Sunday, August 30, 2015

පමා විය වසන්තය සරසවි










පා තැබූ  කළ එදින
ප්‍රථම වර සරසවියට
දැනුනි හද පතුලටම
කාලය මැවූ වෙනස
වයස වැඩි බව
දැනුන කළ 


දස පසළොස්  වසරට  බාල
යෞවන යෞවනියො
උපාධිය හදාරයි
එයට වැඩිමළුන්
හදාරයි පශ්චාත්
උපාධිය


හැම දෙනා පැමිණෙති 
මෙහි දිනපතා
මා එන්නේ
එකම දිනයකි
ඒත් සති අන්තයේ
ඉරු දින පමණි


බාලවුන් අතරේ
වැඩිමලා වී අහෝ
සිටියි තවමත්
ඩිප්ලෝමා පන්තියේ
සිහිනයන් දකින්නෙමි
ඉහළට නගින්නට


සුදුසු කල මෙහි
නොපැමිණි වරද
දැනෙයි හොඳ හැටි
මෙදින
පමා වී ඇතිය ලෙස
දැනේ හදවත
කොනට 


පමා වැඩි වුවද ලෙස
වෙර වඩමි
අදිටනින්
කළු ලෝගු නැති
වුවද
සම සුදුසුකම
ගන්න


---රකිත ---






Thursday, August 27, 2015

හමුවුනෙමි දුටුවෙමි



සැඳෑ රිවි කිරණ මැද නික්ම ගිය කළ පිටට 
දුටිමි එක් රුවක් සොඳුරු පසු බිමින් පිටට 
හැරී නැවතත් හැරී බැලූ කළ පිටින් පිටට 
හඳුනාගතිමි ඔබ රුව මින් දශකයක් පිටට 

ඉන වටට දිග් ගැසුණු එදා නිල් වරලස නොමැත
කාන්තිය විහිද වූ ඒ නිල් නෙතු සඟල ගිලී ඇත 
නාදළුද පැරදවූ ඒ දෙතොල් යුවළ වියළි ඇත  
මුදු නදින් සැනසු හඬ රළුව කර්කශව ඇත  

අඟ පසඟ එදා මෙන් හැඩට නැත දකින්නට 
තරව ගිය කඳ බඩද සිහිකරයි තඩි පීප්පෙට
දෑත් දෙපා නිය අතර කළු ගැසී ඇති පාට 
විලවුන් ගඳ පරදා නැගෙයි දහදිය සුවඳට     

කිමද මේ අරුමය විමසීමි වෙනස දකින්නට
දුවලාම දෙන්නයි එක පොඩි පුතයි ඉන්නට 
විවාහවී දැන් දශකයක් කල ඉක්ම යන්නට 
සැමියා පමණි වැඩ මා නිවසේ සිටින්නට 

සිතේ ඇඳි ගිය කලට එදා මෙන් අගේ රුවට  
යටි සිතින් දැනුම් දෙයි වසත් කල ගෙවෙන වට 
රුව හඬද වෙනස් මුත් සුහද බව තිබෙන විට
සමුගෙන ගියේ ඈ අවරගිර අඳුරට පෙරට 

සිත් තැවෙයි නික්ම යන වසත් කල සිහිවන විට 
සිත් තැවෙයි පැමිණ එන ගිම්හානය දකින විට 
සිත් තැවෙයි  රිසි කලේ රිසි දෑ නොකළ සිටි විට 
සිත් තැවෙයි සැඳෑ රුව සිහිනයෙන් දකින විට 

---රකිත--- 


Wednesday, August 26, 2015

ඇය ගොළුය මා හද ගොළුය


















පැය අටේ මෙහෙය 
අවසන්ය 
එළි බටිමි නික්මෙන්න 
නිවහනට 
රෑ බෝවනු මත්තෙන් 
නැගුණි අධි 
වේගයේ රථයක 
කල් ඇතිව 
පිටවන්න 

මුදු අඳුර විසිර යන 
සන්නාලි කලාපයේ 
වියමන් නිමා කර 
නික්මෙන්න 
පොරබදන 
සන්නාලි කුමරියන් අතර 
දිටිමි මා ඔබ රුව 
නිහඬව පසෙක
සිටින 

