උරතලේ හිස හොවා
නිදන්නට කෙනෙක් නැත
මුදු හඬින් බොළඳ බස්
පවසන්න කෙනෙක් නැත
දුක් කඳුළු උසුලුවා
සනසන්න කෙනෙක් නැත
පාළු තනිකම ශෝකෙ
මැඬලන්න කෙනෙක් නැත
තුරුලු වී පෙම් බසක්
පවසන්න කෙනෙක් නැත
සිනිඳු දෑඟිලි තුඩින් හිස
පිරිමැදුමට කෙනෙක් නැත
නෙතඟින් බලා සිට මද හසක්
පාන්නට කෙනෙක් නැත
දිවි මගේ ගමන් මග
තනිකමට කෙනෙක් නැත
සැඳෑ කල හමුවෙලා දෑත්
පටලන්න කෙනෙක් නැත
රිදුනු සිතට සැනසුමක්
ලබන්නට කෙනෙක් නැත
වසත් කල ගෙවෙන මුත්
පතන්නට කෙනෙක් නැත
නිමා වී යන දිවිය තුටින්
පුදන්නට කෙනෙක් නැත
අසන්නට මුදු වදන්
සිටින්නට කෙනෙක් නැත
දරන්නට කටුක බව
කියන්නට කෙනෙක් නැත
රඟන්නට දිවිය තුළ
සොයන්නට කෙනෙක් නැත
යදින්නට මෙලොව මත
කියන්නට කෙනෙක් නැත
--- එච්. එම්. ආර්. බී. රත්නායක ---
No comments:
Post a Comment