවතත් 
මදක් විඳිනට
නිදි සුවය 
එනමුදුද 
නොලැබෙන
සොයන්නෙමි සැනසුමක්

හැඳ පැළඳ ජැන්ඩියට
යන කලක රැකියාවටද
උදෑසන දුම්රියේ 
පැද්දෙනා තලයට
පීලී මත දුම්රිය සක 
ගැටෙනා නදට
යොමා සවනත නිතින
සොයන්නෙමි සැනසුමක්

එක පිට එකට 
එන පෙළට
නිමා නොවනා 
වැඩ ගොන්න
නිමා කෙරුමට 
වෙර දරන අතරින්
සිතමි නිරතුරු
සොයන්නෙමි සැනසුමක්

නිමා වන පැය අටක
මෙහෙවරට පසු
දුවන තරගය
ගෙදරටම යන්නට
දුම්රියේ බස්රියේ
සිටගෙන
මිරිකී තෙරපී සිට
සොයන්නෙමි සැනසුමක්

සති අගට වරම් ඇති
ගමන සරසවිය වෙත
දේශනද පවරුම්ද ව්‍යාපෘති
ප්‍රශ්නෝත්තර අතර
විහිදෙනා නෙතු සරින්
බබළවන යුවතියන්
වෙත සිහින දකිමින්ද
සොයන්නෙමි සැනසුමක්

මැදියමද ඉක්මවූ
නිමාවන පැරණි දිනයක
සිසාරා ලොව පුරා
ජාලය තුටින්
සයිබර් අවකාශය 
තුළ පෙනෙනා ලොවක
මවාගත් රූපයෙන්
සොයන්නෙමි සැනසුමක්

ගෙතෙන කවි පද
සිත්තමෙන්
විඳින සොඳුරු අසිරියක
මහිමෙන්
නිදි බර දෙනෙත ගත
සතපවමින්
යහන් ගැබ මත
සොයන්නෙමි සැනසුමක්

---රකිත---


Sunday, March 5, 2017

~~ නික්මනට පෙර ~~















නිමිත්ත - සරසවි ඩිප්ලෝමා කණ්ඩායමේ සිත් ගත් පුංචි නැගණිය සරසවි වරම් ලැබ ඇත. 

අහඹු ලෙස දුටු මුල් දිනම
සිත බැඳුණි නුඹ වෙතම
සිරකරන් සිටියෙමි හැඟුම්
පුංචි සරසවි නැගණියේ

නිසි කලක කෙරුමට නිසි දෑ
පිං මදි වියද වරමක් ලබන්නට
ජය ලැබූ මුල් දිනක දුටු නුඹ
කිමද හද රැඳුමට මෙලෙසකට

සති අගට පැමිණෙන්නට තුටින්
වරම් ලැබූවෙමි සරසවි බිමට
නෙතු ගැටෙන නුඹේ රුව නිතර
පහල වසරක සිටින විට සැම

විවර වුනු බවට සරසවි දොර නුඹට
දැනගතිමි සොඳුරු වදනින් නුඹෙන්
සුභ පතමි හදවතින්ම සුභ අනාගතයට
ජය කනුව වෙත යන්න නුඹට අද 

පායනා හිරු පායනා සඳ සරසවියට
දැකිය හැක ඔබ හට මෙතැන් සිට
වරම් නැත මා හට ලඟා වන්නට
පාමා වැඩි සඳ වයස් ගත වන විට

දස වසකට පෙරට හැකි වුනා නම්
නිසි දැනුම උපදෙස් ලබන්නට
වරම් ලැබ ගැනුමට හැකි වන්නටද
ඉඩ තිබුණි සිහිනයක් දැකුමට 

දකින විට රාජ්‍ය පුද්ගලික සරසවි
සුසුමක් හෙළමි නොලැබුණු වරමට
එනමුදු නොකරමි ගැරහුම් ඔවුනට
වාසනවකි එවැන්නන් ඇසුරද තුමු

සුභ පැතුම් පතමි පුංචි නැගණියේ 
සමුගනිමු අප යලි හමු නොවන්නට
අවසරයි නික්මෙන්න මෙලෙසට
වෙනත් මගින් දිවි එළිය කෙරුමට

---රකිත--- 


Saturday, March 4, 2017

~~ සැබෑව ~~













කලු වළා මත 
දකින  
රිදී රේඛා 
හැඩය
රුදුරු ලොව 
තුළ දකිමි  
සුභ සිහින 
සෑම දින

කල්පිතය 
තුළක සිට  
දකින්නට 
ධනාත්මක
දකින සඳ 
යථාර්ථය  
කියයි එය 
ඍණාත්මක

සිතිවිලිද ආකල්ප 
කියන්නට 
වෙනස් 
කෙරුමට
මුවින් තෙපෙළ 
සඳ සැබෑවක්  
කිමද එය 
නොපිළිගන්නට

නුඹලා දකින 
සොඳුරු බව ලොවක
නොමැති බව 
තුමු දකින සඳ
සිහින ලොවකම 
දිවිගෙවන තොප
සිනාසෙන්නේ 
සැබෑවටමද 

මිහිරි ඉමිහිරි ඵල 
ලබන්නා ලෙස
නොලැබේය දිවියටද 
නිසි ඵල
තබනු මැන මිහිකතට 
නුඹ පය
කටුක රුදුරු 
යථාර්තයද දැකුමට 

---රකිත--- 



Wednesday, March 1, 2017

~~ දිනක දුටු ~~


උදෑසනක විකසිත වන - සමන් පිච්ච මලක් වගේ
අගෙයි මුහුණ නුඹ දුටු සඳ - විකසිත වන සිතද ගතද

කාල වර්ණ දිගු වරලස - සඳු මෙන් දිලෙනා ඒ වත
හැඩ උකුලත දෑත් දෙපා - කතා කරන නෙතු සඟලද

පෙනුමට ගැලපෙන වස්ත්‍රය - නේක ජාති ආභාරණද
එනමුදු ඇති චාම් බවද නිතින - දුටුවන් සිත් පහන් කරන

පිරෙන වත මද සිනාවෙන් - දුටු දනන් තුටින් නිති බලන
ගමන මිහිකතද නළවන - ඇය වේද මගේ සිහින කුමරිය

මුවින් බිණින වදන් මිහිරි - සවනත කරවයි සුවපත්
නෙතු සර බැල්මට ගැසෙනා - හදවත පුරවා සතුටින් 

මිතුරු මිතුරියන් අතරේ - දකිනා රුව ඇගේ නිතර
අසලට වන්නට නැතුවා - නුඹත් දුරයි නම් සොඳුරිය

ගැස්සෙන පැද්දෙන දුම්රිය - පීලී මතින් සමබර ලෙස
සිතේ රේල් පීලී ලෙසට - සමාන්තර මුත් එක් නොවනා

සමුගෙන යන්නට සැරසෙන - මීලඟ දුම්රිය නැවතුම
සිත පවසයි තව මොහොතක් - රැඳී ඉන්න දුම්රිය තුළ

වරම් නොමැති කලක දිවිය - කුමට හඬනු නොලැබෙන දෑ
නිහඬව මුත් පිරුණු සිතින් - අවසර මට නික්මී යන්නට

ඉර හඳ පායන තුරු නිති - සිකුරු තරුව දිලෙනා තුරු
වරමක් මට ලැබෙනා තුරු - බලා සිටිමි කෙදිනක හෝ

---රකිත---