Sunday, February 26, 2023

~~ පසුව අවසන් ~~




රචනය කරම්ද ලිපියක් 
විද්‍යුත් තැපෑලක්
කෙටි පණිවුඩයක් 
දුරකථන ඇමතුමක්

නිහඬ වූවෙමි 
නොලැබෙන සඳ පිළිතුරක්
නොපෙනෙනා ලොවට 
කුමට අනාගතයක්

නිරන්තරයෙන් අප දුටුවත් 
එකිනෙකා මුහුණින්
නොවේ තව දුරටත් දැකුමට 
හුරුපුරුදු ලෙසකින්

හැකි නම් වන්නට මුවා වී 
ලෙසකින් අතුරුදහන්
සමු අරන් නික්මෙන්න 
හමුනොවනා ලෙසින්

බිඳී විසිරී ඇති ගොඩ නැගූ 
සිහින අප එකට
මතකයක් පමණි අද 
එක් කොනක සිතට

ගමන් මග කොයිබටද 
නොතේරෙන කලට
කුණාටුවකි අද මුළු ලොවම 
නුඹත් නැති විට

කාලයා නොදැනීම 
අප පසු කරන් යනු ඇතිය
මතක අමතකව යාවි 
තරගයට ඇති වේගයෙන්

තනිව එක් මගක යනු වස්
සිත් හදත් ගොඩනගමි
එකම එක ඉලක්කය පමණි
සිතක ඇති සැනසුමත්

වරම් නැත ලබන්නට සුවය
ඒ සොඳුරු මහිමයක
පෙර කළ පාපය ගෙවුමට
රකිමි බඹසර නුඹ නාමයට

--- රකිත ---





No comments:

Post a Comment