රිවි කුමරු ක්ෂිතිජ ඉම
සමුගෙන නික්ම වූ සඳට
නටබුන්ව ගිය දිනක වූ
රූ රටා සිත්තම් වූ නුබද
පමා වූ වසන්තය ලෙසම
හැඩකාර හැන්දෑව මත
පියමනිමි ඉතිරිව ඇතිම
අඳුරු වූ ලොව වෙතට
සෙවණැලිත් හැර යන කලට
දිවි මගට උදාවන සැඳෑ සමය
කල්පනා භරිත වෙමි සිටින
උපේක්ෂා සිතිවිලි රටාවට
හිස බරට රිදුම් දෙන ලෙසට
වැඩ ගොන්න දින පතා ඇති
රැකියාව සිප් සතර මැදට
දෝලනය වන ජීවිත මිහිර
එක් වරක් හෝ සිතින් වත්
විඳින්නට මද ඉසිඹුවක්
ඉස්පහසුවක් නැතිද නම්
සිරව ඇති රටාවෙන්
පිං මදව ලබන්නට කදිම
සොඳුරු ලොව දනන් සතු
මා ඉතින් නික්ම යමි මෙසේ
හිස් මතකයන් රැගෙන
--- එච්. එම්. ආර්. බී. රත්නායක ---