Friday, November 5, 2021

~~ වෛශ්‍යාලය ~~













හිරු ගිලෙන සැඳෑවට 
අඳුරු නුබ ගැබ රැගෙන
මං හසර කොනක සිට 
සොයන බඩ වියත ඇති

රස බලන්නට තහනම් තුරු ඵලය
ඇදෙන දනෝ විසි කර රන් මසුද
මොණර කොළයේ මහිමයට වූ
සළු පටක් ඇත එසවෙලා අහසට

සූරා කමින් රීරි මාංශය ගත
අසහනය පිටකරනා පිරිමි කම්
තලා පොඩි කර යහන මත
පිටව යන සඳ සුදනන් විලස

වැසි දිනක එක් රැයක සිසිලස
මැදින් උණුසුම සොයන කල
අහඹු ලෙස පැමිණි නුඹත්
වසන්තය රැගෙන මා ලොවට

නළල් තල මත සතපවා හාදුව
අරඹලා ඔහු තලයක් වයන
නොතලවා මල උරා රොන් පොද
පහස ලැබීමි පෙර දිනක නොලැබූ

නොකළ හිරිහැර කිසිඳු විටකදි
පහස පිදුවෙමි සැනසුමට ඔහු
මිහිරි සිතුවිලි රටා සිතද පූදින
කවුරුන්ද නුඹ මා හදට ලං වූ

නොවේ වරමක් පති දම් රකින්නට
ආලයට පෙරුමන් පුරා නොලැබුනු
වෙලී උණුසුම ලබා නුඹ වෙතින්
ප්‍රේමයේ ඵල නෙලූ කුලුඳුලේ අද

රැළි පිටට රැළි නැගෙන ඒ සොඳුරු රාත්‍රිය
නුරාවත් දයාවත් සෙනෙහසත් මුසු වෙලා
සමුගෙන ගියත් මිට මොලවා මිලක්
කෙසේ නම් කියන්නද මිලක් නුඹ හට

විදී කොන අඳුර මැද පුරුදු රැකියාව මත
සොයන්නෙමි නුඹේ රුව දකින්නට තවත්
කැවුත්තේ කොනක සිත ඇතුලේ තනිව
අමුතු හැඟුමක් මතුව ඇත නුඹ නමින්

අනේ මහත්තයෝ තවත් එක් වරකට වත්
පැමිණෙන්න දකින්නට වදනක් කියන්නට
මිලක් නම් ඕනෑම නැත පුදන්නෙමි සියල්
සනසන්න සිතක් උණුසුමක් ඉල්ලන

---රකිත---





No comments:

Post a Comment