වෙහෙසකර දිනක
අග පීඩිතව ගිය
සිතට
සැනසුමක් සොයන්නට
පහසක් විඳින්නට
නොවේ ඒ කිසි
දෙයක්
සන්තකව දිවියකට
කලකිරී පිය මනින
සුපුරුදු වූ
නවාතැනකට
කල් ගතව ඇවෑමට
වසන්තය නික්ම යන
ගිම්හානයේ දොරටු
විවර වී ඇතිව එන
ලවනතත්
වියැකෙමින්
තුරුණු කම නිමවන
වටහා ගනිමි දින
දිනම
සැන්දෑව උදා වන
තුරුණු සිත
සිරවෙලා
වැඩිහිටි ගත තුළටව
සිතුවිලිද ඉවත ලා
දොස් දකින ලොවට බියව
තනිව සිටිනෙමි
තැවෙමින් අහිමි
වූ දෑ දකින
නවමු පරපුර ගමන
යන
අප සිටි තැන්ද
පසු කරන්
දිව යන්න ඒ සමග
වෙර නැතිය පෙර ලෙසින්
නවතිමිය දැන්
මෙතන
වෙහෙසයි නම් දැන්
ගතට
හිමි නොවන දෑ
වෙතට
පෙම් බඳින සිත
කදිම
වෙමින් ඇත දින
දිනම
වියපත්ව ගත තුළම
තුරුණු සිතුවිලි
දැහැන
වදනකට පෙරළමින්
අකුරු කරනෙමි
ඉතින්
අංකිතව ජාලයට
එදා රැඳි ප්‍රේමයක
සිතුවිල්ල සඟවලා
සිනාවෙන් වසා ගමි
දොම්නසක තතු සලා
මතු භවක ලබන්නට
අහිමි දෑ ඉත
සිතින්
පිං කරමි ලබන්නට
සැනසුමක් මතු සසර
--- රකිත ---