ලොවම නිදන මා නොනිදන සොඳුරු මිහිරි රාත්රියේ
සිත කළඹන ගත පොපියන හැඟුම් දැනෙන රාත්රියේ
සිතට හැඟෙන ගතට දැනෙන තනිකම මේ රාත්රියේ
තනි යහනේ සිහින දකිමි ඔබ නොදකින රාත්රියේ
නීල වරල නීල දෑස තොල් නාදළු මැවෙන රාත්රියේ
නීල වරල නීල දෑස තොල් නාදළු මැවෙන රාත්රියේ
සඳ වු වුවන සුදු කම්මුල් පහස සොයන රාත්රියේ
රන් කුඹු පුළුලුකුල වටොර සිතින් දකින රාත්රියේ
පියඹා එනු මැන මා වෙත සොඳුරිය මේ රාත්රියේ
සැබෑ ලොවේ නොදකින රුව සිහින දකින රාත්රියේ
සැබෑ ලොවේ නොදකින රුව සිහින දකින රාත්රියේ
ආල හැඟුම් සොඳුරු පැතුම් මිහිර දකින රාත්රියේ
පාට පාට මල් සිහිනය සැබෑ කරනා වූ රාත්රියේ
හතරේ කණිසමේ සීනුව නිම කරනා රාත්රියේ
නිදිබර නෙත් විවර කරන ඈනුම් ඇඟ හිරි යවනා
නිදිබර නෙත් විවර කරන ඈනුම් ඇඟ හිරි යවනා
මඳ සිහියෙන් දෙපස බලා සිහිනයකින් බව දැනෙනා
නව දිනයක නව පැතුමන් උදෑසනින් ගෙන එන්නා
තවත් සිහින දකින්නටම පතනෙමි අද රාත්රියේ
---රකිත---
---රකිත---
ikmaninma rathriya nima wi naewuma dawasak obata uda wewa..
ReplyDeleteඔබට බොහොම ස්තූතියි සහෝදරිය !
ReplyDelete