ගුවන් ගැබ වසාලූව
කළු වළා පෙලට වූ
අකුණු ගෙරවිලි මතින්
මිහි මතට පතිත වූ
ගැටී විසිරී වෙන්ව
යළිඳු එක් වී තුටින
ගලා යන අයුරු හැඩව
බලමි නිහඬව පසෙක
සිසිල් වූ මද නලින් ගෙන
සොයන්නට මුදු උණුසුමක්
සිතක් ලත වෙන මොහොත
සැඳෑ කල සොඳුරු දන වෙත
කාල හෝරා නවතා මදක්
තනිවන්න ඒ නිමේෂයකින්
මුවා වන්නට මද වෙලාවක්
පැතුම් ඇත හද නිමාවක
වැසි කුමරි වැළඳගත් සඳ
රෝමාන්තික හැඟුම් පෙළ
විසිර යන්නට ඉඩ හරිමි
දිනක යළි වැසි වැටෙන දින
--- එච්. එම්. ආර්. බී. රත්නායක ---