Tuesday, July 28, 2020

~~ ජීවිතයක් තව ~~




හිරුත් අවරට හැරෙන 
හැන්දෑව සොඳුරු කම
විඳින්ට සිත් සේම 
උදා වන දින ගනින

සැනසුමක් නැති සිතක් 
සොයා යන මිහිරකට
විඳින්නේ කෙදිනකද 
ඒ සොඳුරු හැඟුමද

වෙහෙසකර සති අගට 
විවේකී සති අන්තයක
තනිව ඒ සොඳුරු ලොව 
සැනසුමක් ලබන්නට

තව දුරද ඒ දිනය 
උරුම වන්නට කලට
පමාවූ පාපයට 
දඬුවමද වයස් කාලයත්

උසස් සිප් සතර ලැබ 
නිමා නැත කල් ගතව
අදියරත් තවත් ඇත 
ජය කණුව වෙත යන්න

පෙර කලක කළ 
වරදකට නොදැනුවත්වම
ගෙවා වන්දියක් 
වයසත් කාලයත් එක්ව 

සෙක්කුවක බැඳි දිවිය ඇති 
දිනපතා ජීවිත ගමන
සොයන්නට වෙනසක් 
නොමැත සති අන්තයේ වුවද

සිප් සතර නොලැබ කළ 
පමාවූ වරදකට ඇති
සැනසුමක් ඇත පෙනෙන 
අහිමිවී නෙතු ඉදිරියට

පවුල් වී දූ දරු ලබා සේම දිනා 
පෙම් සිහින ආලයෙන් වෙලී
මිතුරු මිතුරියන් දිවි දිනා ඇත 
රැකියා සිප් සතරින් පර තෙරට
  
තනිව තව සිටත් සිරව කාලයේ 
වයසින් ගතවෙලා ලෝකයේ
නුඹත් අද තනි වෙලා එක තැන
ජය ටැඹත් තව දුරට යන ලෙසිනා

පමාවූ වසන්තය ඵල බරයි 
කී අයවලුන් සිනාසෙන කල 
මුවගින් සරදමට පෙන්වා  දසන්
අත් පා විසිකරමින් සොඳින

සියල් සරදම් විඳ සිත් ලෙසේ 
කාලයේ අවෑමට එක්වෙමින්
ජය ටැඹ වෙත යමි වෙර දරා 
මතු දිනක පැතුමන් රැගෙන

---රකිත--- 


Tuesday, July 21, 2020

~~ මව නොකී කවක් ! ~~











පෙර දිනක උර හොවා 
පිරිමැද්ද හිස මතින
පෙනේ අද මතුවෙනා 
නර කෙසක රඟ දකින

මුදු කොපුල් කන් පෙති යුගල 
නීල නෙතු පුත නුඹේ
එදා මෙන් නොවේ අද 
වෙලා පරිණත ලෙසින්

සම වයස් දූ පුතුන් 
ලබා මංගල පැතුම්
මව්පියන් වී ඇතිය 
ආතා ආතම්මා ලෙසින්

පුතු කිමද තව පමා 
දැකුමකට මංගල සිහිනයක්
රජුන් ලෙස නුඹ කෙදින 
දකිනු පෝරුවක නැග
  
ධන බලය මිල මුදල් 
ගැටලු නැතිවා නොවේ 
මිනිස්කම් අගයනා කතුන් 
ඇත බොහෝ ලොවේ

සිනාවෙන් මුවා කළ 
නුඹේ තනිකම සිතේ ඇති
පුතුනි මා දනිමි දින 
නුඹ වයස් පසු කළ නිසා

මඟුල් ඇරයුම් පත්‍ර ස්තූති සේයාරූ 
මිතුරු මිතුරියන් අතිනත ගත් දිනද
නෙතු ගැටෙන විට පුතේ 
සඟවමිය කඳුළු කැට හැලෙන

පෙමක් ලැබ කුල කුමරියක 
වෙතින් නුඹත් ඒ ජය ලබන දින
පවසන්න පුතේ අද නුඹත් 
තව දුරද ඒ කාලය දකින දින

නුඹ ලෙයින් උපදිනා
කිරි කැටියෙකු දකින්නට 
පින නැතිද පුතුනි මට
ඒ සුරතලය විඳින්නට

පුතුන් ලද මුත් නිතර 
දියණියක සෙනෙහස ලබන්නට
වරම් නැතිවාද මට කියන් 
දෙවිඳුනේ ලොව රකින 