ලංව දෙස බැලූ වුවන
මද හසක් පෑව 
ඇය 
නිහඬවම වෙනතක්ම 
බලා සිටි සඳ 
තනිවුනෙමි 
ජංගම දුරකථනය හා 
සමග ක්‍රීඩාවට 
යොමුව 

නිවහනට යාගන්න  
බසය පැමිණ ඇති 
වගට මුදු 
නදක් නංවමින් 
පැවසීය 
නික්මෙන්න කාලය 
අසුනක් ලැබුණි ඇය 
ලඟම දොඩමළුවන්න 
සිහින ලොවක 

ගමනාන්තය විමසුවෙමි 
දෙසවනට මුව යොමා 
ඇය වෙතට 
මුවින් මද හසක් 
නැගූ ඇය 
ඉඟි බසින් 
තෙපළුවේ හඬ 
අහිමි බව 
සොවින්   

සිනහවෙන් පිරිණු 
අගේ වත 
මා දෙස
යොමුවූ කළ 
ගොළුව ගිය 
මගේ හද 
කුමක් තෙපළමිද
ඇය 
සැනසුමට 

ගොළු නුඹ නොව 
මමය 
පුදන්නට 
සැරසුනද හද නුඹ 
කෙසේ නම් 
මා ලැබගන්නද
තත්වය, සමාජය 
රැකියා හා 
ගැටෙන 

කෙසේ පවසම්ද 
ආලය 
අයිති නැත 
අපට 
අයිතිය 
සින්නක්කරව 
ඇත 
කුරිරු 
ලෝකයට

---රකිත---      

( සත්‍ය සිදුවීමක් ඇසුරිණි )






















Monday, August 24, 2015

ගැටලුවක් ?









අහිමි විය ළමා කාලය 
ගෙවුණි එය ගෙයි 
බිත්ති හතරට 
මතක පෙළ තුළ 
තවම ඇත 
කුඩාවුන් කෙළින 
රඟ 
බලා සිටි අයුරු 
ජනෙල් කූරු 
අතරින් 

අහිමි විය හිරිමල් 
තරුණ විය 
ගෙවුණි එය ගෙයි 
බිත්ති හතරට 
මතක පෙළ තුළ 
තවම ඇත 
සමවයස් යහළු 
යෙහෙළියන් 
යෞවනය තුටින් 
විඳින සඳ 
බලා සිටි අයුරු 
ගේ දොරකොඩ 
සිට 

අහිමි විය යෞවනය 
ගෙවුණි එය ගෙයි 
බිත්ති හතරට 
තහංචි දේපළ අයිතිය
ඔස්සේ 
මතක පෙළ තුළ 
තවම ඇත 

දෙඅත් බැඳ නිසි 
වයසේ  
පතිකුලයට ගිය මිතුරු 
මිතුරියන් 
දිවිය විඳින සඳ 
බලා සිටි අයුරු 
මාවතේ 
සිට 

නර කෙස පැසී 
ඉදිරී වැටෙන 
සඳ
මුව රැළි වැටී 
දත් එක දෙක 
වැටෙන කළේ 
දෑත දෙපය 
වාරු නැතිව 
සිටින කළේ 
වෙවුලමින් වුවද 
සිටිමි 
නිහඬව 

අසමි එක් පැනයක් 
ඇයිද නුඹ මගේ 
දිවියේ 
ස්වර්ණම යුගය 
සිරගත 
කළේ 
නිවස් අඩසියේ ?
දනිමි 
නුඹ කවුදැයි 
එහෙත්  නොකියමි 
ලොවට 

උඩ බලා කෙළ ගසා ගත නොහැකි කළ................................... !   

