Saturday, March 3, 2018

~~ විරහිත සිත ~~












ඇස් වහද කට වහද
වදින්නට
ඉඩ නොමැත
කවි නිසඳැස්
පදද කරන
ගෙත්තම්
නොමැත රස හැඩ
සිතන තරමට


උල්පතක් බඳු ගලා
හැලෙනා
සිතිවිලි දහර
හැඟුමන් හදේ
නොමැත
මෙලෙසකට අද
පාෂාණීභූත
රුවක විලසින


ගෙත්තමට කවක්
නිසඳැසක්
සොයන්නට ප්‍රස්තුතයක්
සිතින්
ඇති නම් මිතුරු මිතුරිය
ඔබ වෙත
පවසනු මැනවි කර
අනුකම්පාවෙන්


නිදි නැති රැයක
අවදිව සිට
වෙහෙසකර නෙතු
බලා තිර මත
යතුරු පුවරුව මත
ඇඟිලි තුඩු
නිහඬ වන්නට අරුම
කිම අද


පිනවනා සිත මන්මත්
කරවමින්
නෙත නොදුටු සොඳුරු තැන්
බොහොම ඇත
මවාගන්නට සිත
තුළක මිහිරක්
නොහැකි විය මුසු
කරවන්නටද හැඟුමන්


තරගය වැද දිවෙන
ලොව තුළ
ජයගනු වස් දිවි
ගමන් මග
ඉගෙනුමට ඇති දෑ
බොහෝ ඇත
වෘත්තියද ඉහළට
ගමන් මග


කලා බර සිත නිහඬ
නොවනට
කරනු අවැසිය සතත
අබැසිය
නව රසින් පිරි නිර්මාණ
විඳිනට
භේද නොමැතිය කලා
ලොව හට


සිහින දකිමින් මවා
නව ලොව
ගලනු මැන සිතිවිලි
හැඟුම් පිරි
ගෙත්තමට කවි පදද
සිත් ලෙස
මිහිර විඳිනට සුමුදු
කලා බර සිත


---රකිත---



No comments:

Post a Comment