Monday, August 24, 2015

ගැටලුවක් ?









අහිමි විය ළමා කාලය 
ගෙවුණි එය ගෙයි 
බිත්ති හතරට 
මතක පෙළ තුළ 
තවම ඇත 
කුඩාවුන් කෙළින 
රඟ 
බලා සිටි අයුරු 
ජනෙල් කූරු 
අතරින් 

අහිමි විය හිරිමල් 
තරුණ විය 
ගෙවුණි එය ගෙයි 
බිත්ති හතරට 
මතක පෙළ තුළ 
තවම ඇත 
සමවයස් යහළු 
යෙහෙළියන් 
යෞවනය තුටින් 
විඳින සඳ 
බලා සිටි අයුරු 
ගේ දොරකොඩ 
සිට 

අහිමි විය යෞවනය 
ගෙවුණි එය ගෙයි 
බිත්ති හතරට 
තහංචි දේපළ අයිතිය
ඔස්සේ 
මතක පෙළ තුළ 
තවම ඇත 

දෙඅත් බැඳ නිසි 
වයසේ  
පතිකුලයට ගිය මිතුරු 
මිතුරියන් 
දිවිය විඳින සඳ 
බලා සිටි අයුරු 
මාවතේ 
සිට 

නර කෙස පැසී 
ඉදිරී වැටෙන 
සඳ
මුව රැළි වැටී 
දත් එක දෙක 
වැටෙන කළේ 
දෑත දෙපය 
වාරු නැතිව 
සිටින කළේ 
වෙවුලමින් වුවද 
සිටිමි 
නිහඬව 

අසමි එක් පැනයක් 
ඇයිද නුඹ මගේ 
දිවියේ 
ස්වර්ණම යුගය 
සිරගත 
කළේ 
නිවස් අඩසියේ ?
දනිමි 
නුඹ කවුදැයි 
එහෙත්  නොකියමි 
ලොවට 

උඩ බලා කෙළ ගසා ගත නොහැකි කළ................................... !   

---රකිත---



No comments:

Post a Comment