---රකිත---



Wednesday, August 19, 2015

දුකම පමණි නැත සතුටක්

බඳ වටා අත යවා 
තුරුළු කර ඔහු 
උරෙහි 
හිස හොවා 
බොළඳ බස් 
තෙපලමින් 
යකඩ අසු පිට 
නැගී
උජාරුවෙන් 
යනු දිටිමි

තදබදව ගිය 
බසයෙ 
කවුළුවට මුව 
කමල 
සිරව ගිය 
කළ
සිතුනි අහෝ 
කළ කරුම 
පළ දෙන 
රඟය 

පැය අටේ 
වෙහෙසකර කෘත්‍ය
අවසන්ව බට 
අසුන් ගත් වුවද 
කොන 
නිදිබරව නෙතු වැසෙන 
සුවය විඳිනට 
ප්‍රථම
දඩස්‌ යන හඬින් හිස 
හැපෙයි කවුළු උඩ

සිහින දකිමි රෑ තුන්යම
මිහිරැති වසත් සමය 
පෙනෙන 
දුකම පමණි නැත 
සතුටක් 
සෙක්කුවේ බැඳි 
ගවයා මෙනි 
එනමුදු පසු 
නොබසින්නෙමි
දිරියෙන් ඉදිරියටම යමි

---රකිත---  

අද නැත නිදහස් කවි

නිදහසේ පබැඳුමට  
කවි පද 
බලා සිටිමි 
සිතුවිලි 
ඔබ 
මා වෙත 
එන තුරු 

එනමුදු හිස්ව 
ඇත 
සිතුවිලි 
නොතේරේ 
ඇයිද 
නොපැමිණෙන්නේ 
මා වෙත 
ඔබ 

වියලෙන තුරු 
පන්හිඳ 
වැටෙනා තුරු 
තිර රැකුම 
සිටියද බලා 
නොපැමිණෙන සඳ 
නිවී යමි 
අද දිනට 

අනේ හෙටවත් 
එන්න 
හමුවෙන්න සොඳුරු 
හෝරාවේ 
එක්ව
පබැඳුමට 
රසවිඳින්නට 
විරහව, විනෝදය, උපහාසද, අපහසද 

---රකිත---  

Friday, August 14, 2015

දර්ශනය

සේවය නිමවී 
එළි බට කල කන්තෝරු 
දොරින් 
දුටිමි දසුනක් පරාවර්තන 
නවතා තිබූ 
දෙමුහුන් 
රථ 
කවුළුවෙන්  

හිස කෙස අවුල්ය
තැන තැන පැසී 
ඇත 
නරකෙස
නැහැයට දැනෙයි 
දහඩිය පුසුඹ
විලවුන් ගන්ධය 
පරයා 

පොඩිව ඇති පළින් පළ 
කමිසය පැය අට 
පුරාවට 
බඳ පටියෙන් තදව 
ඇති කලිසම 
රූටයි
බඩෙන් පහලට 
නෙරුණු 

පසුබිමින් පෙනේ 
අඟනුන් දෙවඟනන්  
විලස 
ඇසෙයි සිනා හඬ
කිංකිණි 
ඒ අඟනුන්
යනෙන මාවතේ 
මා දෙසවන් 
පිරී

දුටින දුටින අය 
මුවගින් 
සුහද සිනහා පා 
නික්මෙයි 
නොදන්නවා 
නොවේය  
උන් 
අපහාසයට උපහාසයට 
උපන්න කැණහිලුන් 
වනට   

ටිකි ටිකි යන හඬ 
නික්මෙයි
සංඥා සතරම දැල්වේ
අගුල ලිහිල් හඬ 
විසිරේ
මිහිරි හඬක් සවනත 
වැගිරේ  
එක්ස් කියුස්මී  අයි 
වෝන්ට් ටු ගෝ  

සෝ සොරි මිස් 
දනි පනි ගා
ඉවතට යමි අඩි 
දෙකට තුනට 
ඉහළ විධායක යුවතිය 
පණ ගැන්වූ
ඒ රථයෙන් නික්මිය 
ඊයක වේගෙන් 

කවරෙකුද ඔහු?
කොහෙද සිටි ඔහු ?
නිතර යනෙනා 
දකින සිටි ඔහු ?
විඳින අපහස උපහාසද
ඔහු ?
නොදකින්නේ මන්ද 
සමාජය ඔහු?

---රකිත ---