Wednesday, April 24, 2024

~~ මතු නික්ම ~~



වස්සානයෙන් ඔබ්බට 
ගිම්හානයේ මොහොතක 
නික්ම යන්නට මතුව
මදක් නවතින්න සිත

හැර දමා යන සියල් දෑ 
වෙර වඩා හිමි කෙරුනු
අයිතියක් නොමැති සඳ
අපට අප වුව නොමැති

මළ හිරුට ගිලිහෙන්න
ක්ෂිතිජ ඉම සීමාව
සංසාර ගමන තුළ
නවාතැන් වූ ජීවිතය 

සිහින ඇති බිඳ වැටුනු
පැතුම් ඇත ඉටු නොවුනු
දොම්නස්ව සිටි කලක
තුටු සිතක් සොයන්නට

ධාවනිත ලොව අතර
මදක් ගිම් නිවන්නට
නවතින්න අවසරයි
සැනසුමක් ලබන්නට

-- එච්. එම්. ආර්. බී. රත්නායක ---

No comments:

Post a Comment