තනිකමේ රුදු කතර
ගෙවන සඳ මිරිඟු මැද
අහම්බෙන් ඇද වැටුනු
හිරි පොදය ඔබ සොඳුරු
මුවා කළ චණ්ඩ හිරැ
දෑත් බැඳ තුටින් අප
පා නගිමු පෙර පෙනෙන
කෙම් බිමක පහස ලැබ
අදිටනින් සෑම දින
දිවි ගමනේ සත් සයුරු
ජයගන්න සිහින මැද
එක පිටට එක තබා
තැනූ සිහින මාළිගා
බිඳ වැටුණි ඒ සැණින්
එකම කෙටි පණිවුඩයකට
වරද කොතනද වැරදි කවුරුද
කියනු මැන නොසඟවා මට
පරිණතව ඇති මනස නිසි වයස
නොගැලපෙන බව කියයි
අදහස්ද මත වාද
දුර දිගට යනු ප්‍රථම වෙන්වීම සුභ
බවද සඳහන්ව තිබුණි එහි
කෙටියෙන්ම පැහැදිලිව
පෙම් කළ සිතින් වයිර
නොකරන්නෙමි කිසි දිනක
කෙටි කලකට හෝ ලැබුණු
පෙම් පහස සුන්දරය
වෙන්ව යමි ඔබෙන් මා
පැතූ ලෙස ඔබ සොඳුර
වෙන්ව ගිය මුත් හදේ තවමත්
රැඳී ඇත ඔබෙන් ලද පෙම
දිවි ඇතිතුරා ඔබ පහස
රැඳෙනු ඇත සිත් සයුරේ
වෙන්ව යමු අපි නැවත හමු නොවී
සසර ඇති තුරාවට
ඉතින් ආයුබෝවන් මගේ ආදරණිය මලී ............................................ !
---රකිත---
No comments:
Post a Comment