Monday, June 8, 2015

දිවියක කරුමය


රිදුම් දෙයි සවන්පත කන් යොමුව මත රැඳුණු
රිදුම් දෙයි තොල් සඟල සම වදන් තෙපලු සඳ
රිදුම් දෙයි පිට කොන්ද කුදු ගැසී සිටිය සඳ
රිදුම් දෙයි නෙතු සඟල නිදි වැරූ පෙර දිනට


වැඩ ගොන්න නිමා කර හැර ගියද පහේ කණිසමට
සිහිනයක් දකින්නෙමි තදබදය තුළ සිටම
ඇස නොදැකි ගත නොවැටි හිරු කිරණ නොදකිනම
නිශාචරයෙකි තුමුද දිවා රෑ සැරිසරන


අකලට පැසෙන නරකෙස පවසයි ගෙවෙනා වසත් කාලය
පිටුපා යන ඇගේ රුව හඟවයි බොඳව යන පෙම් සිහිනය
නෙතු කෙවෙණි තුළ රැඳුණු කඳුල පවසයි සිතේ දුක
හෙළන දුක් සෝ සුසුම හඟවයි තනිකමේ කරුමය


පවක් කළ ඇති නම් බේරුමක් නැත මෙමට
වරදක් කළ ඇති නම් සමාවක් නැත මෙමට
දොසක් ඇති නම් නිදොස් බව නැත මෙමට
ගැටළුවක් ඇති නම් විසඳුමක් නැත මෙමට


කෙම් බිමක් දකින්නෙමි රුදුරු මාරු කතර තුළ
රිදී රේඛාවන් දකින්නෙමි රැඳෙන කළු වළා තුළ
මිරිඟුවක් වූ දිවිය ගෙවන්නෙමි සෝ සුසුම් තුළ
කරුමයක් වුවද මෙය ගමනකි සසර මග තුළ



---රකිත---      

No comments:

Post a Comment