Sunday, April 8, 2018

~~ මිතුරියට ~~











මදහසින් සුපුරුදු
හඬින්
කරන ආචාරය සුභ
උදෑසනකට
නොමැත කිම අද
මිතුරියේ ඔබ
තවම තරහද පෙර
පැවසු වදනට


තෙපලනා උන්
නොහොඹිනා කියමන්
ඉවසුවෙමි
සත් වසක් නිහඬව
රතු ඉරද ඉක්මවිය
එදින මා හට
පිපිරුණු කල වේදනා
සත් වසක


වැඩිමහලු වූ ඔහුට
බිණු වදන්
නොගැලපෙන බව
පසක් කළ ඔබට
කෝප වේදනා පිරුණු
සිතැතිව සිට
මුදා හැරියෙමි දොසක්
විලසින


නිහඬ වූ ඔබ ඒ වදන්
අසමින්
නොදුටුවෙමි සිනහා
ඒ දින සිට
නිවුනු සිත අද තැවේ
දොම්නස
නොසිතා මුදාහළ
වදන් මත සිට


උදෑසන එන නිහඬ
පිරි වත
දුටිමි ඒ පටන් දින
කිහිපයක
සිතේ කහටක් ඇතිද
තවමත්
මිතුරියේ පෙර කියූ
වදනට


සමාවනු මැන කියමි
හද පතුලින්
පිළිගනිමි වූ වැරදි
මා වෙත
නොබිණිමිය මින් පසුව
ඔබ හට
සිනහා වනු මැන හෙටින්
පසුවද


සවන් පත් යුග
බලා සිටිනා
ඔබේ වදනින් සතුටු
වන්නට
සිනා වපුරමු අමතක
කර දමා පෙර දෑ
තුටු ලෙසින් සුපුරුදු
හඬින් මිතුරිය


---රකිත---



No comments:

Post a Comment