Wednesday, August 19, 2015

දුකම පමණි නැත සතුටක්

බඳ වටා අත යවා 
තුරුළු කර ඔහු 
උරෙහි 
හිස හොවා 
බොළඳ බස් 
තෙපලමින් 
යකඩ අසු පිට 
නැගී
උජාරුවෙන් 
යනු දිටිමි

තදබදව ගිය 
බසයෙ 
කවුළුවට මුව 
කමල 
සිරව ගිය 
කළ
සිතුනි අහෝ 
කළ කරුම 
පළ දෙන 
රඟය 

පැය අටේ 
වෙහෙසකර කෘත්‍ය
අවසන්ව බට 
අසුන් ගත් වුවද 
කොන 
නිදිබරව නෙතු වැසෙන 
සුවය විඳිනට 
ප්‍රථම
දඩස්‌ යන හඬින් හිස 
හැපෙයි කවුළු උඩ

සිහින දකිමි රෑ තුන්යම
මිහිරැති වසත් සමය 
පෙනෙන 
දුකම පමණි නැත 
සතුටක් 
සෙක්කුවේ බැඳි 
ගවයා මෙනි 
එනමුදු පසු 
නොබසින්නෙමි
දිරියෙන් ඉදිරියටම යමි

---රකිත---  

No comments:

Post a Comment