Thursday, April 25, 2024

~~ සොඳුරු පැතුම ~~




සිහිනයක් දකින්නෙමි
පතන්නට පැතුමකින්
ඉටු නොවන සඳ වුවද
සිතුවිල්ල මනරම්ය

පෙම් බැඳිව සිත් ගත් ඇයට
එකත් පසව එක් පියසි යට
ගොඩ නැගූ ලෝකයක සුවය
ලබන්නට පුංචි දියණියක

නොලැබෙනා කිසිඳු දින
හිමි නොවන ඒ පැතුම
සඟවමින් දොම්නසක්
පාමි හසරැල් ලොවට

දියණියන් පුතණුවන් දුටු කලට
හැඟේ ඒ මාගේම වෙන ලෙසට
සෙනෙහසක වෙනසක් නොවන
දූ දරුවන් වෙත සැම ලෙසින් සිට

මතු භවක හෝ ලබන්නට
දියණියක් සුරතල් දකින්නට
පතන්නෙමි දෙව් බුදුන් වෙත
සොඳුරු දිවියක් විඳින්නට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---

No comments:

Post a Comment