ලොවම දුබලව අඳුරුවන
කලක අත් හැර අපත්බියෙන් තැති ගත් පීඩිත
දනන් සොයන පිළිසරණක්
චණ්ඩමාරුත හමා යන කල
සසල කරමින් හාත් පස විහිදී
සොයන්නෙමි සෙවණක්
ආදර බර උණුසුමක් පිරි
දැවී මියෙන්නට නොව
රැකෙනු වස් ඝෝර සිසිලෙන්
පසුපසින් එමි නුඹ වෙතම
දිවි ඇති තුරා මෙලෙසින්
කුරිරු කළු වළාවන්
වසාලන අහස් කුස
අඳුරු වේ මුළු ලොවක්
අප එක්ව ගොඩ නැගූ
තාරුකා නොදිලෙන
වසාලන පාපයේ නාමයට
විසිරෙනා බලය නපුරේ
මිදුම් සයුරක් ලෙසින්
මත ගැටුම් බල ගැටුම් නැගෙන
මධ්‍යයේ වූ කෙම් බිම සොයා
නුඹ වෙතට පා තබන්නෙමි
දැකුමට ආලෝකයක් අඳුරේ
යුධ මතින් දැවී ඉරී
පිපිරී යන ලොවක
උණ්ඩ වැසි ඇද වැටී
මියෙනා ලෙසට අප
සරත් සෘතුවේ තුරු මතින්
වියුත් වූ පත්‍ර සේ පෙනෙන
බිම සිපින මාර සේනා ලෙසට
බෝම්බ අවි ගැටී ඇද වැටෙන
ගිනි නිරය මැවී පෙනෙන
දෑස් ඉදිරියට වී නුඹ දකින
සොයන්නෙමි දෙව් ලොවක් නම්
අදත් නුඹ තුරුලට වෙලා සිට
නිසැකයන් නම් නොමැති
හෙට දිනක පැතුම් නැති
වැළඳ ගමි තව වතාවක්
සිතේ අවසන් ලෙසින
බල කාම පල්නේ
අභික්‍රමණ වන්නට මතුව
වියරු වූ උන් සෙනවියන්
සිව්රඟ සේනා රැගෙන
වෙන්ව යමු දෙපසකට
රැකෙන්නට හෙට දිනට
රැගෙන යනු මතකයක්
උණුසුම් ලෙසින් දිවි තුරාවට
---රකිත---
No comments:
Post a Comment