Wednesday, August 26, 2015

ඇය ගොළුය මා හද ගොළුය


















පැය අටේ මෙහෙය 
අවසන්ය 
එළි බටිමි නික්මෙන්න 
නිවහනට 
රෑ බෝවනු මත්තෙන් 
නැගුණි අධි 
වේගයේ රථයක 
කල් ඇතිව 
පිටවන්න 

මුදු අඳුර විසිර යන 
සන්නාලි කලාපයේ 
වියමන් නිමා කර 
නික්මෙන්න 
පොරබදන 
සන්නාලි කුමරියන් අතර 
දිටිමි මා ඔබ රුව 
නිහඬව පසෙක
සිටින 

ලංව දෙස බැලූ වුවන
මද හසක් පෑව 
ඇය 
නිහඬවම වෙනතක්ම 
බලා සිටි සඳ 
තනිවුනෙමි 
ජංගම දුරකථනය හා 
සමග ක්‍රීඩාවට 
යොමුව 

නිවහනට යාගන්න  
බසය පැමිණ ඇති 
වගට මුදු 
නදක් නංවමින් 
පැවසීය 
නික්මෙන්න කාලය 
අසුනක් ලැබුණි ඇය 
ලඟම දොඩමළුවන්න 
සිහින ලොවක 

ගමනාන්තය විමසුවෙමි 
දෙසවනට මුව යොමා 
ඇය වෙතට 
මුවින් මද හසක් 
නැගූ ඇය 
ඉඟි බසින් 
තෙපළුවේ හඬ 
අහිමි බව 
සොවින්   

සිනහවෙන් පිරිණු 
අගේ වත 
මා දෙස
යොමුවූ කළ 
ගොළුව ගිය 
මගේ හද 
කුමක් තෙපළමිද
ඇය 
සැනසුමට 

ගොළු නුඹ නොව 
මමය 
පුදන්නට 
සැරසුනද හද නුඹ 
කෙසේ නම් 
මා ලැබගන්නද
තත්වය, සමාජය 
රැකියා හා 
ගැටෙන 

කෙසේ පවසම්ද 
ආලය 
අයිති නැත 
අපට 
අයිතිය 
සින්නක්කරව 
ඇත 
කුරිරු 
ලෝකයට

---රකිත---      

( සත්‍ය සිදුවීමක් ඇසුරිණි )






















No comments:

Post a Comment