Monday, June 17, 2024

~~ ඉටු මිතුරු ~~




අසුන හිස්වී ගෙවී ගිය මුත්
අදට හරියට සත්දොහක්
අදයි ලැබුනේ ලියන්නට නම්
මටත් හරි ඉස්පාසුවක්

ලොකු දුරක නොව තවත් ඉන්නේ
පෙනෙන මානෙක අපි ඉතින්
හැකියි නම් අත වනන් හෙට මට
ඔය පෙනෙන කවුළුව දෙසින්

හිස් වූ අසුනයි පිරුණු අසුනයි
එකම සේයාරුවක ගත්
කදිම හිත ඇති මිතුර නුඹමයි
සත් වසට පෙර හැඳිනගත්

නොමියෙනා මහ මතක ගොන්නක්
එකතු වී ඇත සත් වසක්
කෙසේ වන්නද එසේ අමතක
ඒ සොඳුරුතම මතකයන්

දුන්නු ගුරුහරුකම් සියල්ලන්
මට අගෙයි අදටත් හෙටත්
සොඳුරු මිතුදම් පිරුණු හසරැල්
වටී මහමෙරකට තරම්

හැඳිනගත් ඒ සොදුරු හදවත් 
හදේ පතුලෙම රඳවමින්
බලලා යන්නට හනික එන්නම් 
ලැබුනොතින් ළඟදිම ඉඩක්

Thank you Roki🙏

අවුරුදු හතක මතක කැටිකොට ලියුව ලස්සන කවිවලට🙏


--- නදීශානි කළුගම්පිටිය ---





No comments:

Post a Comment