Friday, January 1, 2016

නව වසර / නව පැතුම්



දින සති මාස ගෙවී ගෙන ලබා ඇත 
නව වසරක් මෙලෙස 2016 නමින් 
නව සිතුම් නව පැතුම් පුබුදුවා හදවතින් 
ඉතින් එමු සමරන්න ජනවාරි පළමු දින 

පෙර වසරේ අඩු පාඩු වැරදි දුක් වේදනා තරහ  
අත් හරිමු නව වසරෙ අලුත් මිහිසුන් ලෙසින් 
මිතුරු දම් වඩවමින් ආදරය මෙලෙස පතමින් 
අරඹන්න නව වසර සුභ සිහිනයන් මැදින් 

උසුළු විසුළු අපහාස උපහාසයන් මතින් නොව 
දිරිය ආදරය දෙන වදන් තෙපළමින් සොඳුරු 
ජය ගන්න නව වසර පතන්නෙමි ඔබ සැම සහය 
ඉතින් අරඹමු ගමන නව උදා වූ 2016 වසරෙ   

ගෙවා ඇති මග දුරය යෑමට දුර බොහෝ ඇත 
එක්ව යමු තුටින් මෙලෙස සැවොම ඒකා වන්ව
ජය ගනිමු ඉලක්ක පැතුමන් සියල්ලන් එක්ව 
හදවතින් පතන්නෙමි නව වසරෙ ආසිරි පැතුම්

සුභ නව වසරක් වේවා !

---රකිත---


No comments:

Post a Comment