පැමිණ කොළොම් පුර
මංමුලා වූවාද තොප
දියක් නැති මානයේ
නිල්ල නැති ලෝකයේ
වෙහෙසද නුඹටත් අද
මටත් වෙහෙසයි ඉතින්
නුඹට ගොදුරු නැතිවාද
මටද නැත කාසි පනම්
සාගින්නේ නුඹ දැවෙන සඳ
මා දැවේ සිතේ ගින්නෙන්ම
තිරිසන් නුඹත් මිනිස් මමත්
එකම තැන්හි සිටි අපූරුව
හිමි වන්න නියම වූ දෑ සියල්
කපා සොරා ගත් නොමිනිසුන්
අතර අප කුමක් කරමුද ඉතින්
බලා සිටිනු වස් නිහඬව සිටන්
සැඳෑ කල් නික්මෙන්නටද
නැති සඳ කහවණු ලැබුම
දුගී ලෙස හැර යමුද අපි
නිල්ල පිරි දිය කඩ සොයා
--- එච්. එම්. ආර්. බී. රත්නායක ---
No comments:
Post a Comment