Monday, February 5, 2024

"I remind u!" (මතක් කරමි) (Remake)



නොදැනීම කල් "ෆෝටි" නෝටිම වීම
ඔෆීසියෙ වැඩ එක්ක වසන්තය ගතු කීම
කාසි එක්කම හටන් ජීවිතේ යට වීම
දන්නවද සොඳුරියේ විසිපහයි මට තාම

ආදරේ හිරකරන් නොකියාම සිටියාම
ප්‍රශ්නම මතු කරන් කරදර දරාගෙන ඒම
අනුරාව යට කරන සැබෑ ලොව සැර පෑම
අමතකය  ඉඟි කරන් ප්‍රේමෙ කෙඳිරිලි ගෑම

දුර තියන් දුටුවාම ආශාව ගත ගත ලීම
තෙපලන්න බැරි කමට සඟවලා ගත ලීම
අප්‍රකාශිත වූ ලෙසින සිනාවෙන් හැර ලීම
අනුවණ කම් දැනේ කළ කී දෑ සිත ලීම 

කාලයා බැට දුන්නු වුවනට ප්‍රතිකම් කීම
බැහැ තවත් හැඩ වෙන්න කෙසුත් ගැලවී යාම
මුදු මොලොක් පෙනුම නොව පරිණත වීම
කොලු කමට සිත දුවන තම මම එහි වීම

පසු කරන් මග සියල් ගමන ඇත නිමවෙලා
මම තවම අතර මග නොදැන අතරමං වෙලා
හිටි හැටියේ ගිනි පුපුරු හදවතේ දැල්වෙලා
පමා වැඩි වග දැනෙයි අනේ නුඹ නික්මිලා

අහිමි කම වී දැනෙයි ඔබව මට නොලැබීම
යහනෙ කොට්ටය දනියි නෙතට කඳුළැලි ඒම
හදවතට සහනයකි නිතර සුසුමන් ලෑම
හතලිස් වැනි උපන්දිනයට විසිපහයි මට තාම

~~ එච්. එම්. ආර්. බී. රත්නායක ~~


සැබෑ කවි නිර්මාණයේ ගෞරවය : Ishu S Weerawarna New

ඇයගේ නිර්මාණය වූ "I remind u!" (මතක් කරමි) කවි පන්තිය  ඇසුරින් මෙම නිර්මාණය සිදු කළ අතර ඇයගේ කවි පන්තියේ පද කිහිපයක කුඩා වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කිරීම සහ නව කවි පද කිහිපයක් එක් කිරීම පමණක් සිදු කළෙමි.



No comments:

Post a Comment