Sunday, October 24, 2021

~~ සැන්දෑ සිතුවිලි ~~



පැමිණි සඳ අගට 
තාරුණ්‍යයේ
වසත් කල කුමට 
නොලැබූ එදා

නොවේ සිතුවිලි 
පෙර සේ රැඳී
ගිම්හානයේ 
අබිමුවක සිටිනා

සැබෑ ලොව 
සැබෑ ලෙස දකින
නොවේ සිහිනයන් 
නම් සිතක

සොඳුරු ලොවක 
පිරී ඇති පැතුම්
එක් වෙනා කල 
හිස් අවකාශයට

ඇදී යන සිත නේක දෑ 
ඇති ලොවේ
නොවේ නම් තව ඇත 
සන්සුන් ලෙසේ

මිනිස් කම් ඇති අගය 
දැනෙනා වැඩිව
තනි වූ ලොවක සිටිනා 
ටික කලකට

කාලයට හුරු වෙලා 
තලයට වැඩ වෙලා
අවැසි නැති කල තවත් 
විසූක දස්සනයන්

චණ්ඩ වූ රිවි මඬල 
අවර ගිර බැස යන සේම
හැඟුමන් මිනුමන්ද 
ගලා යන හැඩ දකිමි

කළ යුතු දෑ 
බොහෝ ඇති මුත් 
කාලය එන 
කල හරහටම

සිත් යොදවමි 
සිප් සතරේ 
අවසන් කඩඉම 
ජය ගැනුමට

පෙර භව කළ කම් 
පල දෙන විලසට 
වරද නැත අත 
අන් අයවලුන්ට

ජිවිත ගමනේ 
අවසන් කල් එන තුරු 
සිටිමි නිහඬව 
දිරි ගෙන සිතකට

---රකිත---





No comments:

Post a Comment