දින සති මාස වසර 
කාලයත් ගෙවෙන කල
දිවි මග නිමාවක් 
ලඟා වන දිනට පෙර

පුතුනි නුඹ ජය ලබන 
සිප් සතර නිමාකර
කිරුළු පළඳනු මැනවි 
රජෙකු සේ රැජිනියක් ලැබ

---රකිත---



Monday, July 13, 2020

~~ පරිණත පෙම් සිතුවිලි ~~




ඉමිහිරි සුගන්ධය 
වස්සානයේ අගට
විඳිනට මදක් 
නැවතී කාල තීරුවේ

දුක සතුට අතර මැද 
ගලනා දිවියක
නුඹ වන්නට මා සතු 
සසර පැතූ ලෙස

තුරුණු කම වියැකී 
මුවා වී බැට දුන් කාලයට
වසන්තය උදා නොවූ 
ගිම්හානයේ අභිමුවක

විකසිත වන්නට කුසුමන් 
පරිණත හදවතක
මුවින් පවසා නොමැති 
වතක රැඳි රහස

දෙතොල් පෙති 
සුමුදු දෙකොපුල් 
නීල වරලස අතර 
නර කෙස් රැඳුනු

දිදුල පෙර එදා නෙතු 
වසා උපැසකින් අද
ලවනත ගත මත 
ඇතිවද නුඹ වෙත තව

මතක පොත් පෙරළා 
එහි වදන් ලියවිලා
හිමි නොවූ කාලයක 
අස්වැසුම සොයා යන

අප නොදුටු ඒ යුගය 
අහිමි වන්නට සබඳ
කළ පවක කර්මයක් 
ඵල දුන්න අපූරුව

යුග ගණන් ගතවෙලා 
ලොවට අප අමතක වෙලා ඇති
අපට අප අයිති නොවනා කලට
කුමට අන් දනන් කියනා කතා

වරද ඇතිවාද පෙර අවැසි 
නැත දඩුවම් තමන් වෙත
එක්ව ගයනෙමුද අප
ජීවන ගීතය වසන්තය අග   

---රකිත---


Tuesday, July 7, 2020

~~ පෙම් බැඳි ශිල්පිනිය ~~





නිමිත්ත - සේයාරූ ශිල්පිනියට සිත ඇදී ගිය කල්හි


රැකි නෙතු මෙන් රකින 
දිවි මගට අත්වැලක් වූ 
රැගෙන සියුමැලි සුරතට 
තෙවැනි නෙත ඇති බරට

යුමුහු කොට කාචයන් 
සකසමින් ආලෝකයන්
පෙළ ගසන පිරිස් කැළ 
සිහින් වදනින් කියා

ද්වාරයේ හඬට හද 
ගැහෙන හැටි නොදැනෙනා
මුවට නොව ඔබ හදට 
කේන්ද්‍රය වන ලෙසා 

අංකිතව තිර මතින් 
රැගෙන රාමුවට රුව
නාභි ගත නෙත 
සොයන ඔබෙ රුව

රටා දකින කලා නෙතින් 
නුඹත් විඳින සොඳුරු ලොවින්
රුවක් වන්න නුඹේ සිතට 
සේයාරුව වන්නට වේවිද

සිලිකන් මතක පරිපථ මත 
රැඳි අංකිත රුවකට නොව
පෙම් සිතුවිලි ඉපදෙන රඟ 
සැබෑ රුවට නෙතු දකිනා

නුඹේ නෙතට මා හසුවන 
යුමුහු වෙමින් කේන්ද්‍ර වන
ආලෝකය සිතට වදින 
ස්පන්ධන හදවත් ද්වාරය

කලු සුදු වර්ණිත ලොව ඇති
සැබෑ ලොවේ තතු දකිනා
අහඹු ලෙසින් රුව පෙනෙනා
නුඹම වේද සිහිනය දකිනා

සොඳුරු දසුන් ලොවට ගෙනෙන
නෙතු පිනවන සිත් සනසන අප
තෙවැනි නෙතින් ලොවක් දකින
නුඹම වේද මා සිත්ගත් කුමරිය

---රකිත---