Tuesday, April 3, 2018

~~ නිමා වූ සීමා ~~












එක් වසක්
දෙවසක් නොව
වැඩි පස් වසකටත්
ඉවසා වදාරා
සිටියෙමි
කෙරුම් කියුම්
ඇනුම් බැනුම්
උපහාස අපහාසයන්


ලද හැකි ලෙසින්
මිනිසෙකුට
කළ හැකි උපරිම
අපහාසය
වින්දිනෙමි නිරතුරු
සිටිමින්
සෝපහස මුහුණු
අතරට


දිනපතා නිතිපතා නොමැති
නිසි හේතුවෙන්
අසා කරනා උපහාස
අපහාසයන්
සිනාසෙන උන් හඬ නගා
විටෙක නිහඬව
දරා සිටියෙමි
සිතා ගෞරවය තත්වය


සීමාව ඇත ඉවසුමට සැම
කෙනෙකුගේ
රතු ඉර වැදුණි අද සත්
වසකටද පසු
නොමනා කීමකට මා
බිණියෙමි වදනක්
වැඩිමහලු මිතුරු වෙත
පලයන් ලෙසට


සංස්කෘතිය සදාචාරය
සමාජ තත්වයන්
ආචරධර්ම ගෞරවය හැසිරීම
යන කරුණු
වැගිරෙන අයුරු දුටුවෙමි
පැවසූ එක් වදනට
සියල් සේවක පිරිසෙන්
එක්ව එරෙහිව


අසැබි වදනින් දිනපතා
නිතිපතා
කරන කළ අපහාස
උපහාස
තිබුණාද තොපේ ඔය
මහලොකු ගුණ දම්
සත් වසක් තිස්සේ
පොදි ගසා


ලෝහිත සීමාව පැනිමි සත්
වසකටද පසුද
අවදි කළෙමි වදන් කිසිදිනක
නොතෙපල
සදාචාරය ඉගැන්වුමට
තෙපි කවුරුන්ද
මින් මතු නොමැත තොප හා
සරදම් කම්


අත් හළෙමි අනුකම්පාව
ඉවතලමි ඉවසීමද
නවතමි පසු බැසීමද
මෙතැන් පටන්
වෙමි ආරක්ෂා පහර දෙමි
මියෙන්නටම
ගෙනෙමි විනාශය සතුරු වූ
සියල්ලන් වෙත


---රකිත---




No comments:

Post a Comment