Tuesday, November 29, 2022

~~ පැමිණීම ~~












මද නලින් සසල වන 
තුරු ලතා අතර වුව
නීල නුබ ගැබ තුළත් 
ඇති සේද වළාවන්

කඳු වළලු නුබ සිපින 
සිසිලසින් මන්මත්ව
වසන්තය උදා වන 
බව දනිමි පමාවී වුවද

කුසුම් සුපිපෙනා 
තැනිතලා මැද සොඳුරු 
සිහිවෙනා කල සිරව ගිය 
නගරබද දිවියට

නිරන්තර ලෙසින් 
නිති සිහිවෙනා කලට
පැමිණෙන්න සිත් ඇතිය 
ආපසු ඔබ වෙතට

සියොත් නද රැව් දෙනා 
මිහිරි නද විසිරෙනා
මලින් බර ඵලින් බර 
කෙත් වතුද සරු වෙනා

කලක නුඹ දැක ගන්න 
දින ගණින සැන්දෑවේ
පොර බදන ජීවිතය 
සිරව ඇති තරගයක නැවතී

කාසි පනම් රන් කහවණු 
ධන බල ලබන්නට
වෙර දරා හිරිවැටී 
නැවතුමට මද විවේකයකට

දැකුමට යථා බව 
වටහා ගැනුමට සැබෑ ලොව
පැමිණෙන්න අවසරද 
ආපසු ඔබ වෙතට මට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---





No comments:

Post a Comment